Monday, September 12, 2011

මම ගංජා ගැහුවෙමි හෙවත් මල්සරා මට ගේම දුන්නේය.

   "හැමෝම සිනාසෙන- මට විතරක් ඇඬෙන..." ලිපියෙ දෙවෙනි කොටස දාන්න කලින් මේ පෝස්ට් එක දානවට සමාවෙන්න.ඇත්තම කිව්වොත් දාන්න වුණා.මේක අද නොලිව්වොත් කවද ලියවෙයිද කියන්න බෑ.

   කොල්ලෙකෙගෙ හිතට ආදරයක් (වගේ එකක් ) ආවම නිකන් ගංජ ගැහුව වගේ කියන කතාව නම් පට්ටම ඇත්ත.
  මං ගංජ ගහල නම් නෑ.ඒ වුණාට ආදරය කරල නම් තියෙනව.


 දැන් හිතන්න අහිංසක, අසරණ ,හුරුබුහුටි කොල්ලෙක්ගේ හිතට මල්සරා ගේම දුන්න කියල.ඉතින් එදා ඉඳන් කොල්ල ෆුල් ඩවුන්.ඩවුන් කියන්නේ ඩවුන්ද පල්ලම්ම තමයි.
  හැමදාම දැකපු දේවල් වල අමුතු අමුතු ලස්සනක් පේන්න ගන්නව.ඒව දිහා පැය ගණන් බලන් ඉන්නව.කොටින්ම කිව්වොත් කාමරේ කොනක මකුළුවෙක් මකුළු දැලක් බඳිනව කියන්න.මිනිහට  හිතෙනව මකුළු දැල් තමයි මේ ලෝකෙ ලස්සනම දේ කියල.

    ඔන්න හිතන්න කොල්ල යනවයි කියල බාත් රූම් එකට.දත් මඳින්න කියල හිතන්නකො.කොල්ලගෙ අත බ්‍රශ් එක ගාවට යන්නේ නිකන් ලතාවකට වගේ.ටූත් පේස්ට් එක මිරිකන්නෙ නිකන් මිරිකන්නෙ නැතුව බෑ වගේ.
ඔක්කොටම හපන් මැදිල්ල.තල්මස්සු විස්සකගෙ විතර දත් මද්දවන්න පුළුවන් ඒ යන වෙලාවෙන්.මළවිකාර....


ඒ පාර කොල්ල  කන්නාඩියෙන් මූණ බලනව.නිකට පොඩ්ඩක් උඩ අතට පිරිමැදල බලනව යටි රැවුල ලස්සනට තියෙනවද කියල.පොඩ්ඩක් මූණ හරහට හරවල බලනව කෝමද ෆේස් කට් එක කියල.ඊට පස්සෙ  කොණ්ඩේ මැදින් බෙදන එකෙක් නම් පැත්තෙනුත් පීරල බලනව කොහොමට තියේවිද කියල.හරියන් නැත්තම් ආයි අර පරණ විදියට හදනව.තව ටිකකින් ට්‍රයි එකක් දෙනව කොණ්ඩෙ අවුල කරගෙන ඉන්නකොට කොහොම පෙනෙයිද කියල බලන්න.


ඊලඟට මූණට පොඩි හිනාවක් දාගන්නව.සෙක්සි ලුක් එකක් දාල බලනව.කට කොනින් හිනාවෙලා බලනව.ඇස් පුංචි කරල බලනව.
අන්තිමට බැරි තැන තමන්ගෙම මූණටම නියවල යනව.
බලන් ඉන්න ආසයි මේකගෙ විකාර.


 ඔන්න ඉතින් කොල්ල යනව ටී.වි බලන්න. මැච් එකට වහින නිසා ලස්සන ලස්සන සිංදු යනව.ගොඩක්ම යන්නේ ආදරබර සිංදු.
  මිනිහ පටන් ගන්නව මනෝ ගහන්න.යනව හඳ(චන්ද්‍රයා ) වටේ රවුමක් ගහන්න.තනියෙන් නෙවෙයි අර හීන මවන කෙල්ලත් එක්ක.
එක පාරටම තට්ටම් දෙක ගාවින් පටන් ගන්න විදුලියක් වගේ එකක් පිට දිගේ ඇවිල්ල අමුතු කිතියකුත් එක්ක බෙල්ල ගාවින් ඉවරවෙනව.
කොල්ලට මාර ෆන්.


කොල්ල නොදන්නව වුණාට ඒකගෙ අම්මට මේකගෙ විගඩන් හැම එකක්ම පේනව.
ඒ වුණාට වචනයක්වත් කියන්නේ නෑ.


ඔන්න ඉතින් කොල්ල යනව ක්ලාස්.අර කෙල්ලත් එනවලු ඒ ක්ලාස් එකට.
මිනිහට දැන් ක්ලාස් ඉවරවෙනකන් ඉවසිල්ලක් නෑලු.

ක්ලාස් ඉවර වෙලා බස් හෝල්ට් එකට වෙලා ඉන්නව.තත්පරයක් කියන්නෙ කල්පයක් වගේ තමයි මිනිහට දැනෙන්නේ.
 කෙල්ල හොරැහින් වගේ බලල යනකොට උදව්වට ආපු යාළුවවත් මතක නෑලු.
නිකන් ඒ පැත්තට පාවෙලා යනවලු.මෙච්චර වෙලා අහක බලන් ඉඳපු යාළුව මේ පැත්ත බලනකොට කොල්ල තනියම ඇවිදන් යනවලු මොනවද කියව කියව.


ඔන්න කොල්ල බස් එකේ යනවලු.කෙල්ලත් ඉන්නවලු ටිකක් ඉස්සරහයින්.
කෙල්ල නිකමට වගේ මේ පැත්ත බලනවලු.කොල්ලගෙ කට කනේලු.කන උඩ සාක්කුවෙලු.
 කොල්ල හිමීට කොන්දගෙන් අහනවලු අර කෙල්ල ගාල්ලටම ටිකට් ගත්ත නේද කියල.මොකද කොල්ලට අමිහිරි මතක තියෙනවලු.
ඔන්න එකපාරටම ඩ්‍රයිවර් අයියා රේඩියෝ එක දානව.
මොකක්ද දන්නවද යන සිංදුව.
"මා ලඟටම තව ලං වෙලා."
ඉතින් කොල්ල කොණ්ඩෙත් හදන ගමන් කෙල්ල දිහා බලනවලු.කෙල්ල ජනේලෙන් එළිය බලන්ලු ඉන්නේ.කොල්ලට මල පනිනවලු.
ඒත් ඉවසන් ඉන්නවලු.


ඔන්න බස් එක ගාල්ලට එනව.ඔක්කොම බහිනව.කොල්ල ඉතින් අර කෙල්ල යන දිහා බලන් ඉඳල ගෙදර එනවලු.
 ගෙදර ආපු ගමන් කොල්ල පනිනව ඇඳට ( කට කොනින් හිනා වීම සපුරා තහනම් )
 කොල්ල දැන් හීන මවනව.ලබන සතියෙ කෙල්ලගෙ ලඟින් වාඩි වෙලා ,අතින් අල්ලගෙන බස් එකේ යන හැටි.
  එක පාරටම කොල්ලගෙ අම්ම සීන් එකට එන්ටර් වෙනව.

"බත් කන්නෙ නැතෙයි...?"

ඉතින් කොල්ල කන්න යනව.
අරය කාලද දන්නෙත් නෑ..කියල කොල්ල හිතනවලු.බත් කනව නෙවෙයි වමාරනව.ඒ පාර අම්ම ඇවිල්ල ටොක්කක් අනිනව...කොල්ලට ඉස්මොල්ලෙ යනව.

අම්මෝ ඇති ඇති....ලියනව කියල කොච්චර ලියන්නද....
අන්තිමට කොල්ල මැශින් එක ඉස්සරහ වාඩි වෙලා මේක ලිව්වලු.....

මොනව වුණත් කොල්ලො පව්ය.පව් කියන්නෙ අම්බානක පව්ය.

41 comments:

  1. පිසාචයා ගාල්ලේ කොල්ලෙක්ද? හෙ හෙ,, මාත් ගාල්ලේ,. කොහොම වුනත් මල්ලියෝ ඕක කොල්ලන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් ආදරයක් ඇති වුනාම හිතෙන දෙයක්.. ඔය හැම දේම කෙල්ලෙක්ටත් ඔය විදියටම දැනෙනවා..
    හැබැයි මලයෝ ඔය හැදිලා තියෙන රෝගෙ නම් එච්චර හොඳ නෑ.. රෝගේ උත්සන්නම අවස්ථාවෙදි තමයි ඔය වගේ දේවල් වෙන්නේ,..

    ReplyDelete
    Replies
    1. චතුරි මින්දුලාApril 27, 2012 at 9:19 PM

      ඒක නම් ඇත්ත හොඳේ.... බලාගෙන මලයො

      Delete
  2. aththatama oya kathawe kohediwath kella miss une ehema nadda?
    he..he...he...

    ReplyDelete
  3. හේ හේ හේ :) ~විහඟ කොලුවා~

    ReplyDelete
  4. උබ ඔය කතාව වෙනස් කරයි කවද හරි ගංජා ගහපු දාක. මොකද මචං එකේ අතාල් එක බලන්න ගහලම බලන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. චතුරි මින්දුලාApril 27, 2012 at 9:20 PM

      ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට

      Delete
  5. testing 1..2..3...mama chimpaa :D

    ReplyDelete
  6. අම්මා මේ දවස් වල පත්තර ගන්නව ඇති කොල්ලට කෙනෙක් හොයලා දෙන්න
    අම්මට වෙනස තෙරෙන්න ඇති

    ReplyDelete
  7. :t mekath testing 1..2..3 :D

    ReplyDelete
  8. අපි කාටත් ඔය ටික අඩු වැඩියෙන් තියෙනවා මචං... ඒක තමා ඇත්ත.. පිසාචයත් ගල්ලෙද?? අපිත් උපන්නේ ගාල්ලේ තමා...

    ReplyDelete
  9. ඔන්න කොල්ලා ඊළඟ දවසේ හොඳට හැඩ වැඩ වෙලා බස් හෝල්ට් එකට යනවාය.. ටිකක් වෙලා බෙල්ල දික් කරන් ඉන්නකොට ඔන්න කෙල්ල එනවාය. එන්නේ වෙන කොල්ලෙකුගේ අතේ එල්ලීගෙනය.. කොල්ලා ට්‍රයි බුට් එකක් කෑවේය.. ගංජා ගහපු එකේ විපකේ දැන් විඳිනවාය ..

    ReplyDelete
  10. ලෙසටම ලියලා තියෙනවා.. මලක් නම් ගහල තියෙන හැඩයි !

    ReplyDelete
  11. එල... සිරාවට ලියල තියෙනවා....

    ReplyDelete
  12. "ගෙදර ආපු ගමන් කොල්ල පනිනව ඇඳට"
    හෙහ්..හෙහ්..හෙහ්.. මේව්වට හිනානොයන කටවල් මක්කටෙයි..

    ReplyDelete
  13. :o
    mata wechcha dheamai.
    haebaei anthimedi boot ekak thamai.

    ReplyDelete
  14. ඔය රෝගය හැදෙන කෙල්ලොත් ඔහොම තමා.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. @ප්‍රාර්ථනා- දැන් නම් අක්කෙ අසාධ්‍යයි.හි හි හිහි.....
    ඔව්නෙ මමත් ගාල්ලේ.අක්ක කොයි හරියෙයි.ඉඟියක්වත් දෙන්නකො....

    @Anonymous-ම්හු....නෑනේ.මේ පැත්තෙ ආවට තැන්කු.

    @මහීමා- :-) :-) :-) :-)

    ReplyDelete
  17. @විහඟ මල්ලි- උඹල නිනාවෙයල්ල ඉතින්.

    @චූටිපුතා- අපෝ..ට්‍රයි කරන්න නම් යන්නේ නෑ.....

    @චිම්පා- උබත් ආවද.....එල එල.දැන් ටෙස්ට් කලා ඇති බං.මොනව හරි කොටපන්.

    ReplyDelete
  18. @ර.ප- අනේ මන්ද.මෙහෙම ගිහිල්ල, අතුරුදන් ලිස්ට් එකේ මාව දාල හොයන්න වෙයිද දන්නෙත් නෑ..හික්...

    @දිනේශ්- මට නම් උපරිමයි..හික් හික්....ගාල්ලේ ගාල්ලේ.එලම තමයි.

    @ජයිය අයියා- එලියට ගිහින් තුන්පාරක් කෙල ගැහුව ඔන්න.(මට බයයි අයියේ..... :-(

    ReplyDelete
  19. @වෙනී- මොන මල්ද ඉතින්.බෙලිමල් තමයි.තැන්කු තැන්කු.....

    @ප්‍රසංග- ස්තූතුයි සහෝ.

    @රාජ්- අයියගෙ කට දන්න හින්ද තමයි එතන වරහන් ඇතුලෙ වාක්‍යක් දැම්මේ.ඒක ඔයාට.

    ReplyDelete
  20. බූට් කියන වචනෙ නම් මතක් කරන්න එපා සහෝ.බයටම වෙව්ලල යනව.

    @පිණිබිඳු- හිහි..හිහි....බලන්නකො ඒකෙත් හැටි නේද අක්කේ....

    ReplyDelete
  21. උඹ ඔළුවෙන් හිටගෙන කීවත් ගංජා ගහලා නෑ කියලා මට නම් ශුවර් නෑ. මේ ලියලා තියන කතන්දරේ සහ අර එදා ගුණසිංහපුර සිද්ධිය ( ඔව් ඔව් බං එදා තමයි ;) ) කල්පනා කරලා බැලුවහම උඹ ගංජා ගහලා නෑ කියන එක විශ්වාස නෑ. හික්ස්.... මොනවා වුනත් ඔය මොලේ අමාරුවට ඉක්මණට බෙහෙත් ගනින්. ඔය කියන ගෑණු ළමයා තිත්ත බෙහෙතක් එහෙම දුන්නොත් මේ යන විදිහට උඹව නවත්තන්න වෙන්නේ ඇන්ඩයියලාගේ අල්ලපු වත්තෙ තමයි....

    ReplyDelete
  22. හෙ හෙ.. මම නම් මල්ලියෝ අර නාවික හමුදාව පැත්තේ ගමේ.. හෙ හෙ
    ඔයා කොහේද?

    ReplyDelete
  23. උඹ ඇත්තටම ගංජා ගහලා නැත්ද?

    ReplyDelete
  24. බලාගෙනය් පිසා අක්ක කියල ආමන්ත්රණේ කොරන ගෑනු ළමාය්......අක්කල පිළිබඳව මේකගෙ වාර්තාව එතරම් හොඳ නැත

    ReplyDelete
  25. කොහොමද ගෙදර ආපු ගමන් ඇඳට පැනලා පැත්තකට හැරිල නිදාගෙන මනෝ පාරක් ගහද්දි තියෙන ෆන් එක?.... :D :D :D

    ReplyDelete
  26. @ගොඩයා කොහොමද ඇන්ඩය්යගෙ ගෙවල් එහා පැත්තෙ ලිඳෙන් වතුර සද්දෙ එද්දි පිසාගෙ හොර බැලිල්ල?

    ReplyDelete
  27. ඈ බන්... ගංජ නොගහ උබ දන්නෙ කොහොමද ගංජ ගැහුව කියල... ඒක කියපිය බලන්න...

    අඩේ ලිපිය නම් සිරා... යකෝ මට මතක් උනේ ඉස්කෝල් කාලේ....

    ( උබ නොවේද මගේ මූනු පොතේ ඉන්නෙ ??? අයි මීන් රියල් මූනු පොතේ ? )

    ReplyDelete
  28. අනේ අම්මප පිසෝ මේ තරම් කට්ටක් නම් මට කන්න උනේ නෑ ඕන්,,,මගෙ ලව් සීන් එක ඉතින් zuckerberg ගොයියගෙ පිහිටෙන් නෙව කොරගත්තෙ.....

    ReplyDelete
  29. @ගොඩයා- තිත්ත බෙහෙත් දුන්නොත් ඉතින් දවස් දෙක තුනක් මූඩ් ගහල ආයිමත් පුරුදු විදියට ආතල් එකේ ඉන්නව අයියේ...
    අංගොඩ නැවැතුවොත් ඇන්ඩයියලහ ඉදන්ම ඉස්පිරිතාලෙට යන්න පුළුවන් නේද.....

    @ප්‍රාර්ථනා- මම නම් අක්කෙ ගාලු පාරේ.

    @චතූ- තැන්කූ මචෝ...

    ReplyDelete
  30. @යහපත් ඇනෝ- පිස්සුද සහෝ..අපි බොදු දරුවෝ..ඕව දන්නෙත් නෑ..

    @ඔබා මාමා- කාඩ් ඉරනව කියල මෙහෙමත් ප්‍රසිද්දියෙ ඉරන එක හරි නෑනේ ඔබා මාමේ...

    @අවංකයා- මාරම මාරයි ......මේකා ඔබා මාමටත් අන්තයිනෙ....

    ReplyDelete
  31. @පිස්සා පලාමල්ල- හික් හික්.....මං මේ නිකමට වගේ කිව්වේ අයියෙ...
    (ඔව් අයියෙ...)

    @වාලක්කඩියා- අපිට කොහෙද පූසො මාළු..අපි යනවද මූදු.....
    (මලයො උඹේ බ්ලොග් එක වහල දාලද බං..)

    ReplyDelete
  32. @පිසා අයිය- නෑ අෆ්ෆ මේ අසනීපත් එක්ක ඔක්කොම හුටන් වෙල හිටියෙ,,,,,හෙට අනිද්දම ආයෙත් වඩ පටන් ගන්ට කියලා ඉන්නෙ

    ReplyDelete
  33. ඔය ඉස්ටාට් වෙලා තියෙන්නෙ "මෝල" බර බර ගාල . . . .

    ReplyDelete
  34. චතුරි මින්දුලාApril 27, 2012 at 9:23 PM

    නියමෙටම ලියලා තියෙනවා ආයි නෑ.... කියවලා ඉවර වෙන කල් සිහියක් නැති ගානට..හික් හික්.. .... අම්මපා මගේ ආදරෙත් මතක් වුනා ඕං...පිස්සුවක් තමා

    ReplyDelete
  35. මයෙ බොක්ක පිසාචී......මං ඔය කියන ආදරේ ගැනනං දන්නේ නෑ....ඒකත් ගංජාවගේම ආතල් ඇති කියලා හිතෙනවා.

    ReplyDelete
  36. හත් ඉලව්වයි. ඕක කාලයක් මටත් තිබුනා ගන්න ඕනේ බෙහෙත් වැඩිය ගත්තට පස්සේ හරි ගියා එකම බෙහෙතයි තියෙන්නේ ඒ කසාදෙ ලොල්

    ReplyDelete