අනේ මට කියනවද
අහස මට රහසක්
කියන්නට කීවාද
සුව යහන සනසවා
ඈ තාම නිදි නැතිද
ඇය තුරුලේ උන් සාව
යළි සඳට පැන ගොස්ද
තරුපතිට අවනඩුව
හැකි විගස කියනවද
සුලඟ නුබ පොලෝ ගැබ
අතැර එහි හමනවද
නිදිවරිත නෙත් ඇරන්
ඈ තාම හඬනවද
හඬන තරු නෙතු පියන්
සියොතුනේ පිසිනවද
සා පැටිය හනි හනික
ඈ වෙතට දිව ඒද
සඳ එළිය නුබ ඌට
මඟ පහන් කරනවද
තරුපති කියන්නේ හඳට නේද ??
ReplyDeleteඑහෙමයි.. නන්දා මාලිනි ගයන ගීතයකත් තියෙන්නේ තාර පති අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ.. කියලා..
Deleteදිනපති කියන්නේ හිරුට......!!!!
Deleteබානු කියන්නේ ඉරට. ඒත් මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා බානුමතී කියලා :D
Deleteලස්සන කවි සෙට් එකක්.. නියමයි...
ReplyDeleteස්තූතියි දිනේශ් අයියේ...
Deleteතරුපතිට අවනඩුව
ReplyDeleteහැකි විගස කියනවද
සුලඟ නුබ පොලෝ ගැබ
අතැර එහි හමනවද
නිදිවරිත නෙත් ඇරන්
ඈ තාම හඬනවද
හඬන තරු නෙතු පියන්
සියොතුනේ පිසිනවද
මේ කවි 2 ගොඩක්ම ලස්සනයි සහෝ..
ස්තූතියි........මාත් ආසයි ඒ කවි දෙකට...!!!
Deleteකලකට පස්සේ අපුරු පිසාච කවි පෙළක්.. අන්තිම පේලියේ දැක්කට පස්සේ..
ReplyDeleteජයියා අයියාත් ඒ දවස්වල ලස්සනට කවි ලිව්ව නේද..?
Deleteදැන් ලිව්වේ නැ .... කාලෙකින්..ලියමුකො බලන්න ....
පිසාචයට ලස්සනට කවි ලියන්නත් පුළුවන් නේ එහෙනම්
ReplyDeleteනියම කවි ටික
දන් නැද්ද ඉතින්.....
Deleteකාලෙකින් පිසා ගේ කවි සෙට් එකක්.. කැම්පස් නිවාඩු හින්දා හිතේ දුකට කවි ලියවෙනවාද මන්දා??
ReplyDeleteඅයියට තේරුණා තක්කෙටම....
Deleteලස්සනයි ඈ...
ReplyDeleteතැන්ක්ස් ඈ...
Deleteපිසා කවිකාරයෙක් කියලා දැනගත්තේ අදමයි ....
ReplyDeleteහික්ස්.....අනේ මන්ද....
Delete