වරක් මා සෙනෙහසින් සිපගත්තු මුවමඬල
සියවරක් රස වින්ද ඔබෙ සුමුදු නෙත් කැල්ම
සුදු රෝස මල් වලට උපමේය වූ මුහුණ
අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම
සඳ මඬල දුටු දාට හිත දවන ඔබෙ මතක
සිහිනෙනුත් සඳ කුමරි කිව්වේම නුඹෙ වරුණ
ගඳ ගසන සළු වලින් දෙනෙත් වැසුණා සේම
අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම
මට අහිමි මල් කැකුල ඔහුට හිමි වූවාට
මල් රොනක තරම්වත් තරහ නෑ මයෙ හිතට
අසරණව හිඳියාට ඔහු දෙගුරු සභා මැද
අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම
මහතුනේ අසාපන් මා කියන දේ හොඳට
අන්සතුය පෙරදාක පෙම් කරපු ඒ සිහින
එමුදු සුවඳයි රුවයි ඒ ලඟ හිටපු මයෙ මැණික
අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම
බොහොම ලස්සන අදහසක්... ලස්සන කවියක්
ReplyDeleteබොහොම ස්තූතියි තිසර....
Deleteබූට් කෑවම ඔය වගේ ඒවා ලියවෙනවා. සමහර විට ඔයිටත් වඩා හොඳ එවා...
ReplyDeleteනැස්තන් නැස්තන්.........
Deleteකවිපද ටික විතරක් නෙවෙයි කවියේ අදහසත් බොහෝමත්ම ලස්සනයි.good work..!
ReplyDeleteඅවාසනාවට ඇත්තක්........පොඩි අත්දැකීමක්......
Deleteහ්ම්ම්...තවත් එක බූට් නිසඳැසක් නම් නෙවේ......
ReplyDeleteබූට් නිසදැසට පසු තත්වයක් මචෝ....හැමදාම නෑ හැමතැනම නෑ....
Deleteහලේ පැරණි පෙම්වතියෝ...
ReplyDeleteමට ඇඩෙනවා ඈ..
තරියට නම් එහෙම අය බර ගාණැක් ඉන්නව වගේ,,,,නේ......
Deleteශහ්හ්හ්හ්... කවි ටික හරිම ලස්සනයි!!! :) අදහසත් එහෙමයි!!!
ReplyDeleteහිතුවක්කාරිට කියන්නේ...ඔයාටත් ස්තූතියි.......
Deleteඕවා ගැන නොහිතා ඉන්න එක හොදයි මළයා..
ReplyDeleteඒක ඇත්ත අයියේ.....ඒත් ඉතින් වටින් පිටින් මේව ඇහෙනකොට නොහිත ඉන්නත් බෑ අප්පා....
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඕව ලියන්න එපා අප්ප....:/
ReplyDeleteඅනේ ඉතින් මෙව්ව පපුවටම වදින හින්ද..දුකයි තමයි ඉතින්.....
Deleteමොනාද බං ඉඳල හිටලා එනකොට බූට් කවි දාල අපිවත් අන්දොස් කරවන්නේ.
ReplyDeleteපහුගිය දොහේම පොඩි පොඩි වැඩ ගොඩක් සෙට් වුණා..ඒකයි වැඩිය මේ පැත්තට ඔළුව දාන්න බැරි උනේ......
Deleteජිවිතේ ඔහොම තමයි..හැමදේටම පුරුදු වෙන්න ඕන...හාමිනේගෙන් ඕව අහගන්න.....
මොකද මලේ මේ හැමදාම බූට් කවිම ලියන්නේ. ලියන්න යමක් ඇහැ ගැටුණේ නැතිවද? දැන් ලියන්නෙත් බොහොම අඩුවෙන් නේ.විභාග අත ළඟටම ඇවිත් වත් ද?
ReplyDelete