Wednesday, June 08, 2011

කුළුදුල් පෙම...

කාලෙකින් අලුතෙන් ලියන්නත් බැරි වුණා.වෙලාවක් නෑ අප්පා.......
  ලඟදි මට ලස්සන සිංදුවක් අහන්න ලැබුණා.ඒක කොච්චර හිතට වැදුනද කිව්වොත් උදේට නැගිට්ට ගමන්මයි, රෑට නිදාගන්න කලිනුයි කොහොම හරි මේ සිංදුව අහනවමයි.
   ගීතය ගොඩක්ම හිතට  දැනෙන්න හේතුවකුත් තියෙනවා.ටිකක් විතර පෞද්ගලික කතාවක්.අපේ අයියත් මගේ බ්ලොග් එක කියවනවා.දැන් ගෙදර ආපු ගමන් ප්‍රශ්න වැලකට උත්තර දෙන්නත් වෙනවා.

    ගීතය ගායනා කරනු ලබන්නේ අතුල අධිකාරි සහ සමිතා මුදුන්කො‍ටුව විසිනි.
ගීතය නම් කරලා තියෙන්නේ, "නැළවෙන සුලඟත්.." නමින්.
 
  සාමන්‍යයෙන් ලාංකීය සමාජය තුල ආදර සම්බන්දතා ඇතිවීමේදී ,මුල්ම අඩිය තියන්නේ පෙම්වතා විසිනි.ඔහු තම පෙමවතිය ඉදිරියට ගොසින් හෝ වෙනයම් මාර්ගයකින් තම ආදරය ඇයට ප්‍රකාශ කරනවා.
  ඒ සඳහා ඔහු පෙරුම් පුරන අයුරු ,ඒ ගැන සිතේ ඇතිවන තිගැස්ම ඔබලාට අමුතුවෙන් කිවයුතු නොවේ යැයි සිතමි.

       නමුත් මෙම ගීතයෙන් කියවෙන්නේ එම සම්ප්‍රදාය බිඳ දමන අවස්ථාවකි.
ගීතයේ සඳහන් ආකාරයට පළමුව තම සිතැගි ආදරය ප්‍රකාශ කරන්නේ පෙම්වතිය විසිනි.එය ඇයගේ කෙසේ වෙතත් ඔහුගේ ප්‍රථම ප්‍රේමයයි.(මෙතන මට අදාල නැත)
  ඇයගේ අදහසට,යෝජනාවට ඔහුගේද අකැමත්තක් නැත.අවසානයේ ඔහුද සිය කුළුදුල් ප්‍රේමය ඇයට පුදයි.

     

නැලවෙන සුළගත් සන්සුන් සිතකට
හිරිහැරයක් වේ නම්
තරුමල් දෝතක් ලඟින් තියා ඔබෙ
මම හෙමිහිට යන්නම්
සඳමල් සිපගෙන එන මඳ සුළගට 
මමත් ආදරෙයි නම්
ලස්සන ඇස් දෙක දිහා බලාගෙන 
සිතිවිලි නලවන්නම්


රෝස දෙතොල්පෙති සිනා සලනවා
මල් සුවඳකට දැනෙයි
පෙම්බර මිහිර දිදී
හාදු අරන් මඟ බලා ඉන්නවා
ඒ මල් සුවඳ දිදී
මගෙ මල් කුමරියනී



සමාවෙන්න ඔය හිත රිදුණානම්
නොයිඳුල් පෙම සිහිවී
චුට්ටක් පමා වැඩියි
දයාවන්ත රන්වන් සමනළියේ 
කුළුදුල් පෙම සඳකී
සඳවත් මම සිඹිමී


නැලවෙන සුළගත්......


ගීතය මෙතනින් ලබා ගන්න


  මෙම ගීතය රචනා කල තැනැත්තා සෙවීමට මම මහත් වෑයමක් ගත්තෙමි.නමුත්මගෙ උත්සහය සඵල නොවීය.ගීතයේ සංගීතය අතුල අධිකාරී විසිනි සිදු කොට ඇත.
ගීතයට සිදු විය යුතු අතිශය සාධාරණය ඔහු විසින් ගීතයට ලබා දී තිබේ.ගීතය කිහිප වරක් එපා වීමක් සිදු නොවීම ඇසිය හැක්කේ ඒ නිසායි.




            ගායනයේදී සුපුරුදු පරිදි අතුල මෙන්ම සමිතා ද තම උපරිමය ගීතයට ලබා දී තිබේ.
ඔවුන් දෙදෙනාගේ හඬ ආත්මය තුලින්ම එන්නේයැයි කිහිප වර ගීතය අසද්දී මට සිතුණි.ඔවුන් දෙදෙනා අඹුසැමියන් නිසා එහි පුදුම වීමට තරම් කරුණක්ද නැත.

   ගීත රචනය දෙස බැලීමේදී එය අතිශය සුන්දරය.පද භාවිතය ඉතා මනරම්ය.
මා මෙහි ආසම පද පෙළ වන්නේ....
"දයාවන්ත රන්වන් සමනලියේ.....කුළුදුල් පෙම සඳකි...සඳවත මම සිඹිමී...." යන්නයි.
  පෙම්වතියගේ ආදරය ඔහු පිළිගන්නා අකාරය දක්වා ඇති අයුරු ඉතාඅ අගනේය.




ලඟදීම මමද සඳවත සිඹීමට බලාපොරොත්තු වෙමි.

කවදත් ඔබගේ අදහස් අගය කරමි.

9 comments:

  1. Song eka hodai Pisaa male,
    den ubath Armstrong vage hadata yannada inne sadavatha ibinna

    ReplyDelete
  2. අම්මෝ ඉඹපන් ඉඹපන් .. හැබැයි රාහුට( නැන්දම්මට) අහුවෙන්න එපා..

    ReplyDelete
  3. දැන් ඉතින් දෙන්නා වෙන් වෙලා නිසා (අතුල සමිතා) ඕවා අදාල නැතුව ඇති

    ReplyDelete
  4. මල්ලිටත් හිතෙන දේවල් . . . .

    "ලඟදීම මමද සඳවත සිඹීමට බලාපොරොත්තු වෙමි."
    . . . . .මල්ලිගෙ ටෙස්ටෙස්ටෙරෝන් මට්ටම දිගට හරහට ඉහල නගිනවද මන්දා ?????

    ReplyDelete
  5. @UK- ස්තුතියි අයියේ...
    @ජයියා-හිහි,..හි...අපෝ ලඟටවත් යන්නේ නැ‍තෝ....

    ReplyDelete
  6. @පිණිබිඳු-අනේ මන්දා අක්කේ
    @ඕනයා-වයසේ වැ‍රැද්ද නේ අයියේ.....

    ReplyDelete
  7. මගේ වගේ කතාවක්.මමත් නෑ නේ අහන්න ගියේ ඕව

    ReplyDelete
  8. ඔය එන්නේ එලියට....

    ReplyDelete