Thursday, January 24, 2013

පැරණි පෙම්වතියට එරෙහි නඩුවේ මගේ සාක්ෂිය



වරක් මා සෙනෙහසින් සිපගත්තු මුවමඬල
සියවරක් රස වින්ද ඔබෙ සුමුදු නෙත් කැල්ම
සුදු රෝස මල් වලට උපමේය වූ මුහුණ
අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම 


සඳ මඬල දුටු දාට හිත දවන ඔබෙ මතක
සිහිනෙනුත් සඳ කුමරි කිව්වේම නුඹෙ වරුණ
ගඳ ගසන සළු වලින් දෙනෙත් වැසුණා සේම
අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම


මට අහිමි මල් කැකුල ඔහුට හිමි වූවාට
මල් රොනක තරම්වත් තරහ නෑ මයෙ හිතට
අසරණව හිඳියාට ඔහු දෙගුරු සභා මැද
අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම 

මහතුනේ අසාපන් මා කියන දේ හොඳට
අන්සතුය පෙරදාක පෙම් කරපු ඒ සිහින
එමුදු සුවඳයි රුවයි ඒ ලඟ හිටපු මයෙ මැණික
අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම 



19 comments:

  1. බොහොම ලස්සන අදහසක්... ලස්සන කවියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර....

      Delete
  2. බූට් කෑවම ඔය වගේ ඒවා ලියවෙනවා. සමහර විට ඔයිටත් වඩා හොඳ එවා...

    ReplyDelete
  3. කවිපද ටික විතරක් නෙවෙයි කවියේ අදහසත් බොහෝමත්ම ලස්සනයි.good work..!

    ReplyDelete
    Replies
    1. අවාසනාවට ඇත්තක්........පොඩි අත්දැකීමක්......

      Delete
  4. හ්ම්ම්...තවත් එක බූට් නිසඳැසක් නම් නෙවේ......

    ReplyDelete
    Replies
    1. බූට් නිසදැසට පසු තත්වයක් මචෝ....හැමදාම නෑ හැමතැනම නෑ....

      Delete
  5. හලේ පැරණි පෙම්වතියෝ...
    මට ඇඩෙනවා ඈ..

    ReplyDelete
    Replies
    1. තරියට නම් එහෙම අය බර ගාණැක් ඉන්නව වගේ,,,,නේ......

      Delete
  6. ශහ්හ්හ්හ්... කවි ටික හරිම ලස්සනයි!!! :) අදහසත් එහෙමයි!!!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරිට කියන්නේ...ඔයාටත් ස්තූතියි.......

      Delete
  7. ඕවා ගැන නොහිතා ඉන්න එක හොදයි මළයා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.....ඒත් ඉතින් වටින් පිටින් මේව ඇහෙනකොට නොහිත ඉන්නත් බෑ අප්පා....

      Delete
  8. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඕව ලියන්න එපා අප්ප....:/

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මෙව්ව පපුවටම වදින හින්ද..දුකයි තමයි ඉතින්.....

      Delete
  9. මොනාද බං ඉඳල හිටලා එනකොට බූට් කවි දාල අපිවත් අන්දොස් කරවන්නේ.

    ReplyDelete
    Replies
    1. පහුගිය දොහේම පොඩි පොඩි වැඩ ගොඩක් සෙට් වුණා..ඒකයි වැඩිය මේ පැත්තට ඔළුව දාන්න බැරි උනේ......
      ජිවිතේ ඔහොම තමයි..හැමදේටම පුරුදු වෙන්න ඕන...හාමිනේගෙන් ඕව අහගන්න.....

      Delete
  10. මොකද මලේ මේ හැමදාම බූට් කවිම ලියන්නේ. ලියන්න යමක් ඇහැ ගැටුණේ නැතිවද? දැන් ලියන්නෙත් බොහොම අඩුවෙන් නේ.විභාග අත ළඟටම ඇවිත් වත් ද?

    ReplyDelete