Monday, April 04, 2011

සිහිනයක් නොවූ සිහින උළෙල ...............

       අනේ ඉතින් පුරන් කොටලා පුරන්කොටල....ආ..සොරි ..පෙරුම් පුරලා පෙරුම් පුරලා.....ඒ දවස උද වුණා...
 ඇතුලට එනකොටම රු.100ක් උස්සල.අනේ ඉතින් 100ක් නෙවෙයි 1000ක් වුනත් දෙන්න හිතුන ටිකට් කඩන්න දාල ඉදිය අයිය දැක්කම.....

 
               මං එනකොට ඇතුලේ ඉදපු අයගෙන් දැනන් ඉදියේ "ඕනය" අයිය විතරයි.මගේම අයිය කෙනෙක් වගේ ඒ වෙලාවේ මාත් එක්ක ඉදියට නම් අයියට ගොඩ ගොඩා..........ක් පිං.එයාගේ මස්සිනා ස්ටීව් ටත් පිං.




   ඉතින් මං එනකොට 11.30 විතර වෙලා තිබුනේ.එනකොට කට්ටිය තොප්පි දා ගන්නවා.සමහරු නම් ඒකට උපන් හපන් තියෙන කට්ටිය.අන්තිමේදී සුදුස්සාට සුදුසු තැන ලැබුන කියල කවුද කියනවා මං අහගෙන.



           හා. හා පුරා කියල මුලින්ම ගියා බැලුම් පුම්බන්න.මොන........ ඒවාට අවුරුද්දක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලද කොහෙද එකෙක් බැලුම ගත්ත ගමන්ම පිපිරෙවුව.මට නම් හිතාගන්නත් බැරි වුණා.ශේප් එකේ අගිල්ලෙනුත් ඇන්න. ඒත් මගේ එක පිපිරුනේ නැ.අන්තිමේදී බැලුම සංවිධායක උතුමන්ටම දීල ආයි ඇවිල්ල වාඩි වුණා.

     මෙන්න ටිකකින් දවල් දානෙට වාඩි වෙන්න වුනානේ.බැරි බර ගාතේ එකත වලදල ඉන්න අතරේ "තුන් පා දුවන්න " අඩගැහුවනෙ.ස්ටීව් අයියත් එක්කම ගියා.
             කකුල් බැද ගෙන දුවන එකත් ලේසි නැ.ඉස්සරහින් ගියා එවුන් දෙන්න වැටුන නිසා යන්තම් එක වුණා.හම්මේ තියෙන සතුට.




                පස්සේ අලියට ඇහැ තියන්න ගියාට වැඩක් වුනේ නැ.හොඬවැල හරියෙන් තියල ආවා.

පස්සේ තමයි හොදම අංගය.සිහින අවුරුදු කුමරා හා කුමරිය සෙවීම.අම්මේ තිබුන ෆන් එක.සුදුස්සාට ඒවා ලැබුන කියල හිතෙනවා.


       පස්සේ කේක් කෑලි 10ක් විතර කාල හරිබරි ගැහෙන්න හැදෙනකොටම නටන්න අඩගැහුවනෙ.යන්තම් ශේප් වෙලා ඉදියේ.නැත්තම් කාටද පුළුවන් මගේ නැටුම් බලන්න.

         ගෙදර එන්න පරක්කු වෙන නිසා වේලාසනින් ආවා.ඒ නිසා පවුලේ ඡායාරූපය මට මග ඇරුනනේ.අපරාදේ.

        කොහොම උනත් මට නම් මාර සතුටුයි.සංවිධායක මණ්ඩලයට නම් අවුරුද්ද පුරාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.


   ලබන පාරත් මේ වගේම එලම එල උත්සවයක් තියන්න අදහසක් පහල වේවා.....

      ඡායාරූප වල අයිතිය ඒ ඒ අයටම හිමි වේ.
(කියවන්න කට්ටිය නැති බව දන්නවා.ඒත් හිතේ සන්තෝසයට ලිවුවා)

43 comments:

  1. කියවන්න කට්ටිය නෑ කියන්නෙ කොහොමද බොල . . . මේ මම ඉන්නෙ ගහක් ගලක් වගේ. උඹ එතන හිටිය එවු එක්ක හරියට කතා කලා නං . . . . . . උඹට ඕනෙ තරං "ලාස්ට් රෝ" එකේ එවුං හොයාගන්න තිබුන.
    කොහොම හරි උඹ ආවනේ . . . ආතල් එකක් ගත්තනේ . . . ඔක්කොටොම හරි . . . තෑගිත් ගත්තනෙ . . . ආයෙ තව මොනවද ????

    ReplyDelete
  2. එල එල මල්ලී. .. ඇත්තෙන්ම ඊයේ දවස සිරා දවසක්.
    ලබන අවුරුද්දෙත් මෙහෙම දවසක් උදාවේවායි පතමු . .

    ReplyDelete
  3. අනේ මලේ පුද්ගලිකව චැට් දාන්න වෙලාව නොතිබුනු නිසා කතා බහ කොරන්න බැරි උනා . . බලමුකෝ ලබන සැරේ කයියක් ගහන්න නේද

    ReplyDelete
  4. ඊරිසියයි බන් උඹල ගත්ත සොමියට !

    ReplyDelete
  5. @ජයියා: ඉතිං උඹටත් තිබුනනෙ එන්න . . . ???

    ReplyDelete
  6. @ඕනය-තෑගී ලැබුණු පොත් තුන ඇත්තටම ගොඩක් වටිනවා.අරුණි ශපිරෝ අක්ක නම එළ.
    තුන් දෙනෙක් එක්ක කතා කලා.ඒ අය ලාස්ට් රෝ කියවන අය විතරලු.ඉතින් මං වැඩේ ඇත ඇරිය.

    ReplyDelete
  7. @දුකා-අනිවා අයියේ.ලබන පාරත් සෙට් වෙමු.

    ReplyDelete
  8. @jayya-එකනේ අයියේ.ලබන පාර එකට එන්න බලන්න.

    ReplyDelete
  9. උඹ ඔය කියන තුන්දෙනාගෙං එකෙක් දසිත් නේද ????

    ReplyDelete
  10. අඩේ මෙන්න මගේ නම් ගෑවිලෝ මේකට

    ReplyDelete
  11. හත්වලාමයි මම කොමෙන්ට් කරන්නෑනේ සාමාන්‍යෙන් මට අමතක උනානේ.කොහොම හරි මගේ මංගල කොමෙන්ටුව මේකේ

    ReplyDelete
  12. @ඕනය-නම් දන්නේ නැ අයියේ.මේ මොළකාරයා කියන්නේ දසිත් ද?

    ReplyDelete
  13. @මොළකාරයා- එල එල ....මගේ බ්ලොග් එකටම ඇවිල්ල කොමෙන්ට් කරන්න පටන් ගත්ත එක.ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. බිත්තරෙකට මෝල් ගහකින් ගැහුවා වගේ කියන්නේ.

    ReplyDelete
  14. හපෙ හප්පෝ ඒ මම තමා
    හලේ දැන් කොමෙන්ට් දාන එක පුරුද්දට යයිද මන්දා ??

    ReplyDelete
  15. ආන්න හොඳ පුරුදු . . . උඹ හිටියනෙ මලේ ඔබාගෙ කාරෙකේ පිටිපස්සෙ . . . . තේරුනා නේද ලියන එකේ වැදගත්කම ????

    ReplyDelete
  16. ඒක ඇත්ත.ඔය ඉතින් ඉදපු තැන් ප්‍රසිද්දියේ කියන්න එපා ලැද්දයි වගේ.
    මේ Word verification අයින් කරලා දාන්න බැරිද මල කරදරයිනේ මේකෙන්

    ReplyDelete
  17. මටත් කියන්න තියෙන්නේ අර ජයියා කියපු එකම තමයි. උඹලා ගත්ත ආතල් එක ගැන ඊරිසියයි. එ වගේම අන්ත අසරණ මා ගැන මට දුකයි. :( බලමුකෝ ඊළඟ පාරවත් සෙට් වෙන්න පුළුවන් වෙයිද කියලා. පිසාචයා මල්ලි, ඔන්න අද තමයි මම උඹේ අඩවිය දැක්කේ. ඒකත් ඇන්ඩයියට පින් සිද්ද වෙන්න.......

    ReplyDelete
  18. @ගොඩය-එල එල ....වෙල් කම්....
    Jayya අයියට කිවුව වගේ ඔයාටත් කියන්න වෙන්නේ ලබන පාර එකටවත් කොහොම හරි එන්න බලන්න.නැද්ද ඇන්ඩි අයියේ....

    ReplyDelete
  19. බලමු බලමු ලබන පාරටවත් සෙට් වෙන්න. ඔය ආතල් ඇහෙද්දි පෙනෙද්දි තමයි අපිට අපි ගැනම දුක හිතෙන්නේ... කොහෙද ඉතින් මේ බැඳගත්ත බෙරේ තොවිලේ ඉවරවෙනකම්ම ගහන්න වෙනවානේ......

    (මල්ලියේ අනේ පුළුවන් නම් මෙන්න මේ අපේ ඉංගිරීසි දැනුම උරගා බලන ගැජට් එක අයින් කරලා දාපන් කොල්ලෝ... ඒක හෙන ඇනයක්.......)

    ReplyDelete
  20. දැන් හරි ඇති මං හිතන්නේ.කවද කරපු බ්ලොග් ද අයියේ.....

    ReplyDelete
  21. @ගොඩය: උඹ ආවෙ නැතිඋනාට ඉන්න තැන ඉඳල කතා කලනේ මචං . . . ඒකම කොච්චර ලොකු දෙයක් ද ???

    ReplyDelete
  22. මොකෑ බොල කියවන්න කට්ටය නැත්තේ ..මේ ඉ න්නේ :D

    ඒ උබ ටිකට් කඩන අයියා ලඟින් ගියාද? ... ඒ මාරයිනේ :DDD

    ReplyDelete
  23. ඉකේයිය... මාත් එදා කියවන කෙනෙක් විතරයි ඒත් ඉස්සරහම පේලියෙ හිටියෙ :p . වැප් හිතන් ඉන්නෙ ආපු හැමෝම එයාට මතකයි කියල.

    ReplyDelete
  24. අර පළවෙනි ඡායාරූපේ විදිහට වැපා කලිසම ගලවනවා වගේ.....හික් හික් ඌට ගිය චූන් එක මොකක්ද‍‍‍‍‍

    ReplyDelete
  25. @හසියා: වැපා ඉස්සරහ දොරට කොකා පානව

    ReplyDelete
  26. වැපෝ ඔය යටම පිංතූරෙ කලු ඉරි ඉරි කමිසයක් ඇඳල පහලොවේ කෑල්ලක් වගේ කොන්ඩෙ වවං ඉන්න එකා තමයි මේක ලියන එකා . . ටිකට් කඩද්දි උඹේ කන ලඟිං ගියා මතකද ????

    ReplyDelete
  27. අයියෝ ඇන්ඩි අයියේ ,දැන්නම් පත්තරේ දැම්ම වගේ තමයි.....
    මගේ මෙව්වා එක කෙලසුනනේ......
    (පිසාචය වැළපෙයි....)

    ReplyDelete
  28. ඇයි යකෝ . . . . මම තොට පොඩි පබ්ලිසිටියක් අරං දෙන්න හදන එක වැරදිද ????

    ReplyDelete
  29. ආ... මේ ඌද මේ.... කවුද අප්පේ දන්නෙ...

    ReplyDelete
  30. ආ මට මතකයි මටත මතකයි ..සිහාන් කට් නේද:DDDDD

    ReplyDelete
  31. ඇයි බොල මම ‍තෝත් එක්ක කතා කරේ. ඕනය තමා අඳුන්නල දුන්නේ

    ReplyDelete
  32. මමත් කතා කලේ නැතත් කට දිහා හරි බලන් හිටිය නේද?

    ReplyDelete
  33. @වැප්: මචං . . . කිවුවත් වගේ මූ නිකං නමය වසරෙ නංගි කෙනෙක් වගේ නේද . . . ???

    @පිසාචයා: බලපං . . . මම උඹව එක ‍රැයිං තරුවක් කරපු ආකාරය . . .

    ReplyDelete
  34. @ ඕනයා - කතා කලා නම් තමයි අඩු ගානේ ඇවිල්ලා ඉන්න උන්ගේ කටහඬවල්වත් අහගන්න පුළුවන්වෙයි කියලා ( සජීවීව සම්බන්ධ වෙන්න ). කොහෙද උඹලා ඉතින් වෙලාවට වැඩ කරන කොල්ලොනේ......

    @ පිසාචයා - ඇන්ඩයියට කීවානම් ඉතින් ආයේ දෙකක් නෑ. දිවයින ඉටුපිටේ දැම්මා වගේ තමයි. නොමිලේම ප්‍රචාරය. යකෝ ඒක ඌ කරන්නේ සමාජ සේවයක් විදිහට....

    ReplyDelete
  35. @ඕනය- ඇන්ඩි අයියේ මං කිවුව කියල හිතා ගන්න හරියේ.....!!

    ReplyDelete
  36. කතා කරපු ඔක්කොමයි කට දිහා බලන් ඉදිය ඔක්කොමයි මතකයි.හැබැයි පොඩි පුශ්නයක් තියෙනවා.කට්ටියගේ නම් වලින් මේ මේ අය කියල අදුරගන්න බෑ.

    ReplyDelete
  37. @ඕනය-අපි ඉතින් ශේප් නේ....ඇන්ඩි අයියේ.....!!

    ReplyDelete
  38. ඕනය එක්ක හිටියේ බන් අර ඕනයට වඩා උඅස මහත හැන්ඩ්සම් (වෙන නැත්නම්) ඩයල් එකක් තද කොල පාට ටි සේට් එකක් ගහලා මතක් නැත්නම් ඔන්න මතක් කර ගනිං

    http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/200618_10150139672263741_504888740_6658317_2619685_n.jpg

    ReplyDelete
  39. @රංග- හරේ.... දැන් ඔයාව නමින්ම දන්නවා.

    ReplyDelete
  40. ඇයි බොල මාත් තෝ එක්ක කතා කලා නෙව. එහෙනං තොට තවත් රෝවක් මග ඇරිල නෙව.... ;)

    ReplyDelete
  41. @ChAnDiKa-මොකද අප්පේ මතක නැත්තේ...හොදට මතකයි...නමනේ දන්නේ නැතිව තිබුනේ...

    ReplyDelete
  42. අඩේ මට උඹව මතක නෑනෙ බං. අනිත් පාර සෙට් වෙමු...

    ReplyDelete