|
හැන්දෑවට මාකස් එකට අලගල්ල කන්ද පේන හැටි |
හන්තාන කන්දටම
රාස්සිගෙ අව්ව වැටුණ වෙලාවක
තණ බිස්ස කෙලවරේ
සිමෙන්ති බංකුව උඩ ඉඳගෙන
යෝධ හෙවනැල්ලක් වගේ
ඈතින් ලස්සනට පේන
අලගල්ල කන්ද දිහා කොච්චර නම් වෙලා
අපි බලාගෙන ඉන්න ඇද්ද..........
ඒ කන්ද හැමදාම රෑට
හන්තාන කන්දට රහස් මුමුණනව ඇති
ඒ රහස් අතරෙ නිකමට වගේ
අපි ගැනත් පුංචියට කතා වෙනව ඇති......
පයින් ගස් වල මුදුන්
සීරුවට පිසගෙන හමන සුලඟෙත්
හන්තාන අහසේ ඉදන් හෙමිහිට
පොලවට වැටෙන වැහි බිංදුවකත්
අපි හැමදාම දැක්කෙ එක දෙයයි
ඒ තමයි
මුළු සරසවියෙම තියෙන අපිරිමිත ලස්සන.......
ඉතින් දවස් තුන්සිය හැටපහකටත් වඩා වැඩි කාලයක්
අපි ඒ ලස්සන විඳගන්නකොට,
අත්විඳිනකොට
හිතේ කොනක පුංචි දුකක් නොතිබුණාම නෙවෙයිනේ,
කොලු කමට කාටවත් නොපෙන්නුවට
අම්ම තාත්තගෙ මූණු මතක් වෙනකොට
ඉබේම ඇහෙන් රූටන කඳුළු බිඳු වල පාරවල්
ආයෙමත් අළුත් වෙනව............
එහෙම තියෙද්දිත්
අපිට අපේම කෙනෙක් වෙලා
හරිම ලෙංගතුකමින් ආදරයෙන්
උණුසුම දුන්න ඔයාවත් දාල යන්න
කාලය ඇවිල්ලා.........
දන්නෙම නැතුව
ආයෙමත් ඇහැට කඳුළු උනන්නයි හදන්නේ
ඒ කඳුළු කවුරුවත් දකින්න කලින්......
අපි යනවා.................