Wednesday, March 28, 2012
මෝඩ පන්හිඳකිය මෙමං...
සඳළුතලයට නෑගමන් විත් සුරගනන් බසිනා පැයේ
නිවුණු දැල්වුණු හීන අතරේ ඔබෙ නමත් ලියවී තියේ
කවුළුපත් ලඟ දොඩමළුව එන දුඹුරු නයනැති නයනියේ
කඳුළු අහවර පුංචි කවියක එලිවැටට තව කල් තියේ
නොදන්නව වගේ මගේ හිත ලඟ කරන ඔය දඟකාරකම්
හිලව්වට මට දෙන්නෙ මොනවද හිතන්නකො දැන්වත් ඉතින්
සතුට ඉහිරන පිරී ඉතිරෙන තින්ත කුප්පිය ඔයා නම්
ඔයා නැතිදා ලියන්නට බැරි මෝඩ පන්හිඳකිය මෙමං
විභාගෙ නම් යන්තම් ඉවරයි.මොලේ ලේ කැටියක් හිර වෙලා තිබිල දිය වෙලා ගියා වගේ තමයි දැන් නම් දැනෙන්නේ.බ්ලොග් එක පැත්තෙ එන එක හුඟක්ම අඩු වුණා කෙහෙම්මල් විභාගයක් නිසා.අවුලක් ගන්න එපා.ඒවටත් හරියන්න හෙට ඉඳන් වෙඩිල්ල වගේ ලියා ගෙන ලියාගෙන ලියාගෙන යනව.(ඒ කිව්වෙ ගොඩක්)
ලියන්න ගොඩාක් දේවල් තියෙනව.කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බෑ.කමක් නෑ කොහෙන් හරි පටන් ගන්නම්කො.කියවන එක ඔයාලට භාරයි.සමහර ඒව නම් ගොංපාට් වගෙ වෙයි.කමක් නෑ......එහෙනම් ගොහිල්ල එන්නම්....
(කවි දෙක ගැන වැඩිය හිතන් එපා.නිදිමත විකාරෙන් කිව්වේ...නෑ නෑ..ලිව්වෙ...)
Subscribe to:
Post Comments (Atom)
උඹ ලියන්න පටන් ගන්න කොට මට කියවන්න වෙලාව අඩු කාලයක් එන්නෙ. අප්‍රියෙල් මාසෙම මම ලංකාවෙ, 22 හමුවෙයිද ?
ReplyDelete22 මම එනව මාමෙ..එදට සෙට් වෙමු හෙනම්.....
DeleteO.K.
Deleteබොරු එපා.. ලවර්ස් ලේන් වල වැඩ හින්දා නෝ වෙලාවක් බ්ලොග් එන්න.. ඔය ලියපු කවියෙන්ම පේනවා ..
ReplyDeleteඅනේ නැ....සුදු අයියෙ.....ලේන් චෙක් කොරන්න ඇර එක පාරක්වත් ඒ පැත්තෙ ගිහින් නැ.සිරාවට..හික්ස්ස්.....
Deleteහිටපන්, මමත් මේ පාර ආවම පේරෙට එනවා. ඒ ආවම බලමු..
Deleteමේකා ගාල්ලෙන් ගියත් හරි අමුතුම ඩෑල් එකක් වෙලා... 22 එනවනේ බලමු...
ReplyDeleteවිභාගේ කොහොම උනත් වෙන රාජකාරි නිසා අවිවේකියි වගේ.. කවි දෙක ලස්සනයි මලයා..
ReplyDeleteඅපිටත් විභාගේ ඉවර වුනා විතරයි...අම්මේ ඔළුවට දැනෙන් නිදහස....
ReplyDeleteහා . . . ලියපංකෝ
ReplyDeleteඑකසැරේම නැතිවෙලා ආයෙත් ආව. මම හිතුව හරි විභාගයක් ඉවරවෙලා.
ReplyDeleteලස්සනයි.......:)
ReplyDeleteසිරා...........
ReplyDelete