Friday, September 09, 2011
මට සමාවෙයන්
මතකද දවසක්
ක්ලාස් ඇරිල එන ගමන් බයිසිකලේ පැත්තකින් නවත්තල උඹ උබේ හීන ගැන මට කිව්වා....
නිස්කලංක පැත්තක තට්ටු දෙකේ ගෙයක් හදාගෙන උඹේ සුරංගනාවියත් එක්ක
එහේ පදිංචි වෙලා......
ඔෆිස් එකක පැය අටේ රස්සාවකට ගිහින්
හවස ගෙදර එනකොට එයා උඹ ඉස්සරහට දුවන් එනකොට
උඹ කොච්චර ආසද කියල
කිව්ව මතකයි නේද......
ඒත් අද........
ඝනට වැවිලා තිබුණ උඹේ කොණ්ඩේ
කපල ගංදියේ පාකරල හැරියලු...
ලස්සන ලස්සන ඇඳුම් වෙනුවට
තනි සුදු විතරලු අඳින්නේ....
උඹ අද කෝල් කරල එන්න කිව්වෙ මට මේව බලන්නද...
උඹට එහෙම කියන්න හයියක් තිබුණට මට ඒව අහන් ඉන්න හයියක් නෑ...
මට උඹේ ලඟට ඇවිත් වැඳ වැටෙන්න බැරිකමක් නෑ...
ඒත් කරට අත දාගෙන එකට කාපු බීපු
උඹගෙ ඇස් දිහා බලන් කතා කරන්න
මට දුකයි.......
ඒත් මං එන්නම්....
ඔව්... මං අනිවාර්යෙන් එනව
ඇවිත් උඹට...කතාකරනවා...
ඒත් අද පෝන් එකෙන් කතාකරද්දි වගේ....
පුරුද්දට "උඹ" කියල මගේ කටින් කියවුණොත්
මට සමාවෙයන්......
( ප්‍රභාත්...මගේ හොඳම යළුවො දෙන්නගෙන් එක්කෙනෙක්...තව ටික දවසකින් එයා පැවිදි වෙනව...)
Subscribe to:
Post Comments (Atom)
ඌ ගිය තැනට යන්න අපිට ගටක් නෑ,එක තම ඇත්ත .
ReplyDeleteජීවිතයෙ අනිත්‍ය හොඳටෝම දැනිලනම් මහණ වෙන එක ගැන - අපි පියහි විප්පයෝගෝ දුක්කෝ -දුක විඳ දරා ගත යුතුයි. ඒත් සමහර මහණ වෙලා පෙරුම් පුරන වහන්සේලා කරන විසූක දස්සන මාලා දැක්කහම නම්.. අපිටයි සසර කලකිරෙන්නෙ..
ReplyDeleteවෙනිගේ කතාව නම් 100% ඇත්ත. කොහොමත් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි මල්ලී... ඒත් උඹේ යාළුවා මහණ වෙන්නේ සසර තේරුම් අරන් මිසක් සසර කළකිරිලා නෙවෙයි නම් ඒක ලේසියෙන් කොල්ලෙක්ට කරන්න බැරි වැඩක්.... මොකද අපි ඇත්ත දැක්කට තේරුම් ගන්න බයයි.... අපිට පෙනුනට පිළිගන්නේ නෑ.... ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි ඒත් උඹේ යාළුවා ඇත්ත දැකලා තේරුම් අරන් ඔය ගමන යන්න හදනවා නම් උඹ හයියක් වෙයන් උඹේ යාළුවට......
ReplyDeleteයාළුවා ගැන දුක් වෙලා වැඩක් නෑ සහෝ. එයා ගැන සතුටු වෙන්න. අපිට ඔය දේ කරන්න සහ්ක්තියක් නෑ. ආසාවන්ගෙන් අපිව බැමි බැඳලා හිර කරලා තියෙන්නේ. ඒ නිසා යාළුවා යන තැන ගැන සතුටු වෙන්න...
ReplyDeleteයාලුව ගැන ආඩම්බර වෙන්න ඕනනේ බන්..
ReplyDeleteඅවරුදු හතළිහකට විතර ඉස්සර දවසක "මොකද බන් මේ කරගත්තෙ" කියල මගෙ අතින් නිකම්ම ඇහුන
ReplyDeleteයාළුවා ගැන දුක්වෙන්න එපා.. සතුටු වෙන්න.. වෙනදා වගේ එකට විනෝද වෙන්න ඔයාලට බැරි වේවි... ඒත් යාළුවා යන ගමන ගැන හිතලා සතුටු වෙන්න...
ReplyDeleteපින් කෙතක් වගෙ යාළුවෙක් ඉන්නේ........ යාළුවා ගැන ආඩම්බර වේන්න.
ReplyDelete(අපේ කැම්ප් හිටියද මචං)
@තරිඳු- ඇත්තටම අයියෙ ගටක් නෑ....හිතෙනෙකොටත් පුදුමයි.
ReplyDelete@වෙනි- ඒව නම් අයියෙ කියල වැඩක් නෑ.මං හාමුදුරු කෙනෙක්ගෙ පොටෝ එකක් හොයාගන්න ගූගල් සර්ච් කරනකොට තිබුණෙම හාමුදුරුවරු වලි දාගන්න පොටෝමයි.ඒ අදහස ඉතින් මං අතෑරියා
@ගොඩයා- අයියේ ,සසර කළකිරිල නම් නෙවෙයි මහණ වෙන්නෙ.සසර හොඳට තේරුම් අරගෙන.ඒක තමයි මට දුක අඩු කර ගන්න තියෙන එකම සැනසිල්ල.
ReplyDelete@ප්‍රාර්ථනා- ඔව් අක්කේ.අපිව ආශාවන්ගෙන් බැදිලා.ඊටත් වඩා වගකීම් සහ යුතුකම්.පවුල ගෙනියන්න ඉන්න එකා,පරම්පරාව ගෙනියන්න ඕන...ඔය වගේ ගොඩක් දේවල්.....
@චතූ- ඇත්තම කිව්වොත් ආඩම්බර වෙන්න මට බෑ.මොකද මගෙන් ඈත් වෙන්නෙ මම ජීවිත කාලයෙම ආශ්‍රය කරනාව කියල තෝරල බේරල ගත්ත යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්.
ReplyDelete@ඔබා මාමා- ...එතනින් එහාට හරිම මාන්ජලික වෙන්න ඇති.
@දිනේශ්- ටිකක් විතර සතුටුයි.ඒත් තාම දුක දාර ගන්න බෑ වගේ.ලඟදිම යනව බලන්න.එදාට ෆුල් ට්‍රයි එක දෙනව කෙලින් ඉන්න.
ReplyDelete@ර.ප- නෑ මචන්.මෙයා ඒලෙවල් කරන්න අනුරාධපුරේ ඉඳන් අපේ ඉස්කෝලෙට ආවේ.උඹ සමහරවිට දන්නවත් ඇති.ගල්ලේම තමයි ටියුශන් ගියේ.
හ්ම්ම්ම්ම්ම්... ජිවිතේ හැටි නේ පිසා අයියේ !!! ~විහඟ කොලුවා~
ReplyDeleteමම දන්නවා,
ReplyDeleteමොනවා කිව්වත්
උඹට දුකයි..
එත් මලේ
වාවාගෙන හිටපන්
ඒ උඹේ යාළුවා
සිරාවට
මාරයි...
විහඟ මල්ලි- මේ පැත්තෙ ආවට ස්තූතියි.....මලයෝ....!!
ReplyDelete@ක්සැන්ඩර්- බොහොම ස්තූතියි...අයියේ...දුක නම් කවද අඩු වෙයිද මන්ද..
ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් තමා ඒත් මේ වගේ දුකක් මට නම් දැනිලා නෑ..
ReplyDeleteමගෙත් එක්ක නුගේගොඩ වලේ හිටි යාලුවෙක් ඇඩ්වාන්ස් ලෙවල් කලගමන් මහන උනා .. . . . තාම බලන්න ගියේ නෑ . . . . වැරදිලා කටින් මොනව හරි නොහොබිනා කතාවක් පිටවෙයි කියල බයේ
ReplyDelete