Thursday, March 31, 2011

සිතිවිලි විතරක් අවදි වෙලා........

         අතීතයේ ඔබ වලදැමු ඔබගේ ප්‍රේමය ඔබට ලෙහෙසියෙන් අමතක කල හැකි යයි මම නොසිතමි.ඇහිපිල්ලමක් යට රැදී වැලිකටයක් ඔබට රිදුම් ගෙනෙන්නේ කෙලසද එතරම් වේදනාවක් ඒ මතකයන් අපිට ගෙන එනවා.
               නින්දට ගොස් නින්දත්
නොනින්දත් අතරේ ඔබ සිටින මොහොතක යටි සිත විසින් නිරායාසයෙන්ම ඔබට සිහිපත් කරන්න වූ යම්දෙයක් වේ ද ඒ ඔබේ යට ගියාවේ ප්‍රේමයයි.

               ලාංකීය ගීත සාහිත්‍යයේ ඔබට අසන්නට ලැබෙනා වූ හදවත කීරීගසන්නට සමත් වන වියෝ ගී අතලොස්ස අතරින් ප්‍රමුඛ තැනක් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන " සද තරු නිහඩයි " ගීතයට හිමි වේ.

                          මුළු ලෝකයම අමතක කොට නෙතු පියා ගැනීමට සැරසෙන මොහොතක ඔබේ මතකයන් ඇවිදින් මා අවදියෙන් තබයි.කුටියේ දැනෙනා පාළුව මා හදවත අතීතයට රැගෙන යන්නේ නිමේෂයකිනි.
ඔබේ රූ රටා,ඔබේ වදන් ,ඔබේ සුවද සිහිනයකින් මෙන් මා සුරඟන ලොවකට ගෙනයන්න දෝ මේ හදන්නේ.
               නෙතු ඇරෙනා ඊලග මොහොතේ මට දැනෙනවා සොදුරියේ එය යලි සසදන්නට බැරි සිහිනයක් බව.
සෙනහස හඩවා ඔබ හැර ගිය මොහොත මේ දැන් වාගේ මට දැනෙනවා.
හදවත හඩනවා ප්‍රියේ කුමක් කරන්නද ඔබ සිහියට නැගෙනවා නම්.....
සදත් ,තරුත් හැමද මගේ දුක බලන ඉදිය.අද ඔවුනුත් නිහඩයි.
ගහකොළ හැමදාම මගේ දුක ඇහුව.ඒ අයත් අද මටත් කලින් නින්දට ගිහින්.......


           සිංහල ගේය පද කලාවේ අපුර්වතම නිර්මාණකරුවන් අතර පෙරමුණේ වැජබෙන්න වූ "කුලරත්න ආරියවංශ" විසින් ලියන ලද මේ ගීතය ඕනෑම වයස් මට්ටමක පුද්ගලයෙකු සැනෙකින් අතීතයට ගෙනයාමට සමත් වෙයි.එතරම්ම ඔහුගේ පද හැසිරවීම විශිෂ්ට වේ.

එච්.එම්. ජයවර්ධන ශුරීන් විසින් සංගීතවත් වූ මේ ගීය ඔහුගේ නිර්මානාත්මක හැකියාව මනාව ගෙනහැර දැක්වූ ගීයක් ලෙස මා දකියි.
පණ්ඩිත් අමරදේවයන්ගේ අතිශය සංවේදී හඩින් ඔබගේ දෙසවන් වෙත එන මෙහි රසය ඇස් පියාගෙන රස විදින අයකුට මනාව අවබෝධ වෙනු ඇත.



සද තරු හිහඩයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා......................


පියා නුවන් යුග නිවා තැවුල් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කලා.......................


මවා නුවන් යුග ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනහස හඩවා මතකය ඉකිබිද
හදවත අවදි කලා..................


 Download ගීතය

3 comments:

  1. එයි පිසාච මල්ලි !! බොහොම සතුටුයි අහම්බෙන් උඹේ ගෙට ගොඩ වැදුනේ !!
    මමත් ඔය ගීතයට කැමතියි. අහන්න ඕන ලෝකෙම නිදි වෙලාවට ඇස පියාගෙන කියල තවත් සයිට් එකක තිබුන. සම්පුර්ණ ඇත්ත. නැන්දගේ තරුද නිදන මහා රෑ ඒ වගේ තව එකක්.

    ReplyDelete
  2. @Lnakapriya-- Jayya අයියේ තන්කු ..මේ පැත්තේ අහම්බෙන් හරි ආවට.ලගදීම අන්තිම පෙලියේදී හම්බෙමු.....

    ReplyDelete
  3. http://lankapriyagesithivili.blogspot.com/
    මොනවා කරන්නද ඉල්ලන් කන්නයි යන්නේ. ඇවිත් මගේම බලොග බලපන්. බලල මොනවහරි ලියපන්. බැන්නත් කමක් නෑ

    ReplyDelete