වෙලාව නම් හරියටම නිච්චියක් නෑ.ඇමරිකාවෙන් ,මාම එවපු විසිදාහක් විතර වටින වොච් එක රූම් එකේ දාල ආවෙ අපරාදෙ කියල හිතුණේ පුරුද්දට වගේ දෙපාරක් තුන්පාරක් අතදිහා බලනකොට තමයි.සාක්කුව ඇතුලෙ තියෙන අළුත්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක එක එළියට ගන්න එකත් වෙලාවෙ හැටියට හුඟක් භයානක වෙන්න තිබුණා..මොකද ඕක ඔන් කරන්න ගිහිල්ල ටෝච් එකක් වගේ ඕක පත්තු වෙලා අපිට මීටර් 20ක් 30ක් එහායින් ඉන්න "සික්ක" දැක්ක නම් දවස් ගාණක් මහන්සි වෙලා ප්ලෑන් කරපු දේවල් ඔක්කොම හබක් වෙනව.
මං මුවා වෙලා ඉන්න ගහට ගස් දෙකක් එහායි ගහේ උඩ අත්තට වෙලා උගුඩුවෙක් වගේ බෙල්ල දික් කර කර ඉන්න "කරා" මට හොඳට පෙණුනා.අපි දෙන්නටම ඉස්සරහින් තියෙන කොට තාප්පෙට හේත්තුවක් දාගෙන අපේ පැත්ත හැරිල මොන මොනවද අතින් සංඥා දාන ලපාව මට පෙනුණේ නම් යන්තමට වගේ.
එදා හරියටම දෙසැම්බර් මාසෙ 14 වෙනිද.හඳ මාමා කිරි ගේන්න තිස්සෙ ගිහින්ද කොහෙද අහස හෙනම කළුවරට තිබුණේ.වෙලාව රෑ 11.30 වගේ වෙන්න ඇති කියල මම නිකන් හිතුවා.එතකොට හෙට තමයි දවස.එතකොට ඊට පස්සෙන්ද .....ඔව් ඒ කියන්නේ... 15 වෙනිද තමයි අපේ එන්ඩ් සෙමෙස්ටර් එකේ කෙමෙස්ට්‍රි පේපර් එක තියෙන්නෙ තිබුණේ.
එතකොට හත්දෙයියනේ මමයි,කරායි,ලපායි ෆැකල්ටිය ඉසරහ තියෙන සිකුරිටි ගාඩ් රූම් එක ඉස්සරහට වෙලා මොන අට මඟුලක් කලාද කියල මේක කියවන ඔයාලට හිතෙන්න පුළුවන්.අපි තුන් දෙනාගෙන් කරා ඇරෙන්න මමත් ලපාත් දෙන්නම කෙමෙස්ට්‍රි කරනව.මොකෙක්ට හරි කියල කුප්පි දෙක තුනක් දා ගන්නේ නැතුව ෆැකල්ටිය ඉස්සරහ තියෙන කටු පඳුරු අස්සේ බිබික්කන් හොයන්න ආවද කියල ආයෙමත් ඔයාලට හිතෙනව ඇති.
ඒ වුණත් අපේ ඩිග්‍රියවත් ගැන හිතන්නේ නැතුව ඒ වගේ ගමනක් අපි තුන් දෙනා ගියේ ඒ වෙනකොට රූම් එකට වෙලා හිතින් දාස් වාරයක් මැරි මැරි උගේ අනාගතය කොයි වගේ වෙයිද කියල හූල්ල හූල්ල හිටපු "තෝසය" වෙනුවෙන්.
ගෙදර තිබුණු පොඩි පොඩි කරදර නිසා හරි හැටි පාඩ්ම් කර ගන්න තෝසයට බැරි වුණා.ඉතින් කෙමිස්ට්‍රි මේ පාර රිපීට් වෙයිද කියල මේකා සෑහෙන බයෙන් හිටියෙ.කොච්චර බය වෙලාද කියනව නම් මූ හෙලන සුසුම් වලට කාමරේ ඉන්න මගේ යට ඇඳුනුත් ගහගෙන යන තරම් දරුණු තත්වෙකට පත් වුණා.
අනුන්ගෙ දුකකදි කරදරයකදි, අයන් එක උඩ තියපු චීස් කෑල්ලක් වගේ උණු වෙලා වැක්කෙරෙන තරම් කරුණාවන්ත,දයාබර,මුග්ද(මේ වචනෙ තේරුම තාම හොයනව.හොඳ තේරුමක් ඇති හැබයි ) හදවත් තියෙන මටත් එහා කාමරේ කරා සහ ලපාටත් මේ තත්වය තවදුරටත් උහුලන් ඉන්න බැරි වුණා.
ඉතින් පැය දෙක තුනක කැන්ටින් වට මේස සාකච්ඡාවකට පස්සේ අපි තුන් දෙනා තීරණය කරා තෝසය වෙනුවෙන් යමක් කරන්න.ඒ "යම් දෙය" වෙනුවෙන් තමයි අපි ඒ වෙනකොට ෆැකල්ටිය ඉස්සරහ පඳුරු අස්සෙ රිංගගෙන කූඩැල්ලොන්ටයි මදුරුවොන්ටයි විවිධාකාරයේ ලේ වර්ග ගැන ඔරියන්ටේෂන් දෙනගමන් රැකගෙන හිටියෙ.
අපි ඒ ලෑස්තිවෙලා හිටියේ කොහොම හරි කෙමිස්ට්‍රි ඩිපාට්මන්ට් එකට පැනල ඊට පස්සෙන්ද දෙන්න තිබුණු පේපර් එක උස්සන්න.
ඔව් ඔව්..පේපර් එක උස්සන්න...
අපිට රෙඩි පිට ඉන්න කියල සංඥාව දෙන ගමන් ලඟ පාතක තිබුණු ගලක් අරගෙන ලපා ඒක ගාඩ් රූම් එකට එහා පැත්තට විසිකලා.
ජබොක්.....සද්දෙත් එක්ක ඒක වතුර පිරිච්ච කාණුවට වැටෙනවා අපිටත් හොඳට ඇහුණා.
මං යන්තම් ඔළුව උස්සල බැලුවා.වැඩේ හිතුව විදියටම වෙනවා.සික්කා ටෝච් පොල්ලත් වන වන කාණුව පැත්තට යනවා.
දැන් තමයි අපේ වෙලාව.පොළවටව රිදෙන්නේ නැති වෙන්න කිසිම සද්දයක් නොවෙන්න අපි තුන්දෙනා ගාඩ් රූම් එක පහු කරගෙන දුවන් ගියා.ගාඩ් රූම් එක පහු වෙච්ච ගමන් දකුණට හැරිල කෙමෙස්ට්‍රි ලැබ් එකෙ දොර ගාවට ආපු අපි නැවතුණා.
"අඩේ පිසා....මොනව හරි අඩුයි වගේ බං..ඒත් මොකක්ද කියල නිච්චි නෑ ...."
ලපා එහෙම කිව්වම මාත් අවුල් වුණා.
පිටිපස්සෙන් හිටපු කරා ඇහුවා...
"අඩෝ ලපා අපි රෑට කෑවෙ නෑනෙ බං....."
"%^@^*...**&*^&!)...$!#$@0 අම්..$^&*)~!..........."
ටිකක් වෙලා කල්පනා කරපු ලපා ආයෙමත් මගෙන් අහනවා.
"සර් ගෙ ඔෆිස් එක තියෙන තැන උඹ දන්නවද...."
හුටා.....කාල වරෙන්කො.....ඒ ගැන චුට්ටක්වත් හිතුණෙ නැති හැටි....දැන් කෝමද මේ බිල්ඩින් එකේ ඔෆිස් හොයන්නෙ....
"මෙහෙම කරමු..අපි බෙදිලා ගිහින් ඔෆිස් එක හොයමු..." කරා එහෙම කිව්ව.ඒ දෙබස් නම් මට ටිකක් විතර හුරුයි.
වෙලාවෙ හැටියට කරන්න තිබුණ එකම දේ ඒක තමයි.ලපා පහල තට්ටුවෙ ලැබ් එක ඉස්සරහ කොරිඩෝවෙ බඩගාගෙන ඉස්සරහට ගියා.කරා කොහේ ගියදා දන්නෑ.මම පඩිපෙල නැඟල උඩ තට්ටුවට ආවා.
මම පඩි පෙලේ උඩටම ඇවිල්ල හොර පූසා වගේ හතර වටේ බැලුවා.අවුලක් නෑ වගේ.තව මොකටද ඉතින් බඩගාන්නේ.උඩ තට්ටුවෙ සික්කො නෑනේ.එහෙම හිතල මම හිටගත්ත.අප්පට සිලි වෙයි.....මෙන්න බොලේ මොකෙක්ද එකෙක් මට ඉස්සරහයි බඩගාගෙන යනව.ඇස් දෙක ටිකක් සූම් කරල බැලුවා.පශ්චාත් භාගෙ නම් හොඳට දැකල පුරුදු එකෙක්ගේ වගේ.....
"අඩෝ...කරා....තොට මාන්දමද......අපිට නොකිය කොහේටද යකො තෝ මකබෑවුණේ..." මම පුළුවන් තරම් හඬ අඩු කරලම ඇහුවා.
මයෙ කටහඬ ඇහිච්ච පාර හොල්මනක් දැක්ක වගේ මේක බය වෙලා කටත් භාගෙට ඇරගෙන මගේ දිහා බැලුවා.උගේ පුරුදු පල් හිනාව දාන ගමන් ඌ අත දික් කරල මට කොරිඩෝවේ එහා කෙලවර පෙන්නුවා.සුදුපාට බෝඩ් එකක තද නිල්පාට අකුරු වලින් ලියල තිබුණේ...." HEAD OF THE DEPARTMENT"කියල.
මගේ සතුට ඩබල් ට්‍රිබල් ෆෝබල් වුණා.ආයෙමත් කෝකටත් කියලා වටපිට බලල හෙමිහිට අඩි තිය තිය මම ඒ පැත්තට ගියා.
"අඩේ..වෙලාවට ඉක්මනට ඔෆිස් එක හොයාගත්තේ නේද බං...උඹ ලපාට මිස් කෝල් එකක් දාපන් ඔෆිස් එක හම්බුණා කියලා..."මං එහෙම කිව්වට කරාගෙන නෝ රිප්ලයි.මං පොඩ්ඩක් පස්ස බැලුවා.මේකා සෑහෙන පස්සෙන් හෙනම අමාරුවෙන් බඩගාගෙන එනව.හුටා...මට බඩගාන්න අමතක වුණානේ.
අපි දෙන්නම දැන් හති දාගෙන බඩගානව.බඩ ගාල බඩ ගාල ඔන්න දැන් ඔෆිස් එකේ දොර ගාව.ඉංග්‍රීසි ෆිල්ම් වල වගේ දොරේ එක පැත්තක මම හිට ගන්න අතරේ කරා අනිත් පැත්තේ හිට ගත්තා.තුනට ගණන් කරලා හෙමිහිට අත ගෙනැල්ල දොරේ අඟුල කරකවල බැලුවා.
හුටා...මෙන්න බොලේ දොර ඇරලා.
මොකක් නමුත් මහ මූසල ගතියක් මට දැනුණා.කරකවපු අඟුලත් අල්ලගෙනම මම දොර හෙමිහිට තල්ලු කලා.චිරීස් ගාගෙන දොර ඇරුණා.ඒ සද්දෙ පහල සික්කටත් ඇහෙන්න ඇති කියලයි මට හිතුණේ.
භාගෙට ඇරපු දොරෙන් මුලින්ම කරාත් ඊට පස්සෙ මමත් ඇතුල් වුණා.
ඊලඟ මොහොතේ සිද්ද වුණේ අපි කොහොමටවත් හිතපු දෙයක් නෙවෙයි.
"ආ..පුතාලා..එන්න ඇතුලට..."පුරුදු කට හඬකින් එහෙම කියනවත් එක්කම මූණට ගහන්න වගේ කාමරේම ලයිට් පත්තු වුණා.කළුවරට වෙලා පැය දෙකක් විතර හිටපු අපිට එක පාරට ආපු ලයිට් එළිය දරාගන්න බැරි වුණා.පිට අල්ලෙන් ඇස් වහගෙන අපි ටිකෙන් ටික ඇස් අරින්න ගත්තා.
බොහොම උජාරුවෙන් කාමරේ මැදට වෙන්න තිබුණ මේසේ උඩ යන්තමට වගේ වාඩි වෙලා අත් දෙක දෙපැත්තට දාල මෙසේ තදින් අල්ලගෙන අපේ කෙමෙස්ට්‍රි සර් අපේ දිහා කන්න වගේ බලාගෙන හිටියා.මට ඉවසගන්න බැරි මුත්‍ර බරකුයි ටොයිලට් බරකුයි එන්න ආවා.
ඒ එක්කම මොන වල් ඌරෙක්ද මන්ද මගේ පිටට දෙපාරක් තුන් පාරක් තඩි බානව වගේ දැනුණා.ඒ එක්කම
"නැගිටපන්....දැන් උදේ වෙලා...."කියල තෝසය කියනව ලාවට වගේ ඇහුණා.
(ඇත්තටම දැකපු හීනයක්...)
පළවෙනිදට හොර කතාවක්.... :d
ReplyDeleteඅවුරුද්දම සුභ වේවි නේ......
Deleteහපොයි මං හිතුවෙ ඇත්තම සීන් එකක් කියල!
ReplyDelete//"මෙහෙම කරමු..අපි බෙදිලා ගිහින් ඔෆිස් එක හොයමු..." කරා එහෙම කිව්ව.ඒ දෙබස් නම් මට ටිකක් විතර හුරුයි.//
ඔය කෑල්ල මටත් හොඳට හුරුයි බං.
හික්ස්..............ඇත්තටම වුණා නම් ගෙවල් පැත්තෙ මාළු ලෑල්ලක් දා ගන්න තමයි වෙන්නේ....
Deleteඉලේපෙරුම සර්ද බන් හිටියේ
ReplyDeleteහික්ස්....... ;-)
Deleteඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි
ReplyDeleteමචන් උබේ බ්ලොග් එකේ ගොඩක් පොස්ට් අසාවෙන් බැලුව.
අර වෙඩින් සිද්දිය නම් කතා කරලා වැඩක් නැහැ මචන්.මන් බැලුවේවත්
නැහැ. ඒ වගේ දුකක් කිසිම ආදර වන්තයෙක්ට නොවේවා කියල
මේ අලුත් අවුරුද්දේ පතනවා....
ආසවෙන් කියෙව්ව නම් මගේ සතුටත් ඒකමයි සයිලන්ට් සහන්......
Deleteඔයාටත් සුභම සුභ නව වසරක් වේවා...
සිරාවටම ඔය වගේ පූජනීය වැඩක් කරන්න ලැබෙන වාසනාවන්ත අවුරුද්දකට මගෙන් සුභ පැතුම්...!!!
ReplyDeleteමගේ රූමනේ මොනව වුණත්..මගේ ගොන් වැඩයි හඩු ගඳයි ඉවසන් ඉන්න එකානේ...කෝම හරි ගොඩ දාගෙනම යනවා...
Deleteඅන්තිම හරියට එද්දි මට නම් හිතුණා දැන් ඩිග්‍රිය දාලා ඔයා ගෙදර ඇවිත් ඇති කියල..:පී
ReplyDeleteහ්හ්හ් හ්හ්හ්හ්හ්........එහෙනම් කතාව සාර්ථකයි වගේ.......
Deleteඅයියෝ අපරාදේ,
ReplyDeleteහීනයක් නොවී ඇත්තටම වුනානම් මරේ මරු.
මම කල්පනා කලේ අලුත් ෆිල්ම් එකක්ද කියලා....
මරු වෙන්නේ කොහොමද...එහෙනම් මං අද උපාධි විරහිත සහ රැකියා විරහිත එකෙක්නේ.........
Deleteහික්ස්! අනේ අපේ පේපර් එකත් ඔහොම පන්න ගන්න තියනවනම්!!!!!
ReplyDelete(අන්න උඹ එදා මගේ වෙන්ඩ ජෙප්පෙකි කතාවට මම උත්තර දුන්නා එතන සහෝදරයා ! )
අපොයි ..ඕන විදියකට පන්න ගන්න බැරියැ, මේ වගේ හීන බලන්නකෝ....
Deleteබැලුව බැලුව..හිත රිදුණ නම් සමාවෙන්න සහෝ.....
3 Idiots වත් බලලාද නිදාගත්තේ උඹ..හරි මරු හීන නේ උඹටත් පේන්නේ....
ReplyDeleteහ්හ්හ් හ්හ්හ්.....මං ආසම ෆිල්ම් එකක් බං.....ඒකත් හිතේ තියෙන්න ඇති....
Deleteහොඩ වෙලාවත ඩීම් එකක් වුනේ.....
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෝ....!!!!
ඒක තමයි හොඩ වෙලාවට..හික්ස්.....ඔයාටත් සුභම සුභ මෙව්ව එක්කක් නංගෝ....
Deleteශැහ්,, මං හිතුවා දැන් මේකගේ පන්ති තහනම් කරලා ගෙදර ඉන්න ගමන් මේක කොටලා කියලා.. බැලින්නම් හීනයක්නේ..
ReplyDeleteසුභ නව වසරක් වේවා!!
ඔව් ඔව්...අයියල නම් ආස ඇතිනේ..... ;-)
Deleteමොනව් අවුණත් අචල් බචල් නැති සුභ අලුත් අවුරුද්දක් වේවා...
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
කකා මහත්තයටත් එසේම වේවා....
Delete//"මෙහෙම කරමු..අපි බෙදිලා ගිහින් ඔෆිස් එක හොයමු..." කරා එහෙම කිව්ව.ඒ දෙබස් නම් මට ටිකක් විතර හුරුයි.//
ReplyDeleteමේක නම් ෂුවර් එකටම ස්කුබී ඩූ එකේ කොටසක්. ෆ්‍රෙඩී වෙන්න ඇති කියන්න ඇත්තේ.'කරා' නම් වෙන්න බෑ.
පිසා මලයා ට සුබ නව වසරක් වේවා.........!
ඒක තමයි මමත් හිතුවේ..කරාට කෝමත් ස්කුබී පිස්සුව තදටම තියෙන්වා...hApPy NeW yRaR aKkE....!!!
Deleteසිරාවට මම හිතුවේ නම් ඇත්තම කතාවක් කියලා... හිනයක් නොවුනා නම් මල් හතයි නේද?
ReplyDeleteකෝමද දේවෝ මල් හතක් වෙන්නේ..එහෙනම් මල කෙලේයයි......hApPy NeW yRaR
Deleteහෙඩ්ගේ රූම් එක තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැතුවද අයියලා ටික මාස්ටර් ප්ලෑන් එක ගැහුවේ :P
ReplyDeleteඒකනෙ බං මලයෝ......මොලේ තරම හීන වලින්ම පේනවනේ.......
Deleteමූ දකින්නෙ මහ සංකීර්න හීනනේ දැන්
ReplyDeleteමම දැන් පාන් කනවනේ බටර් එක්ක... ඒකයි අයියේ...........
Deleteඇති යන්තම් මේක මන් ගැන හීනෙන්වත් හිතනව එහෙනම්....
ReplyDeleteටැන්කු ටැන්කු :පී
(තෝසයා)
කෙමෙස්ට්‍රි එක තියෙන්නෙ වම් පැත්තෙනෙ. මේව අන්තිම පේලියෙත් දාපන් බන්. මම අහම්බෙන් දැක්කෙ උඹේ බ්ලොගේ
ReplyDeleteහොකෑස්.. හීනෙන්ම උබේ ටොයිලට් බර සැහැල්ලු උනාද ?
ReplyDelete