![]() |
හැන්දෑවට මාකස් එකට අලගල්ල කන්ද පේන හැටි |
හන්තාන කන්දටම
රාස්සිගෙ අව්ව වැටුණ වෙලාවක
තණ බිස්ස කෙලවරේ
සිමෙන්ති බංකුව උඩ ඉඳගෙන
යෝධ හෙවනැල්ලක් වගේ
ඈතින් ලස්සනට පේන
අලගල්ල කන්ද දිහා කොච්චර නම් වෙලා
අපි බලාගෙන ඉන්න ඇද්ද..........
රාස්සිගෙ අව්ව වැටුණ වෙලාවක
තණ බිස්ස කෙලවරේ
සිමෙන්ති බංකුව උඩ ඉඳගෙන
යෝධ හෙවනැල්ලක් වගේ
ඈතින් ලස්සනට පේන
අලගල්ල කන්ද දිහා කොච්චර නම් වෙලා
අපි බලාගෙන ඉන්න ඇද්ද..........
ඒ කන්ද හැමදාම රෑට
හන්තාන කන්දට රහස් මුමුණනව ඇති
ඒ රහස් අතරෙ නිකමට වගේ
අපි ගැනත් පුංචියට කතා වෙනව ඇති......
හන්තාන කන්දට රහස් මුමුණනව ඇති
ඒ රහස් අතරෙ නිකමට වගේ
අපි ගැනත් පුංචියට කතා වෙනව ඇති......
පයින් ගස් වල මුදුන්
සීරුවට පිසගෙන හමන සුලඟෙත්
හන්තාන අහසේ ඉදන් හෙමිහිට
පොලවට වැටෙන වැහි බිංදුවකත්
අපි හැමදාම දැක්කෙ එක දෙයයි
ඒ තමයි
මුළු සරසවියෙම තියෙන අපිරිමිත ලස්සන.......
සීරුවට පිසගෙන හමන සුලඟෙත්
හන්තාන අහසේ ඉදන් හෙමිහිට
පොලවට වැටෙන වැහි බිංදුවකත්
අපි හැමදාම දැක්කෙ එක දෙයයි
ඒ තමයි
මුළු සරසවියෙම තියෙන අපිරිමිත ලස්සන.......
ඉතින් දවස් තුන්සිය හැටපහකටත් වඩා වැඩි කාලයක්
අපි ඒ ලස්සන විඳගන්නකොට,
අත්විඳිනකොට
හිතේ කොනක පුංචි දුකක් නොතිබුණාම නෙවෙයිනේ,
කොලු කමට කාටවත් නොපෙන්නුවට
අම්ම තාත්තගෙ මූණු මතක් වෙනකොට
ඉබේම ඇහෙන් රූටන කඳුළු බිඳු වල පාරවල්
ආයෙමත් අළුත් වෙනව............
අපි ඒ ලස්සන විඳගන්නකොට,
අත්විඳිනකොට
හිතේ කොනක පුංචි දුකක් නොතිබුණාම නෙවෙයිනේ,
කොලු කමට කාටවත් නොපෙන්නුවට
අම්ම තාත්තගෙ මූණු මතක් වෙනකොට
ඉබේම ඇහෙන් රූටන කඳුළු බිඳු වල පාරවල්
ආයෙමත් අළුත් වෙනව............
එහෙම තියෙද්දිත්
අපිට අපේම කෙනෙක් වෙලා
හරිම ලෙංගතුකමින් ආදරයෙන්
උණුසුම දුන්න ඔයාවත් දාල යන්න
කාලය ඇවිල්ලා.........
දන්නෙම නැතුව
ආයෙමත් ඇහැට කඳුළු උනන්නයි හදන්නේ
ඒ කඳුළු කවුරුවත් දකින්න කලින්......
අපිට අපේම කෙනෙක් වෙලා
හරිම ලෙංගතුකමින් ආදරයෙන්
උණුසුම දුන්න ඔයාවත් දාල යන්න
කාලය ඇවිල්ලා.........
දන්නෙම නැතුව
ආයෙමත් ඇහැට කඳුළු උනන්නයි හදන්නේ
ඒ කඳුළු කවුරුවත් දකින්න කලින්......
අපි යනවා.................
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........ කියල නිමකරන්න බැරි මතක හුඟක් ඇති නේද...????
ReplyDeleteඅම්මෝ.....ඒ ගැන නම් කතා කරන්න එපා......කාමරේ මේස පුටු වලට කතා කරන්න පුළුවන්න නම්.......
ReplyDeleteහ්ම්ම්..සරසවි මතකනම් කවදාවත් අමතක කරන්න බැරි ඒවා!
ReplyDeleteඅනිව නාඩියෝ......!!!
DeleteWhat?
ReplyDeleteHow long have you been there?
Aren't you in your second year?
This is the end of 1st year hostel life නේ පිසාචයෝ...
Deleteඒක මිසක්!
Deleteඒකනේ කකා මහත්තයො
Deleteහ්ම්ම්..මේ මතකයන් හරිම අපූරුයි.මටත් මාකස් එකේ හරිම ලස්සන මතකයන් ටිකක් තියෙනවා...
ReplyDeleteමං හිටියේ ෆර්ස්ට් ඉයර් එකේ හිටියේ 51 කාමරයේ.
Delete@රන්දු- මාකස් එක වගේම අක්බාර් එකේ මතකයත් ලස්සනයි.........පොඩ්ඩක් කළුවර වුණාට....
Delete@කකා- ආ...උඩ තට්ටුවෙ නේ......මාත් ඔය ලඟපාතින්ම තමා හිටියේ....
පේරා යන්න මටත් ලොකු ආසාවක් තිබ්බා..
ReplyDeleteඒත් බැරිඋනා...
ගණන් ගන්න එපා තරියෝ.......දෙයියොන්ට ඔයා සම්බන්දව වෙනමම ප්ලෑන් එකක් ඇත්තේ........(ෆිල්ම් එකක දෙබසකි..)
Deleteමේකගේ අවුරුද්ද ඉවර වෙලා මෙහෙමනම් උපාධිය ගත්තම කොහොම ලියයිද? කොම උනත් එල..
ReplyDeleteදිනේෂ් අයියට කියන්න.......වාවන්නෙම නෑ දෙයියෝ.......
Deleteඑල එල.... ජෙනින්ග්ස් එක පැත්තෙ ගියෙ නෑ? ඔය ෆොටෝ එකම ඔයිට වඩ ලස්සනට දැකගත්ත හැකි.
ReplyDeleteමගේ බ්ලොග් එකෙත් තියනවා කියල අන්තිම පේලියෙ ටග් එකක් තියෙන්නෙ මෙහෙම ඒවට තමා. ඒකෙත් දාපන් බන්. තව පොඩ්ඩෙන් මිස් වෙනවනේ
එහෙනම් උකුස්ස කියන හන්දම දානව ඔන්න.....
Deleteඅඩේ අප්පා.. නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියන්නේ මෙව්වට නේ. මම මෙතුවක් කල් ඔහොම දැකලා නෑ නේ අප්පා..
ReplyDeleteහික්ස්.....දැන් කවදයි ලංකාවට එනව කිව්වෙ...???
Deleteහිටපිය අවුරුද්දට ආවම බොට මුණු පොතේ කියන්නං.
Deleteඅපට නෑනේ ඔය අත්දැකීම්
ReplyDeleteඅයියණ්ඩි මේ පාර exm කරනව අපි..පේරෙ එන්න පුදුම ආසයි..ඒත් රැග වැඩී කියල අපිව බය කරනවනේ..ඒක ඇත්තද
ReplyDeleteඅයියණ්ඩි මේ පාර exm කරනව අපි..පේරෙ එන්න පුදුම ආසයි..ඒත් රැග වැඩී කියල අපිව බය කරනවනේ..ඒක ඇත්තද
ReplyDelete