Thursday, April 21, 2011

උණුසුම් සුභ පැතුම්....

    උදේ පාන්දර මුහුණු පොත පැත්තේ ගියානේ.මෙන්න බොලේ අපේ දුලිප් අයිය සදාදරණිය පියෙක් වෙලා  කියන සුබ ආරංචිය එකේ ලියල තියෙනවා.ඉහේ මල්  නොපිපුනා විතරයි.

   ඕනෑම වෙලාවක මැන්ටල් නොහොත් ඕනය නොහොත්  ඇන්ඩසන් ළමය  ලෙස අප කාගේ කාගේත් සිත් තුල
සුවිශේෂී තැනක් දිනා සිටින දුලිප් අයියට අපගේ උණුසුම්ම උණුසුම් සුබ පැතුම් මෙලෙස පලකරමි.
        තාත්තා යැයි කියනවාට වඩා අයියා යැයි කියනවාට දුලිප් අයියා කැමතිය.

                    

      මා නිමේෂා අක්කා සමග දොඩමළු වී ඇත්තේ එක් වරක් පමණි.ඇය ඉතා ප්‍රියමනාප තැනැත්තියක් බව නොකිය බැරිය.

  ඉතින් නව මංගල යුවළ ,,,ආ...සොරි සොරි.....නව මවූපිය යුවලට....ක්‍රිකට් ටීම් එකක් සෑදීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේව.....

                      



                    

5 comments:

  1. ටැංකිවු මලේ . . . ක්‍රිකට් ටීම් එකක් කිවුවට සික්ස් අ සයිඩ් ටීම් එකක් වත් බලමු . . . . .

    ReplyDelete
  2. එල පොස්ට් එක මලේ. මට නම් ඔය දෙපල මුණගැහිලා නෑ. ඒත් ඇන්ඩා අයියා ලියන කතා කියෙව්වහම තේරෙනවා ඇන්ඩා කියන්නේ එල කොල්ලෙක් කියලා. ඉතින් ඒ දෙපලට අපේ උණුසුම් සුභ පැතුම්. ඒ වගේම මේ ලෝකෙට ආපු අපේ පුංචි සුරංගනාවිටත් නිරෝගී, සියලු සැප සම්පත් පිරි වාසනාවන්ත සුභම සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා.

    මලේ, දැන් ඇන්ඩාඅයියට අයියා කියලා බෑ. දැන් පොර ටික ටික අන්කල් පැත්තට තමයි බර වෙන්නේ. ඉස්සරහට ඕනේ අන්කල් වගේ එකක් තමයි ඕකට හරියන්නේ.........

    ReplyDelete
  3. @ඕනය- එල එල අයියේ...!!!

    @ගොඩය-තව ටික කාලෙකින් ඒකත් බැරි වේවි අයියේ.ඕනේ සීයේ වගේ තමයි.

    ReplyDelete
  4. ඇස් වහක් කටවහක් නෑ මගේ නම් හිත පිරුණා ... අද උදෙන්ම දැක්කේ ඔය මුණ තමයි හැබැයි අන්තිම පේලියේ චුටියට !!

    ReplyDelete
  5. @ජයියා: ඉතාම අකමැත්තෙන් උනත් මගේ සියලුම ප්‍රොෆයිල් පිංතූර වලට යොදාගෙන තිබුන මගේ කෙල්ලගෙ පිංතූර අයිං කරගත්තා.

    ReplyDelete