Friday, April 01, 2011

සිත ඔබ පාමුල රඳවා.....

                   ප්‍රේමවන්තයින්  ආදරයේ අකුරු කරන්නට පටන් ගන්නේ අනේක වූ පැතුමන් සිත්හි දරාගෙනය.
 එවන් වූ ප්‍රේමයක් බිදුණු කලක වඩාත්ම දුකට පත් වන්නේ,වඩාත්ම විරහ වේදනාව විදින්නේ පෙම්වතාද නැතහොත් පෙම්වතියද යන්න ගැටළුවකි.එය බොහෝ විට එකිනෙකාගෙන් සාපේක්ෂ වේ.

            ඒ කෙසේ නමුත් විරහ වේදනාව අපි සැවොම විද ඇත්තෙමු.එය පැයකට දෙකකට සිමා වියහැකිය.නැතහොත් දින කිහිපයක් එසේත් නැත්නම් සතියක් විය හැකිය.සමහර විට එය සදාකාලික විරහවක් විය හැකිය. 
  
               කලා ලොවේ විරහව යනු හෝටලයක පරිප්පු හොද්දක් වැනිය.නොමැති තැනක නැතිය.එය නැති නම් එය අඩු පාඩුවක් ලෙස දැනේ.විරහව විටෙකදී සුන්දර වේ.එය සුන්දර වන්නේ එය අප විසින් විද දරාගන්නා ආකාරය අනුවයි.
  

                    දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගායන කරනු ලබන "සිත ඔබ පාමුල රදවා"ගීතය විරහව තම හදවතින්ම විද දරාගන්නා පෙම්වතියකගේ සිතුවිලි ඔබට කියා දෙයි.
         ඇය තමා හැර ගිය ඔහුට ශාප කරන්නේ නැත.එය තමාගේ දෛවයේ තමාට හිමි දෙයක් ලෙස ඇය දකියි.
              එය  ඔහුගේ වරදක් හෝ අඩු පාඩුවක් ලෙස ඇය නොසිතයි.මේ නිසා තමාට කුමක් වුවත් හැර ගිය ඔහුට මුළු සිතින්ම ජය පතයි.
              තමාට දුක දී හැර ගිය ඔහු දෙස ඉතා මානුෂික ඇසකින් බලන ඇය,ඔහු ගේ ලෝකයෙන් ඔහුගේ විජිතයෙන් සදහටම වෙන්ව යයි... 

         දීපිකා ප්‍රියදර්ශනි විසින් ගායන කල හොදම විරහ ගීතය ලෙස මා මෙය දකියි.
 මෙය රචනා  කොට ඇත්තේ කුලරත්න ආරියවංශශයන් විසිනි.ඔහුගේ හැකියාවන් පිලිබදව අමුතුවෙන් කතා කල යුතු නැත.
      මෙහි සංගීතය සිදු කොට ඇත්තේ රෝහණ වීරසිංහයන් විසිනි.ගීතයේ හෘදයාංගම  බව තව තවත් වැඩි කිරීමට ඔහුගේ සංගීත භාවිතය ඉවහල් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැති බව ගීතය අසද්දී ඔබට පසක් වනු ඇත.


         සිත ඔබ පාමුල රඳවා
         බිදී සෙනහස ගිනි උහුලා
         අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
         ඔබට සෝ තැවුල් නොමවේවා...................


         ඇසුරු සැණක් වූ රුසිරු අතීතය
         සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ
         සදා රැදේවා ...ඔබේ ලොවේ..............

         
         ඔබට පිදුම් වූ සිතක විරාගය
         කැටපත් පවුරක ගීයක් සේ
         සදා රැදේවා .....ඔබේ හදේ...........   

මෙතනින් ගීතය Download

2 comments:

  1. මලේ . . . පොස්ට් ටික කියෙවුව . . . එල . . . ඔහොමදිගටම කියවගෙන යං . . . .

    දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ ගීත විශේෂයෙන් කියල මම අහන්නෙ නෑ . . . ඒත් කුලරත්න ආරියවංශ මහත්මයාගෙ නිර්මානයක් නම් මම අනිවාර්යයෙන්ම රසවිඳිනව . . . . මොකද කිවුවොත් කුලරත්න ආරියවංශ මහතා කියන්නෙ මගෙ ප්‍රියතම ගීත රචකය නිසා. ජීවිතයේ අනෙකුත් සිදුවීම් මෙන් විරහවේදනාව අනෙකාගේ හිතට දැනෙනසේ සිය නිර්මානකරනය මෙහෙයවපු ගීත රචකයෙක් තමයි එතුමා.

    ReplyDelete
  2. @ඕනය- තන්කු වේවා...අයියේ....
    මගේ ඒකායන බලාපොරොත්තුව ඔක්කොම සින්දු ගැන ලියන්නයි....
    හිහි....හිහි..... හොදයි නේද.....?

    ReplyDelete