Tuesday, May 10, 2011

සරසවි ගී 02

  සරසවි ගී පලමු කොටසට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම පලමුව ස්තුතිවන්ත වෙමි.
          පෙර සදහන් කල පරිදිම තවත් ගීත කිහිපයක්ම මාගෙ සිහියට එයි.නමුත්  ඒවා ගැන මෙසේ ලිවිමට තරම් ඉස්පාසුවක් නොවීය.

 කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් ගායනා කරන තවත් සුමියුරු ගීයක් මා පලමුව ගෙනහැර දක්වමි.
   "හන්තාන දෙසින් එන...." එම ගීතයයි.

     හන්තාන දෙසින් එන....මුදු සීත සුලන් ‍රැලි
     ඔබ තාම හොදින් හදුනනවානම්....
     මේ පාන ඔබේ   සුරතින් දැල්වූ
      මං බෝම ප්‍රවේශම් කර ගන්නම්.......

     සංසාර පුරුද්දටදෝ මන්දා
     ගංගාව ශෝකයෙන් වැලපෙනවා..//
     මං තාම මහාවැලි ගං ඉවුරේ
     වැලි පාර දිගේ හවසට යනවා...

     හන්තාන දෙසින් එන.....

     තනි වී අද මා මේ වැව රවුමේ
     දළදා පෙරහැර සිරි නරඹනවා..//
    මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
    එහි හිදිනු ඇතැයි නිකමට සිතෙනා...

 සරසවි ප්‍රේමය ගිලිහි ගිය අහිංසක පෙම්වතෙකුගේ වේදනාකාරි හැගුම් සමුදාය මෙම ගීතයේ ගැබ් වී තිබේ. ගායනය අතින් දිවුල්ගනේ විසින් ගීතයට උපරිම සාධාරණය ඉ‍ටු කොට ඇත.




ගීතය මෙතනින් ලබා ගන්න.

සරසවි ගී අතරින් වැඩිපුරම කතාබහට ලක්වූ සරසවිය පේරාදෙණිය සරසවියයි.මාගෙ සිහියට නැගෙනා මීලග ගීතයද එසේමයි.
   ධම්මිකා දේවසුරේන්ද්‍ර විසින් ගායනා කරන මෙම ගීතය, මෙම කාණ්ඩයට අයත් ගීත අතරින් ගායිකාවක විසින් ගායනා කරන ගීත අතලොස්සෙහි පෙරමුණේ වෙයි.

   ඉස්සර දවසක..ලස්සන සවසක
   අත්වැල් බැදගෙන  අපි දෙදෙනා
   මහවැලි අයිනේ නන්ධන උයනේ
   මතකද හෙමිහිට පිය නැගුවා ..පිය නැගුවා...

   හන්තානේ කදු පිසගෙන සුසිනිදු
  සීතල මදනල හමා ගියා...
  දෙසවන් මත් කර සිත සන්සුන් කල
  සුන්දර ගී හඩ ගලා ගියා...ගලා ගියා...

   ඉස්සර දවසක..ලස්සන සවසක....


   නා දළු පහසක..මල් පෙති රහසක
   රසබර සමයයි ගෙවී ගියේ...
   කොළොම් පුරවරේ ගිනිදැල් අතරේ
   තවමත් ඒ සුව මතක තියේ..මතක තියේ.....


    ඉස්සර දවසක..ලස්සන සවසක..

 කොළම් පුරවරේ යුවතියක්  පේරාදණි සරසවි වරම් ලැබ යයි.එහිදි ඇය සිය ආදරය යහමින් භුක්ති විදියි.නමුත්
අවසානයේ ඔවුන්ටද එක් වීමට ලබෙන්නේ නැත.
මෙයද ඔබ විසින් ඇසිය යුතුම ගීතයක් ලෙස මා දකියි.


ගීතය මෙතනින් ලබා ගන්න.


        පේරාදෙණිය සරසවිය පිලිබදවම ලිය වූ තවත් අපූරු ගීයක් වේ.එනම් දයාරත්න රණතුංග සූරීන් විසින් ගායනා කරනු ලබන "සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ.." යන ගීතයයි.


සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
 කිමද කුමරි නෙතු කදුලැලි පුරවන්නේ...//

   මොරසූරන මහ වැස්සේ තනි කුඩයේ
   අප තනි වී දොඩමළු  වූ හැටි පෙනියේ
   කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
   මතකද මහවැලි දෑලේ සපු සෙවනේ


  කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
  එදා ලපළු හෙවනේ සරතැස නිවුනේ
  අපේ මියුරු සීන පිරුණු රජදහනේ
  මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ

  කෝල බැලුම් හෙලා රගන පරෙවියනේ
  මාල බැදුනු ගෙල කුමරිගේ හදපානේ
  හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
  හන්තානේ කුමරියේ නාඩන් ළසදේ

       


  වසර හතරක ප්‍රේම වසන්තය අවසානයේ වෙන් වී යාමට සැරසෙන මොහොතේ ආදරවන්තායාගේ සිතෙහි ඇති වන සිතිවිලි සමුදාය මෙලෙස ගීතයක් බවට පත් වී තිබේ.
  තම ප්‍රේමවන්තියගේ සියලු ඉගිබිගි,හැසිරීම් ඔහුට මොහොතක් පාසා සිහි වේ.
නමුත් දෛවය ඔවුන්ව වෙන් කිරීමට තීරණය කොට හමාරය.ඔවුන්ට කිරීමට සිදුව ඇත්තෙ වෙන්ව යාම පමණි.


    මෑත කාලයෙදි මා ඇසු ගීත අතරින් වඩාත් ප්‍රිය කරන ගීතයක් අවසාන වශයෙන් ඔබට ගෙන එමි.Innersenze
නම් සංගීත කණ්ඩායම විසින් ගායන කරන මෙම ගීතය නම් කොට ඇත්තේ Campus lullaby ලෙසයි.

   මෙම ගීතය පිළිබදව මා අදහස් දක්වනවාට වඩා ඔබටම ඒ ගැන සිතන්නට ඉඩ ලබා දෙන්නට මට සිතෙයි.
  ඔබට සිතෙන දෙයක් පහලින් සදහන් කරන්නේ නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

   ආත්ම පරිත්‍යාගේ ඒවා උන්ට වැදගත් නැ.
   පරිස්සමින් නුඹ පලයන් වීරයෙක් වගේ
   බාධක පිරි අනාගතේ වල කපන්න පිරිස වැඩියි
   මනුස්සකම බාල්දු වුණු නපුරු ලෝකයේ

  No Matter what  a degree you hold a Bsc or PHD
  Whenever you walk out of the gate,you got to face your destiny
  This life's so hard so complicated
  You may find a comfort in it
  Oh my friend just dont ask me why
  This is campus lullaby

  පුංචි එවුන් කාලේ වගේ අතැගිල්ලක් පටලාගෙන
  පිය නගන්න වරෙන් මචං සිංහයෙක් වගේ.
  වැව් ඉස්මත්තෙන් එමින්(හැබයි) ගිනියම් මහ පොළොව මතින්
  අපි නොදන්න ජීවිතේක අකුරු කරන්න

  No matter what a  degree you hold.........
  
  වෙන්වෙන්න කාලේ හරි මචං තම තමන්ගේ ලෝක ගොඩනගා ගන්න
  ඒත් මේ ලෝකේ හරිම පුංචියි, අපේ ජීවිත ගොඩාක් ඩිගයි
  අපි ආපහු මුනගැහෙමු දවසක, එතකන් නුඹ නැලවියන්..

  No matter what a degree you hold....
  
  

 ඔබේ අදහස් ලැබේ නම් වටී.
  

7 comments:

  1. මේ අඳුරන පොරක් වගේ.

    ReplyDelete
  2. ඔව්නෙ සෑහෙන අදුරන පොරක්....මේ පැත්තෙත් මන් ගැජ්ජුවට තැන්කු වේවා.ආයි නිවාඩු පාඩුවේ මේ පැත්තේ ඇවිල්ල යන්නකො....!!

    ReplyDelete
  3. මම නම් අර ගහට ගහක් හමුවෙන කැම්පස් එකේ..
    ඒකෙ මඩ පත්තරේක ගහල තිබ්බ කවියක් මතක් උනා.

    හන්තානට පායන සඳ අපිට නැතී
    කොළඹ වගේ හොඳ පොෂ් බඩු අපිට නැතී
    ජපුර වගේ එකට හතක් අපිට නැතී
    බීලා ගත්තු ආතල් නම් එමට ඇතී..

    ReplyDelete
  4. එන පොට හොඳ නැත කෙල්ලෝ ගෙට ගන් කියල කියන්නයි වෙන්නේ. පිසාචය ආදරේ ගැන ලියනවා වැඩියි වගේ !!!

    ReplyDelete
  5. @පිණිබිඳු-ඔය කවියම අපේ ඕනයා අයියම මගේ කලින් පොස්ට් එකේ දාලා තිබුණා.මං නම් හිතුවේ රුහුණේ එකෙක් ලියලා වෙන්න ඇති කියලා

    ReplyDelete
  6. ලංකාප්‍රිය- අනේ කාටවත් ඇහෙන්න නම් කියන්න එපා.මං පව්නේ.
    එක අතකට ඔයත් හරි නරකයි අයියේ.අපිට හරි යනවට ඔයගොල්ලො කැමති නෑනේ.

    ReplyDelete
  7. @පිණිබිඳු: ඕකට කියන්නෙ මොර‍ටු විලාපය කියල

    ReplyDelete