Friday, July 15, 2011

නායකත්ව පුහුණුව මගේ ඇසින්....

         අම්මේ..හුග දවසකින් මේ පැත්තේ ආවේ.කට්ටිය දන්නවද මන්ද පිසාචයත් නායකත්ව පුහුණුවට ගියානේ.

මගේ අදහස නම් නායකත්ව පුහුණුව කියන්නේ...අතිවිශිෂ්ඨ වැඩපිළිවෙලක්.
 
   නමුත් එහි යාමට මත්තෙන් සිසුන් තුල තිබූ  ඍනාත්මක  සිතුවිල්ල හේතුවෙන් සියළු දේ අඩුපාඩුවක් සමඟ දකින්නට අතැයි මට සිතේ.
 
   මා නම් එම සති තුන හදවතින්ම වින්දෙමි......

        ඉරිදා දිනය අපට නිවාඩු දිනය වේ.අනෙකුත් සියළුම දවස් වල සියළු දෙනා උදේ 5.00 වනවිට තේ බීම සඳහා පෝලිම් විය යුතුය.එබැවින් කොල්ලන් සමහරු උදේ 3.30 ටත් අවදි වී තම අවශ්‍යතා ඉටු කරගෙන පෙල ගැසෙති.


      රෑ එක දෙක වනතෙක් ජ0ජාලයේ කරක් ගසා සිට පසුදා උදේ දහයට පමණ අවදි වන මා හට, මෙය තරම් අප්‍රිය වූ තවත් දෙයක්  නොවීය. ඔවුන්ගේ සද්දයට අසරණ මටත් නින්දක්  නැත.

        තේ බීමෙන් පසු 5.30 වනවිට ශාරීරික අභ්‍යාස(PT) සඳහා පිටත්ව යයි.උදේ අවදි වීම කෙතරම් අප්‍රිය දෙයක් වුවද  PT  තරමක් විනෝදජනක විය.අප පෙළ ගැසෙමින් අදාල ස්ථානයට යන විට සියල්ලටම ඇසෙන ලෙස පිරිත්  හෝ දේශාභිමාන ගී වාදනය කරයි.මඳ අඳුරේ සිට  ඒවාට සවන් දෙද්දී සිතට අමුතුම හැගීමක් එයි. ඉන්පසු සියළු දෙනා එක්වර උස් හඬින් ජතික ගීය ගායනා කරයි.එවන් මොහොතක සිතට දැනෙන හැගීමද වචනයෙන් විස්තර කළ නොහැක.
         පළමුව කිලෝමීටර් දෙකක් පමණ ඇවිදිම හෝ දිවීම කරයි.ඉන්පසු අතට, පයට, ඉනට ආදී සියළුම තැන් වලට ව්‍යායාම කරයි.එය අන් අයට කෙසේ වෙතත් මට නම් ආශ්වාදජනක දෙයක් විය.

 

              ඉන්පසු උදේ 7.00 වන විට උදේ ආහාරය සඳහා පෝලිම් විය යුතුය.ගෙදරදී නම් අම්මා විසින් කෑම එක බෙදාගෙන විත් අතටම දෙන නිසා මෙසේ පෝලිමේ සිටීම නුහුරු දෙයක් විය.එබැවින් අවසානය තෙක් පැත්තක පුටුවකට වී සිට නිවිහැනහිල්ලේ කෑම බෙදා ගැනීමට මාත් තවත් කිහිප දෙනෙකුත් පුරුදු විය.
             
   

    උදේ 8.00ට ඩ්‍රිල් (මාච් පාස්ට්) සඳහා පිටත් විය යුතුය.එය පැයක පමණ පුහුණු වීමකි.එයද අවුලක් නෑත.මුල් දින වල තරමක් අමාරු වුවද,පසුව සියළු දෙනා එකම තත්පරයේ අඩි බිම තබන හඬ ඇසීම පවා සිතට ආඩම්බරයක් ගෙන දෙන දෙයක් විය.

        උදේ 9.00සිට දහවල් 1.00 පමණ වනතුරු දේශන වලට සවන් දිය යුතුය.දේශන පිළිබඳව පසුව කථා කරමු.
       දේශන අතරතුර උදේ 10.15ට පමණ පිටිකිරි වීදුරුවක් ලෑබේ.

   
 දහවල් ආහාරය සඳහාද පෙර පරිදි පෝලිමේ සිටිය යුතුය.
                   දහවල් ආහාරයෙන් පසුවද නැවත දේශන වලට සහබාගී විය යුතුය.
  මා හට නම් දේශනයට පැමිණ වාඩි වනවා සහ නැවත මිතුරන් විසින් අවදි කරවූ පසු "බිලට්" එකට එනවා පමණක් මතකය.

   

       සවස 4.15ට PT සඳහා යා යුතුය.එහිදී මුල් දින වල එක් එක් කණ්ඩායමට වෙන වෙනම ක්‍රීඩා බාන්ඩ පවරා දී ක්‍රීඩා කිරීමට සලස්වන ලදි.කල්යත්ම සිසුන්ගේ අධික උනන්දුව නිසාම තමන්ට කෑමති ක්‍රීඩාවක් කෑමති ලෙස කිරීමට ඉඩ දෙන ලදි.අවසන් දින කිහිපයේ මෙසේ ක්‍රීඩා කිරීමට සිටියේ උපරිම ලෙස ලමුන් 40ක් පමණය.

   
    සවස නැවත තේ බීමට අවස්ථාව ලැබේ.ඉන්පසු නා ගැනීමට අවස්ථාව ලැබේ.පසුව රාත්‍රී ආහාරය සඳහා සූදානම් විය යුතුය.නායකත්ව පුහුණුව පැවති මුළු කාලය තුලම නෑමෙන් වැලකී සිටි අයද සිටි බව අපට වටින් පිටින් ආර0චි විය.අපට නම් ඔවුන් ගැන ආඩම්බරය.

   රාත්‍රී ආහාරය සඳහා යා යුත්තේ අත් දිගට ඇඳ සපත්තු දමාය.මෙය නම් අපට මහත්ම වධයක් විය.විනාඩි 30ක් සඳහා මෙසේ සූදානම් වීම කෙතරම් එපා වූයේද නම් රණවිරු සොයුරන්ගේ ඇනුම් බැනුම් පවා නොතකා "බොටම" සහ  සෙරෙප්පු දෙක දාගෙන යාමට අවසානයේ අප කටයුතු කලෙමු.


 රාත්‍රී ආහාරයෙන් පසු එළබෙන්නේ "ෆන් කාලයයි".එහිදී අපි දාම් ඇද්දෙමු,කාඩ් සෙල්ලම් කලෙමු,සද්දෙට සි0දු දමාගෙන නැටුවෙමු.ඊටත් වඩා ර0චු ර0චු එකතු වී තමන් දන්නා හොඳම කුණුහරප කතා තරඟයට මෙන් කීම මා හට තවමත් සිනහ ගෙන දෙන කාරණයකි.මා ද දන්නා උපරිමයෙන් ශිල්ප දැක්වුවෙමි.

     
  අවසානයේ රාත්‍රී 10.30ට පමණ කෝප්‍රල් අයියලා පැමිණ..."මල්ලිලා එහෙනම් නිදා ගමු නේද.." යැයි පවසා ලයිට් නිවයි.
 හෙට දිනයේ ඇති අවිවේකි කාලසටහන ගැන සිතමින් අපද නිදි ලොව වෙත යන්නෙමු.


           මා මෙතෙක් කතා කලේ අපගේ සාමාන්‍ය දිනයක පෙළගැස්මයි.මීලඟ ලිපියේදි අප නායකත්ව පුහුණුව තුලදී ලබා ගත් දි මොනවාද..එහි මා දුටු අඩුපාඩු මොනවාද...එහිදී මා හට සිදු වූ ඇකරතැබ්බ මොනවාද යන්න කතා කරන්නෙමි.


      කියවන්නට සිටින් සුළු පිරිස සඳහා මීලඟ ලිපිය පමා නොකරම ලබා දීමට පොරොන්දු වෙමි.(ඔබා මාමාට විශේශයෙන්)
  

 

19 comments:

  1. අඩේ, උඹට කුනුහබ්බ කතා කිව්වට කප් එකක් දුන්නෙ නැද්ද camp එකේ උන්?

    ReplyDelete
  2. හම්බෙච්ච යාළුවෝ ටිකම මැදැයි.....

    ReplyDelete
  3. අම්මෝ.... සැහෙන කාලෙකට පස්සේ පිසාච අඩවියේ පෝස්ට් එකක් දැක්කේ.... එල එල... නායකයෙක් වෙලා උඹ යහතින් ආපු එක ලොකු දෙයක්නේ.... මට මේක කියවද්දී මතක් වුනේ මගේ ශිෂ්‍ය භට ජීවිතය... උදේට තේ ගන්න පෝලිම.... රෑට කිට මරාගෙන මාර්ච් කරගෙන කන්න යන හැටි.... ඔය ඔක්කොම පරණ මතකයන් ආයෙත් අලුත් උනා..... හැබැයි ඔය වගේ ෆන් ගන්න නම් බෑ.... කොහොමවුනත් කොල්ලා බයෙන් බයෙන් ගියාට හිත සතුටින් ඉඳලා ඇවිල්ලා.... :D

    ReplyDelete
  4. හික් අති විශිශ්ඨ කෙසේ වෙතත් පට්ට ෆන් නම් තමා :P :P
    හෙන හීතල වෙලත් අපේ උන් ඔක්කොම නෑවනෙ බං :D :D
    දේශන වල නිදාගන්න තියන ඔක්කොම ඉරියවු ඉගන ගන්න හම්බ උනා :P :P
    කොහෙද බං මේ කෑම්ප් එක??

    ReplyDelete
  5. උඩ ඇඳේ ගිහාන්July 16, 2011 at 12:23 PM

    කවුද ඩෝ අපෙන් අහන්නැතුව අපේ ෆොටෝ බ්ලොග් වල දාන්නේ .....

    ReplyDelete
  6. ඒ මොකෝ බ0 උඹට උඩ ඇදේ ගිහාන් කියන්නේ...කෝ පෙන්නපන් උඹ ඉන්න එකක්....

    ReplyDelete
  7. උඹේ කතා අදහස් නැතුව මේ පැත්ත පාලු වෙලා තිබ්බ කොල්ලෝ.. දැන් ඉතින් මොනවා ලිවුවත් කමක් නැහැ. කොල්ලන්ගේ කෙල්ලන්ගේ හොඳ වෙලාවට ඕක පොලිසියෙන් නොකළේ..

    ReplyDelete
  8. @Jayya-අයියා දන්නවද...සමහර පොලිස් පුහුණු මධ්‍යස්ථාන වලත් පුහුණුව තිබ්බා.ඒකේ ඉදපු උන්ට නම් බුදුසරණයි.
    ඇල්පිටියේ එහෙම එකක් තිබුණා.තාම මට එහේ ගියපු එකෙක් කතාවට සෙට් කර් ගන්න බැරි වුණා.තත්වේ අහල කියන්නම්කෝ....

    ReplyDelete
  9. අහල පහල එකෙක්July 20, 2011 at 10:00 PM

    කෝ කෝ මේ දෙවෙනි කොටහ???
    ඒකෙ නම “නායකත්ව පුහුණුව පිසාචයෙක් ගෙ ඇස් 2න්“ කියල දාන්ට :-P

    තව රාස්ස ලෝකෙන් ආපු පෙරේත කුම්භාන්ඩ වරිගෙට නෑගම් කියන කුමාරයෙක් කෑම්ප් අඩවියකට ඇවිදින් ඒකේ හිටපු ලස්සනම ලස්සන සුරංගනාවියක් එක්ක හරිම ලස්සන වේදිකාවක පාට පාට බැලුම් බෝල ගොඩාක් මැද්දෙ මිහිරි සංගීතයට පාද තියලා Rabne bana De Jodi වෙච්චි කතන්දරයත් කියන්ට ඕනා!!!
    :-)

    ReplyDelete
  10. අපේ වික්ටර් අයියව අමතක කරල කෝමද...ඒකත් දාන්නම්.තැන්කු කොල්ලො...

    ReplyDelete
  11. පිසෝ, පෝස්ට් එක දාල දවස් හයකට පස්සෙ දැක්කෙ. නිකමට උඹේ බ්ලොගේ තාම තියෙනවද කියල බැලුවෙ. අප්පට සිරි ගජ මගෙ ශ්‍රී නාමේත් අග හරියට වෙන්ට මතක් කොරල තියෙන්නෙ. උඹ නං ෆුල් සොමියක් දාල තියෙනවා කියල පේනවා, හැබය් වි. විජ්ජාලෙ පටන් ගත්තට පස්සෙ ජෙෂ්ට උත්තමයන්ට එහෙම ඔය බව නිකමටවත් අඟවන්න නං එපා පිසෝ, උඹට රැග ඩබල්, ට්‍රිබල් වෙය්.

    ReplyDelete
  12. ම0 ඒත් බැලුවා ඔබා මාමා මොකද මේ පැත්තේ නාවේ කියලා.....
    ඔබා මාමගේ උපදෙස් ඒ විදියටම කොරන්නම්.....
    අනිත් පෝස්ට් එකත් ඉක්මනට දානවා...

    ReplyDelete
  13. මං මේකට ඉස්සෙල්ල දමපු කමෙන්ට් එක ගිල්ල පිසාචය කවුද ?? නැත්නම් මම ඒක කොටල එව්වෙ නැද්ද මන්ද..? මන් කිව්වෙ.. අපිට ඉරිසියයි නායකත්ව පුහුණු අපිට තිබුනෙ නැති එකට.. ඒත් සතුටුයි කාට හරි ලැබෙන එක ගැන කියලයි.

    ReplyDelete
  14. ඔයා අනිත් පෝස්ට් එකටනෙ කමෙන්ට් කලේ.......හිහි..හිහි......
    පෙත්ත ගත්තද....?
    :m :m :m

    ReplyDelete
  15. ඔහොම තමයි මල්ලි.. රසවත් දෙයක් ලැබුනහම කා ගෙන කා ගෙන.. කා ගෙන යනවනෙ.. ඒ වගෙ ඔයාගෙ ලිපි ටික කියව ගෙන කියව ගෙන කියව ගෙන ගියා.. අන්තිමේ කමෙන්ටුව දැම්මෙ කොයිකටද කියලත් මතක නැහැ.. බොලේ හැබෑටම බ්ලොග් කියව කියව හිටි ගමන් පෙත්ත ගන්නත් අමතක වෙලා නොවැ..

    ReplyDelete
  16. මොකක්ද බන් ඉතින් ඔකෙ තියන පුහුනුව.
    ගෙදර හිටියත් කරන ඵවානේ දවස් 21ක් ඔහේ ගිහින් කරල තියෙන්නෙ.

    ReplyDelete
  17. ඇඩේනවා බන් මතක් වෙනකොට....

    ReplyDelete
  18. මම police camp එකකට ගියේ..අපේ ආහාර තත්ත්වය නම් අන්තිමයි..මට ඔය පුහුණුව එපා උනේ කෑම අවුල හින්ද. වෙන නම් කියන්න වරදක් නෑ. හැබැයි තෙරුමකුත් නෑ.campus යන උන්ට ආතල් එකේ ඉන්න නිකන් සල්ලි වියදම් කරපු project එකක් විතරයි!!!

    ReplyDelete
  19. මාර මෝඩ චූන් තමයි

    ReplyDelete