Monday, September 12, 2011

හැමෝම සිනාසෙන - මට විතරක් ඇඬෙන ( ආදරය කරපු කෙල්ලගෙ වෙඩින් එකට යන්නද හිතන් ඉන්නෙ) - 01

    මඟුල් ගෙවල්..තරමක් දුරට එපා වෙන මාතෘකාවක් නේද...

  හැබැයි ඉතින් මඟුල් ගෙවල් කියන්නෙත් අමුතු අමුතු දේවල් සිද්ද වෙන තැනක්.ඔව් ඉතින් මඟුල් ගෙදරක සිද්ද වෙන්නෙ අමුතු දේවල් තමයි.(ඒ පස්සෙනෙ)

නෑ..මං මේ කියන්න හැදුවේ, සමහර මඟුල් ගෙවල් වල සමහර වෙලාවට අමුතු සීන් කෝන් සිද්ද වෙනවනේ. පෝරුවට නඟින දෙන්නගෙන් කෙනෙක්ගෙ පරණ පෙම්වතා හරි පෙම්වතිය හරි එදාට ආවම උදාවෙන තත්වය ගැනයි මං මේ කතා කරන්නේ.සමහරවිට දෙන්නගෙම පරණ සෙල්ලම් එළිවෙන්නෙ එදාට වෙන්නත් පුළුවන්.

මේ ගැන මගෙත් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා.ඒ අපේ අක්කගෙ වෙඩින් එකේදි.මගේ අක්ක වුණත් හැඟීම් දැනීම් තියෙන ගෑණු ලමයෙක්නෙ.
 ඉතින් එයාගෙ පළවෙනි ආදරය අවුරුදු ගාණක් තිබිල පස්සෙ ඒක බ්‍රේක් වුණා.ඊට කාලෙකට පස්සෙ අක්කගෙ දෙවෙනි ආදරය සාර්ථක වෙලා එයාව තමයි දැන් බැඳල ඉන්නෙ.
 ඉතින් වෙඩින් එකට කලින් දවසෙ ගෙදර පෝන් එකට කෝල් එකක් ආව. කෝල් එක ගත්තෙ මම.


කතා කලේ කොල්ලෙක්.හැබැයි බීලා.අක්කව අහනව.මං කිව්ව අක්ක නිදි.
ඕන නම් හෙට කතා කරන්නෙයි කියල.
මේක අහන්නෙම නෑ.....කතා කරන්නම ඕනෙයි කියනව.
මටත් මල පැන්න.
ඒ පාර මං බැන්න.මෙන්න ඒ පාර මේකත් මට බනිනව.
මට දැන් මීටර් වේගෙන එන්නෙ මේ කවුද කියල.අක්කගෙ පලවෙනි ආදරය.

පස්සේ එයාම කෝල් එක තිබ්බා.

ඊට දවස් ගාණකට පස්සෙ මම කල්පන කලා, එදා අර කොල්ලගෙ හැඟීම් කොයි වගේ එකක් වෙන්න ඇත්ද කියල.ඒක හරියට දුකයි,ඉරිසියාවයි, මිශ්‍ර වෙච්ච එකක් වෙන්න ඇති කියල මට හිතුණා.


හරි ඒක පැත්තකින් තියමුකො.

මගේ පළවෙනි ආදරය මම විහින් නැතිකරගත්ත.ඒක ගැන කතා නොකර ඉමු.
ඉතින් කවද හරි මටත් අර වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙනව නේද...කියල හිතෙනකොට නම් පිස්සු වගේ.

පොඩ්ඩක් හිතන්න, කුළුදුලේම හිත පූජ කරපු කෙල්ලගෙම වෙඩින් කාඩ් එක අතට ලැබුණාම.















මං හිතන් නෑ මේක ලියන මට විතරක් මේක අදාලයි කියල.කියවන කට්ටියගෙන් 75% ට වඩා මෙහෙම වෙනව කියල මං දන්නව.( ශ්‍රී ලංකා ජාතික සමීක්ශන වාර්තාව ඇසුරෙනි )

ඉතින් ......
හැබැහින් ඒ වගේ අවස්ථාවකට යන්න කලින් ඒක ගැන මනෝපාරක් එහෙම ගහන්න කැමතිද..මං වගේ.
එහෙනම් පහල තියෙන ගීත ටික ඔයාලට වැදගත් වේවි.


ඇරයුම්පතක් මා සුරතේ තනි වී....

මං කලින් කිව්ව වගේ, කෙල්ල ඇවිල්ල,
 මං මෙදාට බඳිනව.ඔයා අනිවාර්යෙන් එන්න කියල යනව.
මොන වගේ දේවල් හිතට  ඒවිද.ඒකිව මරන් කන්න වගේ එකක්.
අනේ මන්ද.
"විජේබණ්ඩාර වැලිතුඩුව" ගායනා කරන මේ සිංදුව හරිම ලස්සනට ඒ වගේ අවස්ථාවක් දරාගන්න පෙම්වතෙක්ගෙ හැඟීම් කියල දෙනව.


(සිංදුව බාගන්න උඩ ක්ලික් කරන්න ) 


ඇරයුම් කරන්නෙපා....

 කෙල්ලගෙ වෙඩින් එක ලඟදිම තියෙනව කියල දන්නව කියමු.සමහරවිට  කෙල්ල ඇවිත් කාඩ් එකකුත් දේවි කියල හිතෙනව.
 ඒත් කොහොමටවත් වෙඩින් එකට යන්නෙ නෑ කියල හිත තද කරගන්න ඔයාලට පුළුවන්ද.
අන්න ඒ වගේ අවස්ථාවක හැඟෙන දේවල් "මාධව ඉඳිකැටිය" ගායනා කරන මේ සිංදුවෙන් කියල දෙනව.



සදාදර නයෝ ඔබේ....

"ජයන්ත දිසානායක" ගායනා කරන මේ සිංදුවත් හුඟක් හිතට වදින එකක්.
 තමන්ට ආරාධනා නොකලත් තමන් ආදරය කරපු පුංචි කෙල්ල මනමාලියක් වෙලා ඉන්නව බලන්න එන පරාජිත පෙම්වතෙක්ගෙ කතාවක් තමයි මේකෙ කියන්නෙ.මම ආසම සිංදු වලින් එකක් තමයි මේක.














අම්මෝ...දැන් නම් නිදිත්මතයි.
අනික හෙට ක්ලාස්.එහෙනම් අනිත් සිංදු ටික මං ඊලඟ පෝස්ට් එකෙන් දෙන්නම්.

එතකන් කට්ටිය සිංදු ටික අහල මනෝපාරක් ගහගෙන ඉන්නකො.

යන්න කලින් අහම්බෙන් වගේ ඇහැ ගැටුණ ලස්සන කවියකුත් ලියල තියලම යන්නම්.
මේකත් අද මතෘකාවට අදාල ලස්සන කවියක්

පෙර දිනක මම දුන්න දුක මටත් විඳගන්න
ඇරයුමක් එව්වාද නුඹෙ මඟුල් ගෙට එන්න
දෙපා පණ නැතිවුණත් බලන් ඉඳලා යන්න
එනවා මං නුඹට දුන් දුකම උහුලන් ඉන්න

නුඹ මගෙත් නොවුණ මං නුඹෙත් නොවුණ
පෝරුවත් අපෙ නොවුණ..
ජයමංගල ගීත ගැයෙන හැමෝම සිනාසෙන
මට විතරක් ඇඬෙන.......
ඔය මඟුල් ගෙදර පාළු කරලා යන්න
ඇවිත් යන්නේ කොහොම මං
                           -ඉඳුනිල් සිංදු-
                              තරුණයා

17 comments:

  1. "ශ්‍රී ලංකා ජාතික සමීක්ෂණ වාර්තාව"
    කොහෙන්ද පිසෝ උඹ පච කෙලින්න ඉගෙන ගත්තෙ? හිකිස්.....

    ReplyDelete
  2. ඔය සදාදර නයෝ කියන සිංදුව නම් හැමෝම දන්නෙ අර ගැරඬිච්චි එක්ක ප්‍රේමෙන් වෙලිල ඉඳලා පොල්ල තියල හැපින්නක්ම බඳින දවසෙ ගැරඬිච්චි නයාට කිව්ව විරහ ගීතය් විදියටනෙ...

    ReplyDelete
  3. නියම ලිපිය...

    ඕක "කෙලෙසද කිව මැන සිප ගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ..." සින්දුව කියන්න වෙන සීන් 1ක් උනොත් කොහොමද?

    ReplyDelete
  4. ඔය අත්දැකීමට ඇත්තටම මුහුණ දීපු කෙනෙක් මොන තරම් දුකක් විඳිනව ඇත්ද.

    ReplyDelete
  5. දුක ඊරිසියාව හිතෙනව තමා.

    ReplyDelete
  6. මේවගේ අත්දැකීමක් නම් නෑ.... අනේ අම්මෝ එහෙම අත්දැකීමක් ඕනෙත් නෑ... මොකද දැන් නම් අදහසක් තියනවා එහෙම අත්දැකීමක් විඳින එකා මොනතරම් දුකක් විඳිනවා ඇතිද කියලා.......

    ReplyDelete
  7. මං නං ඕව නවත්තන්නේ හිස්ට්‍රිඑක මකල කුකීස් අයින් කරල වින්ඩෝඑකම ක්ලෝස් කරලා තමයි. ඊට පස්සෙ අර ෆයිල් මතුවෙන්න දෙන්නෙ නෑ. ඒත් ඒ වැඩේ හැමෝටම හරියන්නෙ නෑ.

    ReplyDelete
  8. ඒ වගේ අවස්ථාවකට කොහොම මුහුන දෙන්නද?? හිතාගන්නවත් බෑ...

    ReplyDelete
  9. @ඔබා මාමා- වෙනකොහෙන්ද ඉතින්...ඔබා මාමා වගේ අය ආශ්‍රය කරලම තමයි අපිට මෙහෙම වුණේ.


    @වෙනී- හරිම හිරිකිතෙන් කියන එකක් වෙන්න ඇති එහෙනම්.

    ReplyDelete
  10. @මන්තරකාරි- ඒකත් මගෙ ලිස්ට් එකේ තියෙන සිංදුවක්.....බොහොම ස්තූතියි....අක්කේ


    @පිණිබිඳු- ඇත්ත අක්කේ...හුඟක් දුක් විඳිනව අක්කේ.හිතාගන්න බැරිතරම්.

    @නදී- අනිව අක්කේ....

    ReplyDelete
  11. @ගොඩයා- පිස්සුද අයියේ, අයියට නම් ඔහොම වෙන්නේ නෑ.අයිය අනිවා කොඩිය දාල තමයි පස්ස බලන්නේ.මං මේ කිව්වේ......

    @රාජ්- ඔයාට වුණත් 100% හරි ගියේ නෑ නේද අයියේ...එහෙනම් පුදුමයක්...!!

    @දිනේශ්- හිතාගන්න බෑ නේන්නම්.ඒත් මුහුණ දෙන්නත් වෙනව.ඉස්සරත් එහෙමයි.ඉස්සරහටත් එහෙමයි......

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම් මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ.... b b b b b ~විහඟ කොලුවා~

    ReplyDelete
  14. නියම පොස්ට් එක...
    ඇයි මේක,
    ඊයේ උදයේ ඔබ පෝරුව මත දු‍ටුවා
    හිතවතකු මගේ ඔබේ සුරත දරා සිටියා

    ReplyDelete
  15. සදාදර නයෝ,,,,ඒක ඉතින් කියන්ඩ පුලුවන් මං වගේ එකෙක්ටම තමයි,,,,හික් හික්

    ReplyDelete
  16. මං බ්ලොග් දෙක තුනකම කොමෙන්ට් විදියට සඳහන් කලා මගෙ අවුරුදු 11කින් ඉවර වෙච්චි පලවෙනි ආදරේ ගැන . . . . මම තමයි කෙල්ලගෙ වෙඩිම දවසෙ (උත්සවය තිබුනෙ කෙල්ලගෙ ගෙදර) සහ ඊට කලින් ඒ ගෙදර සරසන වැඩ ඔක්කොම කලේ . . (මම තනියෙං නෙමේ) . . . අන්තිමටම පිඟන් ටිකත් හෝදලා ගෙදර තිරි වෙලා තිබුන වැඩ වලටත් උදවු වෙලා ආපහු ආවෙ . . . . හැබැයි මට කිසිම දුකක්, ඊරිසියාවක් ඇතිඋනේ නෑ ඒ කෙල්ල ගැන . . . .

    ReplyDelete
  17. නියමයි මචන් පෝස්ට් එක.! දිගටම ලියන්න.! වෙනස් , වටිනා අදහස් ඔයාට තියෙනව.

    ReplyDelete