සියළු දෙනා සිතුවේ අප එක් වේ යැයි කියායි.අප දෙදෙනා වඩාත්ම ගැලපෙන යුවල බව(Most matching couple ) කිහිපවරක්ම ඔවුන් කියනු මා හට ඇසී තිබේ.නමුත් එය එසේ සිදු වූයේ නැත.
ඈ පලමු වර මාගේ ආදරය ප්‍රතිෂේප කරන ලද්දේ උඩරට පහතරට භේදය හුවාදක්වමිනි.නමුත් ඈ සැබවින්ම මා ගැන සිතූ බව අද පවා මා විශ්වාස කරමි.
එයින් පසු මාස කිහිපයක්ම නිසොල්මනේ ගෙවී ගියේය.ඒ අතරතුර අප දෙදෙනාගෙ නොගැලපීම් සොයමින් ඒවා මා හට දැනෙන්නට දීමට ඇය කටයුතු කලාය.
නැවත වරක් ඈ හට මා සිතැඟිය පැවසීමට මා තීරණය කලේ සිත රිදෙන,සිත හැදෙන සිදුවීම් ගණනාවකට පසුවය.මේ බව මම මාගෙත් ඇගෙත් හොඳම මිතුරියට පැවසුවෙමි.නමුත් ඇගෙන් මට ලැබුණේ සිත අධෛර්මත් කරන පිළිතුරකි.එනම් ඇය මා ගැන නොව වෙන කෙනෙකුන් ගැන සිතන බවයි.ඒ කවුරුන්දැයි මා විමසුවද මිතුරිය මා හට නිසි පිළිතුරක් දීමට අපොහොසත් වූ අතර දුරින් නෑදෑවන අයියා කෙනෙකු පමණක් බව කීවාය.
ඈ කෙරෙන් මා සිත ඈත් කිරීමට ඔවුන් දෙදන ගොතන ලද කතාවක් බව එදින මා විශ්වාස කලෙමි.ඇය වෙනකෙකු හා බැඳී සිටිනවා යන යථාර්ථයට මුහුණ දෙනවාට වඩා එලෙස සිතීමට මා කැමති විය.
සරසවි වරම් ලැබ පලමු වසර අවසන් වීමට මාසයක් තිබියදී දිනක් ඈ මා සොයා අවේ තනිව කතා කිරීමට අවශ්‍ය බවත් වැදගත් දෙයක් කීමට ඇති බවත් දැන්වීමෙන් අනතුරුවයි.
එදින අවසන් දේශනයටද සවන් දීමෙන් අනතුරුව කතිකාකරගත් පරිදි විද්‍යාපීඨ පොදු කාමරයේදි ඈ මා හමු වූවාය.නිදහසේ කතා කිරීමට අප දෙදෙනා එළියට බැස ක්‍රීඩාපිටි අසලින් ඇදෙන තාර පාර දිගේ ඇවිද ආවෙමු.
"කවිඳු......මට සමාවෙන්න මං දැන් වෙන කෙනෙක්ගේ..........ඔයා මං ගැන අදින් පස්සෙ හිතන්නෙ නෑ කියල මට පොරොන්දු වෙන්න......"
ගිනියම් වූ යකඩ පතුරු සේ හදවත් පතුලටම කිඳා බැසි ඒ වදන් සරසවි උයන දුම්රිය ස්ථානය පෙනෙන නොපෙනෙන මානයේදි තාමත් මා සවන් පෙලන්නා සේය.
"මං ඒක දැනගෙන හුඟාක් කල් නෙත්මි...........මට ඔයාට ඒ පොරොන්දුව නම් දෙන්න බෑ....මොකද කාටවත් මං හිතන දෙයින් කරදරයක් වෙන්නෙ නැත්තම්........."
එම වගන්තිය නිම කිරීමට ඇය ඉඩ නොදුන්නාය.ඈ හෙලන සුසුම් මගේ ගෙල උණුසුම් කරන තරම් සමීප වී සිටි ඇය එක් වරම මාගේ දකුණු අත තදින් අල්ලාගත්තාය.නමුත් එසැනින්ම විශාල වරදක් කලාක් මෙන් අත ඉවතට ගත් ඇය ගැහෙන්නට ගත් අතර දකුණු අතේ නියපොතූ වේගයෙන් විකන්නටද පටන් ගත්තාය.
"ඔයා දන්නවද.......මං ඇත්තටම ඔයා ගැන හිතුවා කවිඳු.....ඒත් අපේ අම්මලගෙ හැටි දැන දැන ඔයාව ගින්දරකට දාන්න මට බෑ........ඒකයි මම හෂාන් අයියට කැමති වුණේ.....ඔයා වගේ අහිංසකයෙක්ට දුකක් දෙන්න බැරි හින්දමයි මං මෙහෙම කලේ....දෙයියන්ගෙ නාමෙන් මට සමා වෙන්න කවිඳු............මට සමාවෙන්න..."
අවසනදී බිඳුණි හඬකින් එසේ පැවසූ ඈ ඉකිබිඳින්නට ගත්තාය.ඈ තුරුලට ගෙන හිස සිඹ සනසන්නට කිහිපවරක් සිතුණද බොහෝ ආයාසයෙන් එම සිතුවිල්ල මැඩ ගත්තෙමි.
ලස්සන රටාවකට වළාකුළු විසිරී තිබූ හන්තාන අහසේ එක් කෙලවරක සිට අනෙක් කෙලවර තෙක් කිහිප වරක්ම හිස් වූ බැල්මෙන් මා බලා සිටිනා අතරේ ලක්ෂ ගණනක් වූ සිතිවිලි මා සිතේ ඇති වී නැති වන්නට ඇත.
"ඔයා හිතනව නම් ඔයා මං ගැන හිත හිත දුක් වෙනකොට මට ඒක දුකක් නෙවෙයි කියල...ඒක වැරදියි........අනේ කවිඳු...ප්ලීස්....මාව අමතක කරල සතුටින් ඉන්නව කියල පොරොන්දු වෙන්න මට....."
විනාඩි දෙක තුනකට පසු නෙත්මි කතා කලාය.එම මොහොතේ කිව යුත්තේ කුමක්දැයි අසරණ මා සිතට සිතා ගත නොහැකි විය.වචන පිටකර ගැනීමට නොහැකිව සිටි මා දෙනෙත් පියාගෙන යන්තම් හිස දෙපසට සැළුවෙ මාගේ ප්‍රතිචාරය ඇය ඇයට රිසි සේ භාරගනීවි යැයි සිතමිනි..
ඈ නික්ම යන මොහොතේ තවත් බොහෝ දේ කීමට ඉතිරිව තිබුණත් මා හට කියා ගත හැකි වූයේ එක වචන කිහිපයක් පමණි.
"සතුටින් ඉන්න...ඔයාට බුදුසරණයි..."
අප ආ මාවතෙහිම වරින් වර හැරි හැරි මා දෙස බලමින් ඈ පියනඟා ගිය සැටි අදටත් සලරූ සිත්තමක් සේ මා මතකේ ගැඹුරින්ම සටහන් වී තිබේ.අල්විස් පොකුණ අසලින් හැරී ඈ නොපෙනී ගිය පසුද මිනිත්තු කිහිපයක් ඒ දෙස බලා හුන් මා බොහෝ කලකට පෙර ඇයට දීමට ගත් කුඩා සිහිවටනය තදින් අතැඟිලි අතරට තුරුළු කර ගතිමි.
යන්න යමි මා ඉන්න නොතැවී කියා ඔබ ගිය මාවතේ
තනිවෙලා අද අපේ මතකය හඬනවා සුදු හාමිනේ
ඔසරියක් හැඳ පෝරුවක ඔබ නඟිනා දා මතු ජීවිතේ
පාත නුවරින් එවමි සුලඟක් පිසින්නට දා නෙතු ඉමේ.........
පිසා මීට වඩා හොඳට උඹට ලියන්න පුලුවන්... මුට්ටිය දාලා නම් බැලුවේ වැඩේ හොඳයි හැබැයි ටිකයි.. අවසානය නම් මදි වගේ.. අනික කොමන් මාතෘකාවක් ... දිගට ලියද්දි අඩුපාඩු මැකෙයි.. අකුරු නම් බැලුවේ නෑ.. (අඩුපාඩු කියන්න කියපු නිසයි කිව්වේ හරිය)
ReplyDelete- අ.පේලිය කිරියා -
තෑන්ක්ස් කිරියා......ඒත් ඔයිට වඩා හොඳ අවසානයක් මට හිතාගන්න බැරි වුණා බං.......උඹ කිව්ව වගේ ලියද්දි තව හොඳට ලියන්න බලන්න ඕන....
Deleteකතාවෙ නම් මහ ලොකු වරදක් නෑ බං, හොඳට ලියල තියෙනවා.. ලස්සනයි.
ReplyDeleteමට පොඩි වැරැද්දක් කියල හිතුන එකම දේ "දකුණු අතේ නියපොතූ" ම හැපුවෙ ඇයි කියන එක.. වම් අතේ නියපොතු හැපුවොත් හැපෙන්නෙ නැද්ද?
පල ඩෝ.......දකුණු කකුලෙ කෑවත් කැවෙනව තමයි ඉතින්.........තෑන්ක්ස් මතෝ...
Deleteමටනං වැරැද්දක් පේන්නෑ බං...
ReplyDeleteකතාව ලස්සනයි..
වෙනත් වෙනත් මාතෘකා වලටත් අදාලව කතා ලියපං තව...
ජයවේවා!!!!!!!!!!!
කිරියා කිව්ව වගේ මේක නම් හෙනම කොමන් ටොපික් එකක්......
Deleteඅගය කිරීමට තෑන්ක්ස් තරියා.....
මට කොල්ලෙක් ඉන්නවා මම ඌට ආදරෙයි ඔයාට ආදරේ නෑ මගෙ පස්සෙන් එන්න එපා කිව්ව නම් ඉවරයිනේ. එහෙනම් කොල්ල හිත හදා ගන්නවා..
ReplyDeleteදැන් මේ කෙල්ල කොල්ලෝ දෙන්නෙක්වම ෂේප් එකේ තියා ගන්නවා.
මම ඔයාට ආදරෙයි ඒත් ආදරේ කරන්න බැරි විදිහට මම අසරණයි. ඉහි ඉහි. ඒ නිසා මම අරයට ආදරෙයි අනේ මට සමා වෙන්න. මාව අමතක කරන්න කිව්වම කොල්ල කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වෙනවා.
ඕවා ගෑනු මායම් බන්..
බණ්ඩ තමයි බණ්ඩා.......සිරාවටම මායම් තමයි බං....ඔව්වා මායම් කියල දැන දැනත් අපි අහුවෙන එක තමයි කැතම සිද්දිය..නැද්ද...
Deleteඅනිවා!!!!
Deleteමටනම් වැරැද්දක් පේන්නේ නෑ.ලියලා තියෙන විදිය හිතට වදිනවා.අර කවියනම් ගොඩාක් හිතට වැදුනා...
ReplyDeleteමොකක් හරි හොයල කියපන්කො තියෙන වැරැද්දක්....
Deleteප්‍රතික්ෂේප, තුන් වන චේදයේ ටැබ් දෙකක් තබා ඇත, කොමා තිත් වලින් පසු ස්පේස් එකක් තබන්න, අධෛර්යමත්,
ReplyDeleteඔයා වගේ අහිංසකයෙක් යන්න ඔයා වගේ කෙනෙක් ලෙස නිවැරදි විය යුතුමය. මොකද බන් අර ගෙජ්ජියක් තියන කී ටැග් එකක් කෙල්ලට ගත්තෙ? යන තැන් හොයාගන්නද? උඹ දන්නවද මේ වැරදි ටික හොයාගන්න කොච්චර මහන්සි උනාද කියල. මගෙ අම්මෝ... ආයි නම් ඔහොම දේවක් කියන්න එපා හොඳද
අඩෝ.....අහිංසකය කියල දැම්මම උඹට ඉරිසියා හිතුනා නේ..........
Deleteවැරදි කිව්වට රොම්බ තෑන්ක්ස් කොල්ලො......
මමද ඩෝ ඔය කී ටැග් එක ගත්තේ...ගත්ත එකෙක්ට කියපන්....
මේ ලියලා තියෙන විදියේ කිසිම අව්ලක් නෑ.එක එක අය ලියන්නේ එක එක විදියටනේ...
ReplyDeleteමම හිතන්නේ පිසාචයා මට මාමා කෙනෙක් නෙවේ අයියා කෙනෙක් වෙන්න ඕන.අයියා ලියන විදියට ලියන්න දිගටම.අයියට හිතෙන විදියට තව කතා ලියලා මෙහෙම දාන්නකෝ.අපි අනිවා කියවනවා.
පොඩි අව්ලක් දැක්කා...
එච්චරම අව්ලකුත් නෙවේ එක.අප කියලා පටන් ගත්තොත් මු කියලා ඉවරවෙන්නේ නෑ නේද." නිදහසේ කතා කිරීමට අප දෙදෙනා එළියට බැස ක්‍රීඩාපිටි අසලින් ඇදෙන තාර පාර දිගේ ඇවිද ආවෙමු ". කියන තැන අප අපි වෙන්න ඕන.පොඩ්ඩක් තව දන්න කෙනෙක්ගෙනුත් අහල බලන්නකෝ.
-වයලීනෝ- ( අන්තිම පේලිය )
වයලිනයො......උඹ මාව තව වයසට යවන්නද කොල්ලො හදන්නේ........
Deleteඅගය කිරිල්ලටයි වැරද්දක් පෙන්නුවටට්යි ස්තූතියි.....
පිසාචයෝ හිටියේ ඉතින් ගදක් ඉස්සරනේ....
Deleteහිහ් හිහ් හිහ් හිහ් ...
ෆිට්ම තමා..
එහෙම අවුලක් නෑ බන්... ඒත් උබට මීට වඩා දෙයක් පුළුවන්. උබේ බ්ලොග බලපු නිසා කලින් ඉදන්ම එහෙම කියන්නේ. වෙනස් ටොපික් එකක් අරන් ට්‍රයි කරපන්...
ReplyDeleteමේකෙ අවුලක් නෙමෙයි... උබ ඉතින් වැරදි නේ කියන්න කියල තියෙන්නේ... :d
තෑන්ක්ස් අයියේ........කිව්වත් වගේ වෙන මතෘකාවක් ට්‍රයි කරන්න ඕන තමයි......
Deleteපටන් ගැන්ම අපූරුයි... ඔහොම යන් අඩුපාඩු හදාගෙන.....
ReplyDeleteදිනිති අක්කත් මෙන්න මේ පැත්තෙ ඇවිල්ලා......ස්තූතියි අක්කේ......
Deleteහ්ම්ම්..ටිකක් කොමන් ටොපික් එකක්..හැබැයි වෙන්න පුළුවන් දෙයක්! කොමන් ටොපික් එකක් උනත් තව හැඩ වැඩ දාල ලිව්වනම් එල!
ReplyDeleteසිරාවට නාඩියො.......ඔය වගේ අඩුපාඩු කියන එක හෙනම මේවෙකක්......
Deleteහරි වැරද්දක් කියන්න තරම් දැනුමක් නෑ බං..ඒත් මුල කියවද්දි අවසානය මෙහෙම වෙයි කියලා හිතුනා. හැබැයි ලස්සනයි..
ReplyDeleteතරුවට මොකද දැනුමක් නැත්තේ........කොච්චර නම් කතා එහෙම බ්ලොග් වල කිය්වල ඇත්ද...........
Deleteඋඹට මීට වඩා හොදට ලියන්න තිබුනා කියලා හිතෙනවා මලයා.. කතාව ඉක්මනට ඉවර කරලා තියෙනවා වගේ දැනෙනවා.. හදිස්සි නැතුව හෙමින් ලියමු මලයා.. වෙන නම් කියන්න අවුලක් නෑ.. ආදර කතා වලටම සීමා වෙන්න එපා..
ReplyDeleteකතාව ලස්සනයි..
අඩෝව් කියන්න තරං අඩුපාඩුවක් නෑ බංස්.. හොදට තියනවා නේ...මෙහෙම ටිකක් ලියලා යතාර්ථවාදීව ලියන්න උත්සාහයක් ගනිමු මලේ.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
කතාව ගැලුව ස්පීඩ් එක නිකම් වැඩියි වගේ මට නම්
ReplyDeleteකෙල්ලත් උඹල ලව් එකේ ඉඳල තියෙන්නෙ...
ReplyDelete