Tuesday, April 12, 2011

අපේ නෑනා.....

           අපේ අයිය ඉන්නවා නේද.....ලෝක අණ්ඩය.එයයිගේ මායියා ඉන්නවා නේද.....ලෝක......මේ....(අණ්ඩය  
ගේ ගෑනු සතා කවුද...?)
       ඉතින් මතකනේ එදා 03 වෙනිදා.කාටද එදා අමතක වෙන්නේ.සයිබරේ සිහින බක් මහා උළෙල තිබුනේ.අන්න එදා.එදා උත්සවේට, මට අමතරව අපේ අයියයි එයාගේ මායියයිත් ආවනේ.මායියා කිවුවට  ගෙවල් වලින් යන්තම් දන්නවා විතරයි.නිල මට්ටමෙන් තාම  කතා කරලා නැ.
    ගාල්ලටම යන්නත් ඕන හින්ද ටිකක් වේල පහින් එලියට බැස්ස.කොටුවට ඇවිල්ල නැග්ග A/C බස් එකකට.


මගේ ආසම පොට් ඒක තමයි පස්සෙම සීට් එක.
  එතෙන්ට රිංගන්න හදනවත් එකක්ම මෙන්න බොලේ අපේ එකා පාර හරස් කරගෙන.

          "කෝ...අයිනට වෙනවා මට යන්න...."

 ඒ පාර මෙන්න මේ යකා තොල් විතරක්  යන්තම් හොල්ල හොල්ල මොනවද කියනවා.ඔලුවෙන් නෑනවත් පෙන්නනවා.

 ආ...... උබල පස්සට වෙලා පෙම් කෙලින්න.ඉදපල්ලකෝ .....

      " බෑ..බෑ....මට පස්සේ සීට් එක ඕන.මට  ඕනමයි....."

 මම යුද්ධ ප්‍රකාශ කලා.
 ඒ පාර මේ යකා අල්ල ගත්ත මගේ උරහිසෙන්....

 " මේ....අන්න අතන තනියම කෙල්ලෙකුත් ඉන්නවා.ගිහින්
එකි ගැන බලාගනින්කෝ...අපිටම වධ දෙන්නේ....."

 " නැ. නැ.. කෙල්ලෝ මට ඇලජික්....."  මාත් අතෑරියේ නැ.
(වෙලාවේ හැටියට කිවුව මිසක් ඇත්තටම නෙවෙයි........)

  " ආ...එහෙනම්  මේ පෝන් එක අරන් ගිහිල්ල සින්දු අහනවා....."

 මගේ කට බාගෙට අරුණ...ඇස් දෙකත් උඩ ගියා.මේ නාග මැණිකක් රකිනවා වගේ රැකපු පෝන් එක මෙන්න මට දෙනවලු සින්දු අහන්න.10 වසරේ සිංහල පොතේ සියදොරිස්ව කට්ටියට මතකනේ.ඒකා බයිසිකලේ රැක්කේ කොමද අපේ අයිය පෝන් එක රැක්කෙත් එහෙම තමයි.

 මේ පෝන් එකේ සවුන්ඩ් පට්ටම කොලිටි.සින්දු අහන්න පුළුවන් නියමටම.

ඉතින් දැන් නම් ඉස්සරහටම යන්න වෙනවා....

 මේ අස්සේ අපේ වෙන්න ඉන්න නෑන කියනවා...
  " පව් අනේ ඔන්න ඔහේ ඉන්න දෙන්න.....මල්ලි ඔයා ගිහින් පස්සෙන් වාඩි වෙන්න.අපි මෙතන ඉන්නම්."
(පස්සේම එකට කලින් සීට් එක ගැන ඔය කිවුවේ.)

මං බැලුව අයිය දිහා....

 "නැ නැ.....ඉස්සරහට යනවා.ඉක්මනට යනවා නැත්තම් ඒ සීට් එකත් නැ....."

 මොනවා කරන්නද.. මොනවා උනත් මට වඩා දවස්   730ක් විතර වැඩියෙන් ජීවත් වෙච්ච එකානේ.කියන දේ කරන්න එපයි.

ගිහිල්ල වාඩි වුණා දොර ලගම තිබ්බ සීට් එකේ...පැය 2 1/2 විතර සින්දු අහ අහ ආවා.
   මං ගෙවල් ගාවින් බහින්න නැගිට්ට.මං අත්දැකීමෙන් දන්නවා,අපේ එකා නම් නෑනව ගෙදරටම බස්සල තමයි එන්නේ කියල.
ඒ නිසා මං නෑනාගේ දිහා බලල කිවුව....

  "යන්නම් අක්කේ....මේකව ඉක්මනට එවන්න....."
 නෑනත් කට පුරෝවල හිනාවෙලා....හා..කිවුව.
  
  මෙන්න ඒ පාර අපේ එකා මාව කන්න වගේ බලනවා.
  
මං ශේප් එකේ බැහැල ආවා.


මෙන්න පැයකට විතර පස්සේ මේකා එනවා.

ආපු ගමන් දැම්ම ඔලුව කාමරේට ....
 "මොනවද ඕයි ...අපිට උදැල්ල දාන්නේ......"

 "අනේ යනවා යන්න....... අක්කට හොද නම් ඔහෙට මොකද......"
    මටත් වැඩේ අතාරින්න හිතුනෙම නැ.

 "අනේ  මගෙන් අහගන්න එපා..උබ ..."
    "තමුසේ ඔය කෙල්ලෝ ගැන දන්න තරම තමයි......"

 "ඇයි...ඒ මොකෝ...?"

" පිට්ටනියෙන් එලියට බහිනකොටම එයැයිම තමයි කිවුවේ තමුසෙව ඉස්සරහ යවන්න කියල...කොහොම හරි....."

 " මොකක්...."

" එතකොට අර මට පස්සෙන් වාඩි වෙන්න කියල කිවුවේ....."

"ඒක  තමයි ඕයි මං කිවුවේ ඔහේ කෙල්ලෝ ගැන දන්නේ නැ කියල......."

   මෙන්න මේකා මහා පඩත්තල හිනාවකුත් දාගෙන ගියා....

  අනේ කාලේ වනේ වාසේ කිවුවලු....

අපේ එකා නම් හරිම වාසනාවන්තයි  කියල මට ඒ වෙලාවේ හිතුන.....
 තකට තක......ලෝකේ ගැලපෙනම ජෝඩුව....
  "  රබ්නේ බනා ඩි ජෝඩි....."(හරිද මන්ද...)


මොනවා උනත් උන් දෙන්නට සුබ මංගලම්......!!!!!

6 comments:

  1. අනේ අම්මපා මේ කෙල්ලොනම් මාරයි නේද??මායම් 64ඒවා කීයක් දන්නවද දන්නෑ

    ReplyDelete
  2. උඹට පවු බන්.. දැන්වත් ඉගෙනගනින් කෙල්ලෝ කොලේ වහල්ල තමයි කපන්නේ හරියට 304 ගහනවා වගේ !! අනික උඹත් මාර ජෝකියෙක්නේ.. ඔහොම කරගන්න එකාට උදැල්ල දැම්මම උඹට ඔය පාපෙට කවදාවත් එකක වැටෙන්නේ නෑ

    ReplyDelete
  3. අනිවා ජයියා අයියාට මමත් එඟකයි. උඹ ඔහොම කොක්ක දාලා දාලා ඒ පාපෙට උඹට හෙනම අජූත එකක් තමයි සෙට් වෙන්නේ..... යකෝ ලව් කරන උන්ට ෆුල් සපෝර්ට් එක දීපන්, උදැල්ල නොදා. එහෙම සප් එක දීලා ප්‍රාර්ථනා කරපන් ඒ පිනෙන් හොඳ කෙල්ලෙක් සෙට් වෙන්න කියලා. උඹ ඔය මොන සීට් එකේ වාඩිවෙලා ගියත් ගමන යනවනේ. පෙම් මුල්ලට තනිකඩ උඹ කෙල හලන එක නම් වැරදියි......

    ReplyDelete
  4. අඩෝ . . . . ලවු කරන ජෝඩුවකට උදැල්ල දානව කියන්නෙ ජාති ජාතිත් පලදෙන සහගහන අපරාදයක් . . . . ඔන්න බලපං උඹ ඔය කරපු පාපකර්මෙ පඩිසන් දීල ලබන ආත්මෙ කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති . . . . සොමි කාරයෙක් වෙලා තමයි උඹ ඉපදෙන්නෙ.

    ප.ලි. යකෝ . . . .උඹට නිකමටවත් හිතුන්නැද්ද . . . . අපිට අයියව අඳුන්වල දෙන්න ??????

    ReplyDelete
  5. @ඔක්කොටම- ඇත්තටම ඕක මං හිතල කලේ නැ.දැන් ඉතින් දන්නවනේ.ඔය ගොල්ලෝ කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා.ඒ වුනාට මට මොන තරම් උදැල්ල දැම්මත් අපේ එකට ඔය හම්බෙලා තියෙන්නේ හොද එකක්.ඌ මගේ ඒවා ඒ දවස් වල අම්මට රස කර කර කියනකොට ඌට මේවා කියල දෙන්නකවුරුවත් ඉදියේ නෑනේ..!!!

    ReplyDelete
  6. @ඕනය- සොරි අයියේ,පස්සේ අනිවා හදුන්වල දෙන්නම්.මොකෝ අපි ආයේ හම්බෙන්නේ නැතුවෙයි.....!!

    ReplyDelete