ගෙවල් ගාවින් බහින කොට රෑ.10.00ට විතර ඇති."පිසාචයට බල්ලො පැනපි"කිව්වලු.මාස දෙකයි ගෙදර නෑවිත් ඉඳියේ,මං නොදන්න බල්ලොත් ගමේ බෝ වෙලානෙ.වටේ පිටේ මොනව තිබුණද මන්ද ඇස් නැති රට හිවලෙක් වගේ මැසේජ් කොට කොට ආවා,බයිසිකල් කාරයෙකුත්.."අඩෝ...පාර බලන් පල.." කියාගෙන ගියා.ගමේ මිනිස්සු මට කොච්චර ආදරේද බලන්න.
"ටක් ටක් ටක්.....කවුද ගෙදර...?
රාක්ෂයෙක්...මොකටද ආවෙ...?
අවුරුදු කන්න.....
දූපිය ආපු දිහාටම......"
"ඇරපිය දොර.
හා....."
නංගි වුණත් මට හරිම ආදරෙයි.
"මං හිතුව සුදු වෙලා, බෝල ගෙඩිය වෙල ඇති කියල.මොන....ඉඳිය තව හොඳයි"
අම්මත් මාව ආදරෙන් පිළිගත්ත.
"මට නිදිමතයි.මං දොයි"
එසැනින් මං කාමරේ.පැය දෙකක් විතර ෆිල්ම් බලල ඇදට පැනල කොට්ටෙත් විකාගෙන මං දොයිගත්ත.
පහුවද උදේ පාන්දර 10.00ට විතර ඇහැරුණා.ඇහැරුණා නෙවෙයි හරි නම් ඇහැරුවා.
"මෙච්චර උදේ මොකටද....."විතරයි කියන් හම්බුණේ.
කැරකි කැරකි ආපු මවුස් එක කටේ.
"අම්ම තේ බොන්නලු"
කැම්පස් එකේ පුරුද්දට රත්ගමය වගේ රු.7/= ක් දීල ටී එකක් ඉල්ලන්නත් හිතල, නෝන්ඩි වෙන්නෙ මොකටද කියල නිකන් හිටිය.
"ආන්...රං අයිය උඹව ඇහුව."
කවුද කිව්වෙ මං ආව කියල.
කවුරුවත් කියල නෑ.රෑ බල්ලො බුරන සද්දේ ඇහෙන් ඇති..."
ටිකක් දවල් වෙලා කාරිය එළියට බැස්ස.සිරාවටම ගමට නම් අවුරුදුය.ගෙයක් ගානෙ වෙසක් කූඩු එල්ලල.අපේ ගම එහෙම තමයි.මුදු කටේ ඉඳියට මුහුදට හත් ගව්වක් තියල සරම ගලවනව.
ඔහොම්ම යද්දි රෑ අහුවෙච්ච බල්ලො සැට් එක ඉස්සරහට ආව.කාල වරෙන්කො....මං හෙමිහිට එතනින් පල්ලම් බැහැල රං අයියගෙ ගෙට ගොඩ වුණා.
අම්මා....සුවඳ.හරියට කැවුම් බඳින සුවඳ වගේ.
"මොකෝ..කවදාවත් නැතුව අපිව මතක් වෙලා තියෙන්නෙ.."
නැන්ද එහෙම කියනකොට දෙන්න උත්තර ආවත් සද්දෙ වහන් හිටිය.
"මතක් වෙච්ච නිසානෙ මේ ආවෙ...මගේ රත්තරං නැන්දේ...."
"මයෙ වෙලාවට උඹට බාල කෙල්ලො මට නැත්තේ....අන්න රතු අක්ක නම් උඹ ගැන දවසක් දෙකක් මතක් කලා.දැන් කෝමෙයි ඉගෙන ගන්න වැඩ එහෙම,හොඳට කරනවයි."
"ආයිත් අහල..."
ඒ හරිය දන්නෙ මමනෙ.ගෙදර ඉඳන් මාළු ලෑල්ලක් දා ගත්ත නම් හොඳයි කියල හිතෙනව වෙලාවකට. මෙලෝ රහක් නැති කැන්ටින් කෑමත් එක්ක පේරාදෙණියම එපා වෙනව.
නැන්දට බම්බු ගහගන් කියල මං ගියා කුස්සිය පැත්තෙ.යනකොට රතු අක්ක වාඩි වෙලා කැවුම් හදනව.රහ කර කර කැවුම් කන්න නම් ගමේ එන්න ඕන.ගමට ආවට මදි කුස්සියටත් එන්න ඕන.
ගත්ත කැවුමක් හොරෙන්ම.චව්..චව්........
"මොකෝ..කැවුම් හැදුවෙ නැතෙයි ගෙදර....?"
මේකිට පිටිපස්සෙත් ඇස් තියෙනවද මන්ද .
"හැදුව හැදුව....ඒ වුණාට අනුන්ගෙ ගෙවල් වලින් හොරෙන් කන කොටනෙ රහ.."
කටට ආපු වචන සැට් එක එහෙම්ම අතෑරියා.මොනව හිතුවද මන්ද.
"කුමාරිහාමි කෙනෙක්ට එහෙම බැල්ම දැම්මෙ නැතෙයි...?"
තව බවුන්සර් එකක්.
"තමුසෙ දන්නවනේ...එකක් කියල නෑනේ..."
ආරක්ෂාකාරි පහරක්.හානියක් නෑ.
ඇයි වදේ....මුන්ට මෙච්චරමද තියෙන්නෙ අහන්න.විභාග දවස් වලට අමාරුද අහනව.රිසාට් ආවම ෆේල්ද අහනව.ඕව තමයි.
"සිරාවට අහන්නෙ....කියනවකො හලෝ..."
"මොනව කියන්නද....නෑ හලෝ නෑ....ඒක නෙවෙයි තමුසෙව බලන්න අවුරුදු කුමාරයෙක් වැඩියෙ නැද්ද..."
මං හෙමීට බෝලෙ අනිත් පැත්තට මාරු කලා.
"පිණිමුවා බැඳපුකරත්තෙකෙද ආවෙ..."
"එහෙම එන්නෙ නත්තල් සීයනෙ හලෝ..."
"තමුසෙ බලන්න සීයල මිස කොල්ලො එන එකක්යැ..."

වැඩේ වරදින්න කලින් කුස්සිය පැත්තෙන්ම පැනල ආවා.එන ගමන් පේර ගෙඩි දෙකකටයි, අඹ වල්ලකටයි ඇහැ දීලයි ආවෙ.දැන් ඒව මගේ.
ගෙදර ඇවිල්ල කාලා එහෙමම නිදා ගත්ත.දැන් ඉතින් දැකපු හීන ගැන අහන්න එපා.ඒව ඒ.ඕ(A.O) නේ.
සිරාවටම ගෙදර තරම් මේ ලෝකෙ වෙන කොහේවත් හරියන් නෑ.ඒකෙ ආයි කතා දෙකක් නෑ. අනික අවුරුදු බලන්න නම් ගමේ එන්න ඕන.ටවුන් වල මොන අවුරුදුද.

ශෘංගාරය දනවන සුලුයි....අධ්‍යාත්මිකයි....අතිශය ලිංගිකයි.. පේල්න්ටි එකක් 3යි යකෝ...මම ඉල්ලුවේ ප්ලේන් ටී
ReplyDeleteහරි හරි.....සුනාමියට දිව්වෙ නැතේ...අපි නම් ටිකක් විතර දුවන්න පුලුවන්ද බැලුව
Deleteකාලෙකට පස්සේ සිරා ලිවිල්ල.... මේක කියෝනකොට තමයි අවුරුද්දක් කියල එකක් එනවා කියලත් මතක් උනේ.... ඇඬේනවා තනි ඇහැට...
ReplyDeleteමටත් ගෙදර යන්න ඕනෙ :(
ඇලඩින්ගෙ මැජික් තුවාය ඉල්ලගෙන එන්න.....
Deleteඅයියට සුභ නව වසරක් වේවා...
පිසාචයට සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඅයියටත් සුභ නව වසරක් වේවා...
Deleteඅපේ ගම පොත මතක් වුලා බොල.
ReplyDeleteඅවුරුද්ද පහු වෙලා හරි ගිහින් එන්න....
Deleteමරු ලිවිල්ල.. කචල් නැති අවුරුද්දක් වේවා....!!!
ReplyDeleteතැන්කූ අයියේ....අන්ජබජල් නැති අවුරුද්දක් වේවා...!!!
Deleteමාත් මේ මාස දෙකකින් ගෙදර ආවේ...මේ දවස්වල නම් මාර සැලකිලි..ඉල්ලන පරක්කුවෙන් කන්න බොන්න ලගටම ලැබෙනවා..හැබැයි කරමලේ සුදු වෙන්න කලින් ආපහු බෝඩිම පැත්තට මාරු වෙන්න ඕනි...
ReplyDeleteඅහ් අමතක උනා..සුබ අළුත් අවුරුද්දක් වේවා...!
ගෙදර ආවත් හරි...කඩේට යන එකමයි වැඩේ.....
Deleteපිටි කොටල මේක කොටන්නත් බෑ....
ඇත්ත.. හරියට අවුරුදු සමරන්න නම් ගමටම යන්න ඕන..
ReplyDeleteඑහෙනම් මලයටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!
එසේම වේවා...!!!!!
Deleteපස්ට පෝස්ටුව...සුභ අළුත් අවුරුද්දක් වේවා කිව්වා!!!
ReplyDeleteතැන්කු තැන්කු........එසේම වේවා...!!!!
Deleteඑල එල!! සුබ අලුත් අවුරැද්දක් වේවා පිසාචයෝ...
ReplyDeleteඑසේම වේවා...මලයෝ !!!!
Deleteහික් හික්...ඔයාටයි ගෙඩර හැමෝටමයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෝ.......!!!!!
ReplyDeleteහික් හික්......ඔයාටත් එසේමවේවා......!!!!!
Deleteඔන්න එහෙනම් අපෙනුත් පිසාට සුභ අලුත් අවුරුද්දක් කිව්වා එහෙනම්.. (අඩේ බන්දුල මාමා ඇත්ත නේ බොලේ එහනම් කියල තියෙන්නේ? මමත් පේරාදෙණියේ කැන්ටිමට සෙට් වෙනවා ඔන්න 2500 ටෙස්ට් කොරන්න.)
ReplyDeleteඑසේමවේවා...... එන්න එන්න....ඕන තරම් ඉඩ තියෙනව !!!!!
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා පිසා!!! :)
ReplyDeleteවර්ඩ්ප්‍රෙස් කාරයින්ට වයර් මාරු වෙලාද? මං අමුතුසේන. :)
Deleteආ......එසේම වේවා.....බෙහෙත් ගන්න වෙයි වගේ....!!!!
Deleteමේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!! පිසාච්
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවේ..!! එල ආ ..!! ජය වේවා මචං..
ReplyDelete