tag:blogger.com,1999:blog-80409999095900428112024-02-07T08:15:35.852+05:30පිසාච අඩවියපිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-8040999909590042811.post-16389680747089306182013-04-08T23:37:00.002+05:302013-04-08T23:37:41.061+05:30සමාවෙන්න අපෙ දළදා හාමුදුරුවනේ

පෙනෙන මානයෙ රැස් විහිදමින්

වැඩ හිඳින මුත් සමිඳුනේ

එන්න පින නෑ ඔබ දකින්නට

කරපු පව් ඇති හිමියනේ

පොත් ටිකක් කිටි කිටියෙ අරගෙන

දුවනවා අපි සමිඳුනේ

තේවාවෙ බෙර හඬට එකවර

නැවතුණා හිත දෙවියනේ

රොබරෝස මල් ගොඩක් එක්කම

තෙලුත් දෑතට අරගෙනේ

ගලහ පාරෙන් ඇවිද එන්නම්

පෝය හවසට සමිඳුනේ...........

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com15tag:blogger.com,1999:blog-8040999909590042811.post-21179620605799081452013-03-29T17:06:00.000+05:302013-03-29T17:06:42.566+05:30දුයිෂෙනුත් තව ලියුම් බෙදනවද

ඈත නිල් කඳු වලට එපිටින් එබෙන හිරුටත් මතකැති

ඊයෙටත් පෙර එපිට දවසක සිතින් හැඬුවා තනි වෙවී

තාල තියමින් ඔහේ වැනෙනා පොප්ලර් ගස් වල අතුඉතී

කියන දුක්බර කතාවේ පෙම් චරිත නම් අමතක නැතී

පුංචි පාසලෙ මතක නටඹුන් යලි යලිත් සිතුවම් වෙනා

පංතියේ ගිනි උඳුන අසලට ලංවෙයන් තව අල්තිනා

අයිලයට පා ගමන් යන්නට බැරිම නම් නුඹේ මල් හිනා

වලින් සෑදුව සිහින මැදුරක නවතිමුද අද අල්තිනා

අඩිපාර දිග ඇතිරිලා ඇති සොඳුරු මතකය අහුලලා

ලියන මේ පෙම් පුරාවතටත් උණු කඳුළු බිඳු තැවරිලා

නොකී ආදර කතාවන් තව තවත් ගැඹුරට ගුලි වෙලා

දුයිෂෙනුත් තව ලියුම් බෙදනවද කියාපන් මට "සයිකලා"

(ප.ලී- මේ දවස් වල සෑහෙන වැඩ.ඒකයි වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නැත්තෙ....පුළුවන් වෙලාවට ඇවිල්ලා බ්ලොග් රෝල කරකවලා කියවල යනව.කමන්ට් එකක් එහෙම දාන්න බැරි වුණාට තරහ වෙන්න එපා..)

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com12tag:blogger.com,1999:blog-8040999909590042811.post-17819703297629324442013-03-08T12:13:00.001+05:302013-03-08T12:13:56.832+05:30සාපේක්ෂතාවාදය (කාලෙකින් පොඩි කවියක් වගේ එකක්....)

අකැමතියි ඈ හට

මව්පියන් ඔහුගේ

වලව්වේ තොටිල්ලක

නැලවුණේ නැති නිසා

අකැමතියි ඈ මට

මං පාතරැටියෙක්ලු

මව්පියන් කවමදාවත්

කැමති වෙන් නැති නිසා

වැටහුණා යෙහෙලියේ

පිළිගන්න තුති මල්මිටක්

වටහාල දුන්නාට

"මාතෘකාව" සරලවම.......

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com18tag:blogger.com,1999:blog-8040999909590042811.post-48463678868353424972013-02-13T00:42:00.000+05:302013-02-13T01:05:42.345+05:30ඊයෙටත් වඩා අද ආදරෙයි මා (මගේ මුල්ම කෙටි කතාව )(අඩෝලා වැරදි අඩුපාඩු තියෙනව නම් සිරාවටම කියන්ඩො. "ලස්සනයි,පට්ටයි" කියනවට වඩා කතාවෙ තියෙන වැරද්දක් පෙන්නල දෙන එක මං අගය කරනව )

සියළු දෙනා සිතුවේ අප එක් වේ යැයි කියායි.අප දෙදෙනා වඩාත්ම ගැලපෙන යුවල බව(Most matching couple ) කිහිපවරක්ම ඔවුන් කියනු මා හට ඇසී තිබේ.නමුත් එය එසේ සිදු වූයේ නැත.

ඈ පලමු වර මාගේ ආදරය ප්‍රතිෂේප කරන ලද්දේ උඩරට පහතරට භේදය හුවාදක්වමිනි.නමුත් ඈ සැබවින්ම මා ගැන සිතූ බව අද පවා මා විශ්වාස කරමි.

එයින් පසු මාස කිහිපයක්ම නිසොල්මනේ ගෙවී ගියේය.ඒ අතරතුර අප දෙදෙනාගෙ නොගැලපීම් සොයමින් ඒවා මා හට දැනෙන්නට දීමට ඇය කටයුතු කලාය.

නැවත වරක් ඈ හට මා සිතැඟිය පැවසීමට මා තීරණය කලේ සිත රිදෙන,සිත හැදෙන සිදුවීම් ගණනාවකට පසුවය.මේ බව මම මාගෙත් ඇගෙත් හොඳම මිතුරියට පැවසුවෙමි.නමුත් ඇගෙන් මට ලැබුණේ සිත අධෛර්මත් කරන පිළිතුරකි.එනම් ඇය මා ගැන නොව වෙන කෙනෙකුන් ගැන සිතන බවයි.ඒ කවුරුන්දැයි මා විමසුවද මිතුරිය මා හට නිසි පිළිතුරක් දීමට අපොහොසත් වූ අතර දුරින් නෑදෑවන අයියා කෙනෙකු පමණක් බව කීවාය.

ඈ කෙරෙන් මා සිත ඈත් කිරීමට ඔවුන් දෙදන ගොතන ලද කතාවක් බව එදින මා විශ්වාස කලෙමි.ඇය වෙනකෙකු හා බැඳී සිටිනවා යන යථාර්ථයට මුහුණ දෙනවාට වඩා එලෙස සිතීමට මා කැමති විය.

සරසවි වරම් ලැබ පලමු වසර අවසන් වීමට මාසයක් තිබියදී දිනක් ඈ මා සොයා අවේ තනිව කතා කිරීමට අවශ්‍ය බවත් වැදගත් දෙයක් කීමට ඇති බවත් දැන්වීමෙන් අනතුරුවයි.

එදින අවසන් දේශනයටද සවන් දීමෙන් අනතුරුව කතිකාකරගත් පරිදි විද්‍යාපීඨ පොදු කාමරයේදි ඈ මා හමු වූවාය.නිදහසේ කතා කිරීමට අප දෙදෙනා එළියට බැස ක්‍රීඩාපිටි අසලින් ඇදෙන තාර පාර දිගේ ඇවිද ආවෙමු.

"කවිඳු......මට සමාවෙන්න මං දැන් වෙන කෙනෙක්ගේ..........ඔයා මං ගැන අදින් පස්සෙ හිතන්නෙ නෑ කියල මට පොරොන්දු වෙන්න......"

ගිනියම් වූ යකඩ පතුරු සේ හදවත් පතුලටම කිඳා බැසි ඒ වදන් සරසවි උයන දුම්රිය ස්ථානය පෙනෙන නොපෙනෙන මානයේදි තාමත් මා සවන් පෙලන්නා සේය.

"මං ඒක දැනගෙන හුඟාක් කල් නෙත්මි...........මට ඔයාට ඒ පොරොන්දුව නම් දෙන්න බෑ....මොකද කාටවත් මං හිතන දෙයින් කරදරයක් වෙන්නෙ නැත්තම්........."

එම වගන්තිය නිම කිරීමට ඇය ඉඩ නොදුන්නාය.ඈ හෙලන සුසුම් මගේ ගෙල උණුසුම් කරන තරම් සමීප වී සිටි ඇය එක් වරම මාගේ දකුණු අත තදින් අල්ලාගත්තාය.නමුත් එසැනින්ම විශාල වරදක් කලාක් මෙන් අත ඉවතට ගත් ඇය ගැහෙන්නට ගත් අතර දකුණු අතේ නියපොතූ වේගයෙන් විකන්නටද පටන් ගත්තාය.

"ඔයා දන්නවද.......මං ඇත්තටම ඔයා ගැන හිතුවා කවිඳු.....ඒත් අපේ අම්මලගෙ හැටි දැන දැන ඔයාව ගින්දරකට දාන්න මට බෑ........ඒකයි මම හෂාන් අයියට කැමති වුණේ.....ඔයා වගේ අහිංසකයෙක්ට දුකක් දෙන්න බැරි හින්දමයි මං මෙහෙම කලේ....දෙයියන්ගෙ නාමෙන් මට සමා වෙන්න කවිඳු............මට සමාවෙන්න..."

අවසනදී බිඳුණි හඬකින් එසේ පැවසූ ඈ ඉකිබිඳින්නට ගත්තාය.ඈ තුරුලට ගෙන හිස සිඹ සනසන්නට කිහිපවරක් සිතුණද බොහෝ ආයාසයෙන් එම සිතුවිල්ල මැඩ ගත්තෙමි.

ලස්සන රටාවකට වළාකුළු විසිරී තිබූ හන්තාන අහසේ එක් කෙලවරක සිට අනෙක් කෙලවර තෙක් කිහිප වරක්ම හිස් වූ බැල්මෙන් මා බලා සිටිනා අතරේ ලක්ෂ ගණනක් වූ සිතිවිලි මා සිතේ ඇති වී නැති වන්නට ඇත.

"ඔයා හිතනව නම් ඔයා මං ගැන හිත හිත දුක් වෙනකොට මට ඒක දුකක් නෙවෙයි කියල...ඒක වැරදියි........අනේ කවිඳු...ප්ලීස්....මාව අමතක කරල සතුටින් ඉන්නව කියල පොරොන්දු වෙන්න මට....."

විනාඩි දෙක තුනකට පසු නෙත්මි කතා කලාය.එම මොහොතේ කිව යුත්තේ කුමක්දැයි අසරණ මා සිතට සිතා ගත නොහැකි විය.වචන පිටකර ගැනීමට නොහැකිව සිටි මා දෙනෙත් පියාගෙන යන්තම් හිස දෙපසට සැළුවෙ මාගේ ප්‍රතිචාරය ඇය ඇයට රිසි සේ භාරගනීවි යැයි සිතමිනි..

ඈ නික්ම යන මොහොතේ තවත් බොහෝ දේ කීමට ඉතිරිව තිබුණත් මා හට කියා ගත හැකි වූයේ එක වචන කිහිපයක් පමණි.

"සතුටින් ඉන්න...ඔයාට බුදුසරණයි..."

අප ආ මාවතෙහිම වරින් වර හැරි හැරි මා දෙස බලමින් ඈ පියනඟා ගිය සැටි අදටත් සලරූ සිත්තමක් සේ මා මතකේ ගැඹුරින්ම සටහන් වී තිබේ.අල්විස් පොකුණ අසලින් හැරී ඈ නොපෙනී ගිය පසුද මිනිත්තු කිහිපයක් ඒ දෙස බලා හුන් මා බොහෝ කලකට පෙර ඇයට දීමට ගත් කුඩා සිහිවටනය තදින් අතැඟිලි අතරට තුරුළු කර ගතිමි.

යන්න යමි මා ඉන්න නොතැවී කියා ඔබ ගිය මාවතේ

තනිවෙලා අද අපේ මතකය හඬනවා සුදු හාමිනේ

ඔසරියක් හැඳ පෝරුවක ඔබ නඟිනා දා මතු ජීවිතේ

පාත නුවරින් එවමි සුලඟක් පිසින්නට දා නෙතු ඉමේ.........

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com28tag:blogger.com,1999:blog-8040999909590042811.post-75129476265722335612013-02-05T01:36:00.000+05:302013-02-05T01:36:38.600+05:30නේවාසික සිසුන්ගේ දැන ගැනීම පිණිසයි (පමා වුණොත් 3500යි )

හැන්දෑවට මාකස් එකට අලගල්ල කන්ද පේන හැටි

හන්තාන කන්දටම
රාස්සිගෙ අව්ව වැටුණ වෙලාවක
තණ බිස්ස කෙලවරේ
සිමෙන්ති බංකුව උඩ ඉඳගෙන
යෝධ හෙවනැල්ලක් වගේ
ඈතින් ලස්සනට පේන
අලගල්ල කන්ද දිහා කොච්චර නම් වෙලා
අපි බලාගෙන ඉන්න ඇද්ද..........

ඒ කන්ද හැමදාම රෑට
හන්තාන කන්දට රහස් මුමුණනව ඇති
ඒ රහස් අතරෙ නිකමට වගේ
අපි ගැනත් පුංචියට කතා වෙනව ඇති......

පයින් ගස් වල මුදුන්
සීරුවට පිසගෙන හමන සුලඟෙත්
හන්තාන අහසේ ඉදන් හෙමිහිට
පොලවට වැටෙන වැහි බිංදුවකත්
අපි හැමදාම දැක්කෙ එක දෙයයි
ඒ තමයි
මුළු සරසවියෙම තියෙන අපිරිමිත ලස්සන.......

ඉතින් දවස් තුන්සිය හැටපහකටත් වඩා වැඩි කාලයක්
අපි ඒ ලස්සන විඳගන්නකොට,
අත්විඳිනකොට
හිතේ කොනක පුංචි දුකක් නොතිබුණාම නෙවෙයිනේ,
කොලු කමට කාටවත් නොපෙන්නුවට
අම්ම තාත්තගෙ මූණු මතක් වෙනකොට
ඉබේම ඇහෙන් රූටන කඳුළු බිඳු වල පාරවල්
ආයෙමත් අළුත් වෙනව............

එහෙම තියෙද්දිත්
අපිට අපේම කෙනෙක් වෙලා
හරිම ලෙංගතුකමින් ආදරයෙන්
උණුසුම දුන්න ඔයාවත් දාල යන්න
කාලය ඇවිල්ලා.........

දන්නෙම නැතුව
ආයෙමත් ඇහැට කඳුළු උනන්නයි හදන්නේ
ඒ කඳුළු කවුරුවත් දකින්න කලින්......

අපි යනවා.................

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com23tag:blogger.com,1999:blog-8040999909590042811.post-68804393203713240582013-01-24T02:45:00.001+05:302013-01-28T14:34:10.045+05:30පැරණි පෙම්වතියට එරෙහි නඩුවේ මගේ සාක්ෂිය

වරක් මා සෙනෙහසින් සිපගත්තු මුවමඬල

සියවරක් රස වින්ද ඔබෙ සුමුදු නෙත් කැල්ම

සුදු රෝස මල් වලට උපමේය වූ මුහුණ

අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම

සඳ මඬල දුටු දාට හිත දවන ඔබෙ මතක

සිහිනෙනුත් සඳ කුමරි කිව්වේම නුඹෙ වරුණ

ගඳ ගසන සළු වලින් දෙනෙත් වැසුණා සේම

අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම

මට අහිමි මල් කැකුල ඔහුට හිමි වූවාට

මල් රොනක තරම්වත් තරහ නෑ මයෙ හිතට

අසරණව හිඳියාට ඔහු දෙගුරු සභා මැද

අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම

මහතුනේ අසාපන් මා කියන දේ හොඳට

අන්සතුය පෙරදාක පෙම් කරපු ඒ සිහින

එමුදු සුවඳයි රුවයි ඒ ලඟ හිටපු මයෙ මැණික

අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com19tag:blogger.com,1999:blog-8040999909590042811.post-53767968151242855902013-01-01T05:16:00.000+05:302013-01-01T05:18:48.930+05:30අපි කෙම්ස්ට්‍රි පේපර් එක උස්සපු හැටි (University Of Campus)

වෙලාව නම් හරියටම නිච්චියක් නෑ.ඇමරිකාවෙන් ,මාම එවපු විසිදාහක් විතර වටින වොච් එක රූම් එකේ දාල ආවෙ අපරාදෙ කියල හිතුණේ පුරුද්දට වගේ දෙපාරක් තුන්පාරක් අතදිහා බලනකොට තමයි.සාක්කුව ඇතුලෙ තියෙන අළුත්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක එක එළියට ගන්න එකත් වෙලාවෙ හැටියට හුඟක් භයානක වෙන්න තිබුණා..මොකද ඕක ඔන් කරන්න ගිහිල්ල ටෝච් එකක් වගේ ඕක පත්තු වෙලා අපිට මීටර් 20ක් 30ක් එහායින් ඉන්න "සික්ක" දැක්ක නම් දවස් ගාණක් මහන්සි වෙලා ප්ලෑන් කරපු දේවල් ඔක්කොම හබක් වෙනව.

මං මුවා වෙලා ඉන්න ගහට ගස් දෙකක් එහායි ගහේ උඩ අත්තට වෙලා උගුඩුවෙක් වගේ බෙල්ල දික් කර කර ඉන්න "කරා" මට හොඳට පෙණුනා.අපි දෙන්නටම ඉස්සරහින් තියෙන කොට තාප්පෙට හේත්තුවක් දාගෙන අපේ පැත්ත හැරිල මොන මොනවද අතින් සංඥා දාන ලපාව මට පෙනුණේ නම් යන්තමට වගේ.

එදා හරියටම දෙසැම්බර් මාසෙ 14 වෙනිද.හඳ මාමා කිරි ගේන්න තිස්සෙ ගිහින්ද කොහෙද අහස හෙනම කළුවරට තිබුණේ.වෙලාව රෑ 11.30 වගේ වෙන්න ඇති කියල මම නිකන් හිතුවා.එතකොට හෙට තමයි දවස.එතකොට ඊට පස්සෙන්ද .....ඔව් ඒ කියන්නේ... 15 වෙනිද තමයි අපේ එන්ඩ් සෙමෙස්ටර් එකේ කෙමෙස්ට්‍රි පේපර් එක තියෙන්නෙ තිබුණේ.

එතකොට හත්දෙයියනේ මමයි,කරායි,ලපායි ෆැකල්ටිය ඉසරහ තියෙන සිකුරිටි ගාඩ් රූම් එක ඉස්සරහට වෙලා මොන අට මඟුලක් කලාද කියල මේක කියවන ඔයාලට හිතෙන්න පුළුවන්.අපි තුන් දෙනාගෙන් කරා ඇරෙන්න මමත් ලපාත් දෙන්නම කෙමෙස්ට්‍රි කරනව.මොකෙක්ට හරි කියල කුප්පි දෙක තුනක් දා ගන්නේ නැතුව ෆැකල්ටිය ඉස්සරහ තියෙන කටු පඳුරු අස්සේ බිබික්කන් හොයන්න ආවද කියල ආයෙමත් ඔයාලට හිතෙනව ඇති.

ඒ වුණත් අපේ ඩිග්‍රියවත් ගැන හිතන්නේ නැතුව ඒ වගේ ගමනක් අපි තුන් දෙනා ගියේ ඒ වෙනකොට රූම් එකට වෙලා හිතින් දාස් වාරයක් මැරි මැරි උගේ අනාගතය කොයි වගේ වෙයිද කියල හූල්ල හූල්ල හිටපු "තෝසය" වෙනුවෙන්.

ගෙදර තිබුණු පොඩි පොඩි කරදර නිසා හරි හැටි පාඩ්ම් කර ගන්න තෝසයට බැරි වුණා.ඉතින් කෙමිස්ට්‍රි මේ පාර රිපීට් වෙයිද කියල මේකා සෑහෙන බයෙන් හිටියෙ.කොච්චර බය වෙලාද කියනව නම් මූ හෙලන සුසුම් වලට කාමරේ ඉන්න මගේ යට ඇඳුනුත් ගහගෙන යන තරම් දරුණු තත්වෙකට පත් වුණා.

අනුන්ගෙ දුකකදි කරදරයකදි, අයන් එක උඩ තියපු චීස් කෑල්ලක් වගේ උණු වෙලා වැක්කෙරෙන තරම් කරුණාවන්ත,දයාබර,මුග්ද(මේ වචනෙ තේරුම තාම හොයනව.හොඳ තේරුමක් ඇති හැබයි ) හදවත් තියෙන මටත් එහා කාමරේ කරා සහ ලපාටත් මේ තත්වය තවදුරටත් උහුලන් ඉන්න බැරි වුණා.

ඉතින් පැය දෙක තුනක කැන්ටින් වට මේස සාකච්ඡාවකට පස්සේ අපි තුන් දෙනා තීරණය කරා තෝසය වෙනුවෙන් යමක් කරන්න.ඒ "යම් දෙය" වෙනුවෙන් තමයි අපි ඒ වෙනකොට ෆැකල්ටිය ඉස්සරහ පඳුරු අස්සෙ රිංගගෙන කූඩැල්ලොන්ටයි මදුරුවොන්ටයි විවිධාකාරයේ ලේ වර්ග ගැන ඔරියන්ටේෂන් දෙනගමන් රැකගෙන හිටියෙ.

අපි ඒ ලෑස්තිවෙලා හිටියේ කොහොම හරි කෙමිස්ට්‍රි ඩිපාට්මන්ට් එකට පැනල ඊට පස්සෙන්ද දෙන්න තිබුණු පේපර් එක උස්සන්න.

ඔව් ඔව්..පේපර් එක උස්සන්න...

අපිට රෙඩි පිට ඉන්න කියල සංඥාව දෙන ගමන් ලඟ පාතක තිබුණු ගලක් අරගෙන ලපා ඒක ගාඩ් රූම් එකට එහා පැත්තට විසිකලා.

ජබොක්.....සද්දෙත් එක්ක ඒක වතුර පිරිච්ච කාණුවට වැටෙනවා අපිටත් හොඳට ඇහුණා.

මං යන්තම් ඔළුව උස්සල බැලුවා.වැඩේ හිතුව විදියටම වෙනවා.සික්කා ටෝච් පොල්ලත් වන වන කාණුව පැත්තට යනවා.

දැන් තමයි අපේ වෙලාව.පොළවටව රිදෙන්නේ නැති වෙන්න කිසිම සද්දයක් නොවෙන්න අපි තුන්දෙනා ගාඩ් රූම් එක පහු කරගෙන දුවන් ගියා.ගාඩ් රූම් එක පහු වෙච්ච ගමන් දකුණට හැරිල කෙමෙස්ට්‍රි ලැබ් එකෙ දොර ගාවට ආපු අපි නැවතුණා.

"අඩේ පිසා....මොනව හරි අඩුයි වගේ බං..ඒත් මොකක්ද කියල නිච්චි නෑ ...."

ලපා එහෙම කිව්වම මාත් අවුල් වුණා.

පිටිපස්සෙන් හිටපු කරා ඇහුවා...

"අඩෝ ලපා අපි රෑට කෑවෙ නෑනෙ බං....."

"%^@^*...**&*^&!)...$!#$@0 අම්..$^&*)~!..........."

ටිකක් වෙලා කල්පනා කරපු ලපා ආයෙමත් මගෙන් අහනවා.

"සර් ගෙ ඔෆිස් එක තියෙන තැන උඹ දන්නවද...."

හුටා.....කාල වරෙන්කො.....ඒ ගැන චුට්ටක්වත් හිතුණෙ නැති හැටි....දැන් කෝමද මේ බිල්ඩින් එකේ ඔෆිස් හොයන්නෙ....

"මෙහෙම කරමු..අපි බෙදිලා ගිහින් ඔෆිස් එක හොයමු..." කරා එහෙම කිව්ව.ඒ දෙබස් නම් මට ටිකක් විතර හුරුයි.

වෙලාවෙ හැටියට කරන්න තිබුණ එකම දේ ඒක තමයි.ලපා පහල තට්ටුවෙ ලැබ් එක ඉස්සරහ කොරිඩෝවෙ බඩගාගෙන ඉස්සරහට ගියා.කරා කොහේ ගියදා දන්නෑ.මම පඩිපෙල නැඟල උඩ තට්ටුවට ආවා.

මම පඩි පෙලේ උඩටම ඇවිල්ල හොර පූසා වගේ හතර වටේ බැලුවා.අවුලක් නෑ වගේ.තව මොකටද ඉතින් බඩගාන්නේ.උඩ තට්ටුවෙ සික්කො නෑනේ.එහෙම හිතල මම හිටගත්ත.අප්පට සිලි වෙයි.....මෙන්න බොලේ මොකෙක්ද එකෙක් මට ඉස්සරහයි බඩගාගෙන යනව.ඇස් දෙක ටිකක් සූම් කරල බැලුවා.පශ්චාත් භාගෙ නම් හොඳට දැකල පුරුදු එකෙක්ගේ වගේ.....

"අඩෝ...කරා....තොට මාන්දමද......අපිට නොකිය කොහේටද යකො තෝ මකබෑවුණේ..." මම පුළුවන් තරම් හඬ අඩු කරලම ඇහුවා.

මයෙ කටහඬ ඇහිච්ච පාර හොල්මනක් දැක්ක වගේ මේක බය වෙලා කටත් භාගෙට ඇරගෙන මගේ දිහා බැලුවා.උගේ පුරුදු පල් හිනාව දාන ගමන් ඌ අත දික් කරල මට කොරිඩෝවේ එහා කෙලවර පෙන්නුවා.සුදුපාට බෝඩ් එකක තද නිල්පාට අකුරු වලින් ලියල තිබුණේ...." HEAD OF THE DEPARTMENT"කියල.

මගේ සතුට ඩබල් ට්‍රිබල් ෆෝබල් වුණා.ආයෙමත් කෝකටත් කියලා වටපිට බලල හෙමිහිට අඩි තිය තිය මම ඒ පැත්තට ගියා.

"අඩේ..වෙලාවට ඉක්මනට ඔෆිස් එක හොයාගත්තේ නේද බං...උඹ ලපාට මිස් කෝල් එකක් දාපන් ඔෆිස් එක හම්බුණා කියලා..."මං එහෙම කිව්වට කරාගෙන නෝ රිප්ලයි.මං පොඩ්ඩක් පස්ස බැලුවා.මේකා සෑහෙන පස්සෙන් හෙනම අමාරුවෙන් බඩගාගෙන එනව.හුටා...මට බඩගාන්න අමතක වුණානේ.

අපි දෙන්නම දැන් හති දාගෙන බඩගානව.බඩ ගාල බඩ ගාල ඔන්න දැන් ඔෆිස් එකේ දොර ගාව.ඉංග්‍රීසි ෆිල්ම් වල වගේ දොරේ එක පැත්තක මම හිට ගන්න අතරේ කරා අනිත් පැත්තේ හිට ගත්තා.තුනට ගණන් කරලා හෙමිහිට අත ගෙනැල්ල දොරේ අඟුල කරකවල බැලුවා.

හුටා...මෙන්න බොලේ දොර ඇරලා.

මොකක් නමුත් මහ මූසල ගතියක් මට දැනුණා.කරකවපු අඟුලත් අල්ලගෙනම මම දොර හෙමිහිට තල්ලු කලා.චිරීස් ගාගෙන දොර ඇරුණා.ඒ සද්දෙ පහල සික්කටත් ඇහෙන්න ඇති කියලයි මට හිතුණේ.

භාගෙට ඇරපු දොරෙන් මුලින්ම කරාත් ඊට පස්සෙ මමත් ඇතුල් වුණා.

ඊලඟ මොහොතේ සිද්ද වුණේ අපි කොහොමටවත් හිතපු දෙයක් නෙවෙයි.

"ආ..පුතාලා..එන්න ඇතුලට..."පුරුදු කට හඬකින් එහෙම කියනවත් එක්කම මූණට ගහන්න වගේ කාමරේම ලයිට් පත්තු වුණා.කළුවරට වෙලා පැය දෙකක් විතර හිටපු අපිට එක පාරට ආපු ලයිට් එළිය දරාගන්න බැරි වුණා.පිට අල්ලෙන් ඇස් වහගෙන අපි ටිකෙන් ටික ඇස් අරින්න ගත්තා.

බොහොම උජාරුවෙන් කාමරේ මැදට වෙන්න තිබුණ මේසේ උඩ යන්තමට වගේ වාඩි වෙලා අත් දෙක දෙපැත්තට දාල මෙසේ තදින් අල්ලගෙන අපේ කෙමෙස්ට්‍රි සර් අපේ දිහා කන්න වගේ බලාගෙන හිටියා.මට ඉවසගන්න බැරි මුත්‍ර බරකුයි ටොයිලට් බරකුයි එන්න ආවා.

ඒ එක්කම මොන වල් ඌරෙක්ද මන්ද මගේ පිටට දෙපාරක් තුන් පාරක් තඩි බානව වගේ දැනුණා.ඒ එක්කම

"නැගිටපන්....දැන් උදේ වෙලා...."කියල තෝසය කියනව ලාවට වගේ ඇහුණා.

(ඇත්තටම දැකපු හීනයක්...)

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com35tag:blogger.com,1999:blog-8040999909590042811.post-2139170212863907782012-12-02T17:03:00.001+05:302012-12-02T17:03:59.725+05:30සෆා...සෆා....සෆා........

සුදු ඇඳුමෙන් වැසුනත් ඔය පුංචි නුඹේ දෙපා

පර්දාවෙන් නුඹෙ ලස්සන සඟවන්නට එපා

එපා නොවෙන කෝල බැලුම් උහුලන්නට වෙලා

පාඩම් පොත සිහින ලොවක් කරගත්තද "සෆා"

යෙහෙලියන්ගෙ සිනා හඬට නුඹත් එකතු වෙලා

දුඹුරු දෑසේ අග්ගිස්සෙන් කවිත් කියයි ඔයා

නොතේරෙන්න මොන මොනවද මුමුණන්නට එපා

පොළවට සඳ කොච්චර නම් දුරයි නේද "සෆා"

නුඹ නොදන්න කුරිරු ලොවක් ඇත එපිටින් බලා

මං කියනා දේ තේරුම් නොගෙන ඉන්න එපා

නුඹට උරුම සිනා ලොවක් එයි නුඹවත් සොයා

පංති කොනට අපේ මතක විසිකරපන් "සෆා"

නිමිත්ත- කැමති එකක් හිතාගන්න......

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com14tag:blogger.com,1999:blog-8040999909590042811.post-19412344783734482552012-11-17T05:31:00.000+05:302012-11-17T05:33:03.535+05:30හෑන්ඩ් බිල් බෙදපු අයියාගෙන් පුංචි නංගීට

සුදු ගවුම ඇඳ ඈත ඉඳගෙන පිය නගා එන හැටි අගේ

මුදු සිනාවන් නැවතුනේ නුඹ බිය වුණිද බැල්මට මගේ

අඳුරු අහසට වඩිනවද නුඹ එළිය දී රැජිණක් වගේ

සුදු නංගි බිය නොම වෙයන් මට මමත් අයියෙකි නංගිගේ

චන්ද්‍ර මඩලට ඉරිසියා ඇති නුඹෙ හිනාවන් දුටුවදා

මන්ද සොයුරියෙ හැංගුනේ නුඹ නෙතු අගින් මා දුටුවදා

ඉන්ද්‍රගෝපක එලි සොයාගෙන මංමුලා වී නොයනදා

වින්ද කරදර අකැප වී නුඹ රජ වේවි මතු මතුවදා

නිමිත්ත- ඉස්කෝලයක් ගාව හෑන්ඩ් බිල් බෙදපු අයිය කෙනෙක් ස්කූල් වෑන් එකකින් බැහැල එන දෙක වසරේ හරි තුන වසරේ හරි පුංචි නංගි කෙනෙක්ට හෑන්ඩ් බිලක් දෙනව.පව් ඒ අසරණී බය වෙලා හෑන්ඩ් බිලත් බිම දාලා ගේට්ටුවෙන් ඇතුලට දුවගෙන යනවා.

ප.ලි - ඉන්ද්‍රගෝපක කියන්නෙ කලාමැදිරියොන්ටපිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com32tag:blogger.com,1999:blog-8040999909590042811.post-54102814626838728222012-11-13T00:07:00.001+05:302012-11-13T00:07:54.257+05:30මතකද මැණිකෙට

හිරු සඳු වෙමු අපි එකම අහස් කුස

කිසිදින එක විට පායන්නේ නැති

වරු ගණනක් අපි ඈත කන්ද දෙස

බලාන හිටියා මතකද මියුලැසි

රතු මල් පලසක් එලලා තිබුණා

අපි ආ පාරේ පාළු ඉසව්වට

අතු ඉති සරසන සමනල රෑනක්

ආසිරි පැතුවා මතකද මැණිකෙට

හැපි හැපි ගැලුවත් අමුතුම මිහිරකි

මහවැලි ගඟ අද ගෙන එන්නේ

අපි ලඟ අපි නැති දිනය ඇවිල්ලා

ඒකයි අහසම වැලපෙන්නේ

(සිතිවිල්ලක් පමණි )

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com13tag:blogger.com,1999:blog-8040999909590042811.post-39590046156800699852012-10-30T16:36:00.000+05:302012-10-30T16:40:04.513+05:30එහා කාමරේ එකාට ලිව්ව බූට් සිංදුව (ලෙක්චර්ස් කැප කරලා දිව රෑ නිදි නොබලා)

ඔන්න මේ ලඟකදි අපේ කෙල්ලෙක් ගොඩ ගියා.අපි හොඳට දන්න කියන එකියක්.ගෙදර යනකොටයි එනකොටයි ආවෙ ගියෙත් අපි එක්කමයි.කට පොඩ්ඩක් වැඩි වුණාට හිත හොඳ කෙල්ල.ගොඩ ගියේ නුවර අවට කොල්ලෙක් එක්කමයි.

ඒක නෙවෙයි ඉතින් ,ඔය යන එන අතරතුරේදි අපි ඉතින් බලන්නේ කවුරු හරි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ නමක් කියල විහිළුවක් කරල ආතල් එකක් ගන්නනේ.අපේ කාමරේට එහා කාමරේ එකාගෙ නමයි, මේ කෙල්ලගෙ නමයි කියල ඉස්සර ඉදන්ම අපි විහිළු කරනව.මුන් දෙන්නටත් ගාණක් නෑ.ඒ වෙලාවට මොනව හරි කියල ශේප් වෙනව.

ෆැකල්ටියෙදි හරි වෙන කොහේදි හරි හම්බුණොත් අපි අහන්නේ...

"කෝ අහවලා..." කියල.ඒත් ඉතින් දෙන්නගෙම හිතේ එහෙම අදහසක් තිබුණේ නෑ කියල ෂුවර්.

ඉතින් අර කෙල්ල ගොඩ ගියා කියල ආරංචි වුණ දවසෙ අපේ එවුන් මේකව කන්න හදනව.ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.කට්ටිය දන්නවනේ ඒ වගේ වෙලාවට කියන කරන දේවල්.

ඉතින් අල්ලපු කාමරේ එවුන් වශයෙන් මටත් වගකීමක් තියෙනවනේ ඒකව තව ටිකක් හරි අනුභව කරන්න.හිමින් සැරේ කාමරේට ඇවිල්ල පොඩි රහස් මෙහෙයුමක් පටන් ගත්ත.

හිතුවට වඩා වැඩේ දික් වුණානේ.සුළුවෙන් කරල ඉවර කරනව කියල හිතුවට වැඩේ දිගට දිගට ගියා.හැබයි අන්තිම රිසාල්ට් එක හොඳට ආවා.කට්ටිය දැන් බලනව ඇති මේ මොකක්ද කියල.වැඩි දෙයක් නෑ.සිංදුවක් අරගෙන ඒකට අපේ වචන දාලා අරූ කියන බූට් සිංදුවක් වගේ එකක් හැදුව.මුලින් හිතුවෙ එක කොටසක් විතරක් හදන්න.ඒත් අන්තිමට සිංදුවටම හැදුව.හොඳටම හොඳයි කියන්නත් බෑ ඉතින්.....

මොනව වුණත් අපේ කොල්ලො ටික මේ සිංදුව කිය කියා අරූට එපා කෙරෙව්ව.

(ඒත් ඒකා ඇත්තටම බූට් එකක් කාපු නැති නිසා අවුලකුත් නෑ...)

මේ දවස් වල දාන්න පෝස්ට් එකකුත් ලියන්න බැරි වුණ එකේ මේකවත් දානව.

සිංදුව මොකක්ද කියල නම් කවුරුත් දන්නවනේ.ජිප්සීස්ලගෙ "ලබන සැරේ අපි දෙමුකො බැටෙ.." කියන සිංදුව.(අර කොල්ලට ආදරේට අපි කියන්න "තෝසයා" කියල)

ලෙක්චර්ස් කැප කරලා

දිව රෑ නිදි නොබලා

ගමකට පැණිත් හලා

සැමටම හොරෙන් මෙමා

දැම්මත් ලයින් එදා

ආදරෙ නැතුව මෙදා

අඬනව අපේ තෝසයා

ගමකට පැණිත් හලා

සැමටම හොරෙන් මෙමා

අඬනව අපේ තෝසයා..........

ගාලු පාරේ එකට ආවේ මං

නුවර පාරේ ලඟින් හිටියෙ මං

මොකක්ද මගේ අඩුව බං

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......

ගිය දේ ගියාවේ

තනිවුණෙ මං

අඬන්නෙ මං

උඹලට නම්

මොකද ඉතින්

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......

අඬන වැඩේ හරි කැතයි හොඳේ

තරඟෙට ලයින් දැම්මේ මං

හොරාට මැසේජ් යැව්වෙ මං

ගමකට කවිත් කිව්වෙ මං

ඔච්චර කරලත් මුන්ට

සැලකුවෙ නෑනෙ අද මට

මේව හොඳ පාඩම් මෙමට

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......

ගිය දේ ගියාවේ......................

කන්න බොන්න කිසි පිරියක් නෑ

මගේ...ෆෝන් එකට එන මැසෙජුත් නෑ

අනේ...දැන් කවුරුත් හා කියන්නේ නෑ

පාඩම් වැඩ මුකුත් වෙන්නෙ නෑ

ඉස්සර වගෙ බොගන්න හිත නෑ

අනේ...දැන්නම් මට ඉඳල වැඩක් නෑ

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......

ගිය දේ ගියාවේ......................

ස්කයිපුත් නෑ ඉඳහිට

හම්බෙන්නෙත් නෑ

එදා විඳපු සැප උඹලට තේරෙන්නේ නෑ

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......

ගිය දේ ගියාවේ

තනිවුණෙ මං

අඬන්නෙ මං

උඹලට නම්

මොකද ඉතින්

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......

අඬන වැඩේ හරි කැතයි හොඳේ

හිනා වෙන්නෙ නෑ

මූණ බලන් නෑ

ගහපු මැසේජ් සිහිවෙනකොට

නින්ද යන්නේ නෑ

අපි දන්නෑ....අපි දන්නෑ....අපි දන්නෑ......

ගිය දේ ගියාවේ

ජිප්සීස්ලගෙ සිංදුවත් මෙතනින් ගිහින් බලන්නකො එහෙනම්.

http://www.youtube.com/watch?feature=player_detailpage&v=72AdUKUK5Yk

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com27tag:blogger.com,1999:blog-8040999909590042811.post-72190494228641689532012-10-19T15:00:00.000+05:302012-10-19T15:09:23.353+05:30අමතක කරමිද.....තව මඟ බලමිද......

සිනහ කෝමල කමල පද්මත

ගෙනෙන නිර්මල මියුරු සිත්තම

චන්ද්‍ර බිම්සර ඇවිත් හිත ලඟ

කියන රහසට ආදරේදෝ නුඹ........

රෝස මුකුලිත පෙති දයාබර

දහස් මල් මැද කුමුදු මල නුඹ

ගොළුවෙලා හද දග්ධ නිම්නය

අහන්නෙම නුඹ කොහි කියා අද........

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com11tag:blogger.com,1999:blog-8040999909590042811.post-39195399967741207892012-10-17T10:42:00.000+05:302012-10-17T10:42:21.326+05:30 මාස තුන හතරක විතර පස්සෙ ලෙක්චර්ස් ගියපු ඈයො හැමෝටම එහෙමද දන්නෙ නෑ

අම්මෝ....මේ දවස් දෙකේ ලෙක්චර්ස් ගියේ නිකන් හරකෙක් මස් කඩේට දක්කන්න වගේ.මැරෙනව ඊට සැපයි කියලත් හිතුණා.

ඊයෙත් උදේ පාන්දරම ලෙක්චර් එකට ගියා.කොට්ටට්යක් මෙට්ටයක් අරන් ආපු නැති එකේ විපාකෙ කිය කිය අතට බර වෙලා සපා...න් එකේ දොයිය ගත්ත.සැරින් සැරේ හීනෙන් වගේ මැඩම්ගෙ මූණ පෙණුනත් ඉතින් භයානක හීන කාට වුණත් පේන්න පුළුවන්නේ....නැද්ද මම අහන්නේ.......මේ ඒක නෙවෙයි මාස තුන හතරක විතර පස්සෙ ලෙක්චර්ස් ගියපු ඈයො හැමෝටම එහෙමත් දන්නෙ නෑ........රත්ගමය, නසියර්, චතූ, හිමාවි, රැංගෝ ඇවිල්ල කියපල්ලකො.....

හැමතැනටම සැරටම වහිනව නේ...මොනව වුණැත් මම නම් වහිනවට මාරම ආසයි.පොඩි කාලෙ ඉදන් තියෙන පිස්සුවක්ද කොහේද..(හැමෝටම ඔය පිස්සුව ඇති..)

ඉතින් පේරාදෙණියටත් නොසෑහෙන්න වහිනව.පහුගිය කාලෙ කරකුට්ටන් වෙලා තිබුණු පිට්ටනි ටික කොල පාටට දිලිසෙන හැටි දැක්කම ආසවෙ බෑ.

සෙනට් එක ගාවට ඈත හන්තාන පේන හැටි

හවසට එහෙම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට උඩින් රේල්පාර පැත්තෙන් ඉර බැහල යනකොට මාරම ගති.ඒ පැත්තෙ අහසම රත්තරන් පාටට දිලිසෙනව.හරියට පින්සලකින් ලස්සනට පාට කරල වගේ.

ඒ පැත්ත බලල මේ පැත්ත බලද්දි තව ෂෝක්.අරුණාචලම් එකට උඩ කන්දයි මිල්ක් බාර් එකට උඩ කන්දයි දෙකටම එකම විදියට අව්ව වැටිල,ඒත් පිට්ටනි ටිකට හෙවන වැටිල.කඳු ටික කහ පාට වෙලා.පට්ටයි ඕයි...

ආයිමත් ටික වෙලාවකින් ඒ පැත්ත බලනකොට අරූ එක උඩ කන්දට හෙවන වැටිල.ඒත් මිල්ක් බාර් එකට උඩ කන්දටටයි ඊට ඈතින් පේන හන්තානෙ කදු ඔක්කොටමයි අව්ව වැටිල.එතකොට මහ අමුතු විදියට තමයි පේන්නේ.ඒත් ලස්සනයි.....(කොට කලිසම් ගහගෙන දුවන ගෑණු ළමයි නිකටවත් ඒ පැත්ත බැලුවද දන්නෙ නෑ හවසට හවසට..)

ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට එපිටින් පේන කඳු වැටිය

හැබයි හිතට පොඩි දුකකුත් තියෙනව.කැම්පස් එකේ ඔක්කොම කොට්ටම්බ ගස් ටිකෙ කොල, කහ පාට වෙලා වැටෙන්නයි හදන්නෙ.ඒ ගොල්ලො පව් කියල හිතෙනව.අනිත් හැම ගහක්ම කොල පාටට දිලිසෙනකොට ඒ ගොල්ලො විතරක් මැලවෙලා ගිහින්....

අල්විස් පොන්ඩ් එකෙත් නිල් පාටට වතුර පිරිල කට ගාවටම.එතනින් යන එන හැම වෙලාවෙම හිතෙන්නෙ දුවගෙන ඇවිල්ල ඕකට පැනල සනීපෙට ටිකක් නාගන්න.ඒත් ඉතින් එව්වට ඉඩ නෑනෙ.කොල්ලො ටික මාව උස්සගෙන ගිහින් ඇඳුම් පිටින් ඕකට දැම්මොත් තමයි ඉතින්.ඒකටත් ඉතින් මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපැයි.අඩු ගානෙ කෙල්ලෙක්ගෙන් කැමතිද අහල බැහයි කියලවත් තිබුණ නම්...(ඇණයක් අරගත්තාම...)

අල්විස් පොකුණ

දන්නෙම නැතුව සෑහෙන්න ලියලනෙ.එහනම් ඉතින් අදට ඇති වගේ.අද උදෙත් ලෙක්චර්ස් තිබුණා.ඒත් යන්න කම්මැලි අප්ප.මේ වහින දවස් ටිකේ හොඳට පොරවගෙන ගුලි වෙලා නිදාගන්න තරම ආතල් එකක් කොහෙද.....අරහෙ අපේ එවුන් කටවල් ඇරගෙන පාඩම අහ අහ ඉන්න අස්සෙ මම කාමරේට වෙලා මේක ලියනව.උන් පව්ද මං පව්ද මන්ද......

එහෙනම් ගිහින් එන්නම්.මූණ හෝදගන්නත් තියෙනවනෙ..

මොනව උණත් ලෙක්චර්ස් නැති කැම්පස් ජීවිතෙ මරු....

ප.ලි- පිසාචයව දැනට පස් පාරක් කොල්ලො ටික විසින් අල්විස් පොන්ඩ් එකෙන් නාවන ලද බව සලකන්න.

ප.ප.ලි- මගේ රූමො දෙන්නගෙන් එකෙක් ගොඩ ගිහින්.(කෙල්ලෙක් සෙට් වෙලා )මම ගොඩ ගියා වගේම සතුටුය.නව කපල් එකට මගෙන් සුභපැතුම්...!!!!

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com23tag:blogger.com,1999:blog-8040999909590042811.post-40436515224401827542012-10-10T01:13:00.001+05:302012-10-10T01:13:51.034+05:30මිරිකනව කියල මෙහෙමත් මිරිකන්න පුළුවන්ද (18+ නොවේ )

ආයෙමත් කාලෙකි පිසාචය ලියන්නයි යන්නේ...ඔන්න කැම්පසුත් පටන් ගන්නවලු.අනේ මන්ද 6% කිය කියා සෑර්ල අපිව කඩේ යැව්වද මන්ද..කමක් නෑ..කාට කාටත් හරි යනව නම් එච්චරයි.

පිසාචයට පහුගිය කාලෙ මේ පැත්තෙ එන්න බැරි වුණේ ලොකු ප්‍රොජෙක්ට් එකකට බැහැල වැඩ කලානෙ.ඔය පැට්ට අයියල ,රොබින් අයියල එහෙම දන්නව විස්තර.වැඩේ නම් අති සාර්ථකයි.පංකාදු පහයි.මිරිස් කරල් දෙකයි.

අද උදේ නැගිට්ටුනේ කවුද එකෙක් දොරට තඩි බාන සද්දෙට.ඇස් දෙක ඇරියාම නිකන් නුහුරු ගතියකුත් දැණුනා.ටිකක් ඇස් දෙක කරකවල බැලුවාමයි මතක් වුණේ,ඊයෙ රෑ නිදා ගත්තෙ අක්බාර් එකේ කියල....රෑ කොල්ලො ටිකත් එක්ක ඕමියක් බලල මාකස් එන්න ඕනෙ කියල ඉඳියත් නිදිමත හින්ද අහුවෙච්ච කාමරේක නිදාගත්ත කියල ටික ටික මීටර් වෙන්න ගත්ත...

ගජේ ගහපු කොට කලිසමත් ඇදගෙන මූණපොඩ්ඩක් හෝදගෙන ඇව්ල්ල ආයමත් ඇදට පැන්නෙ තව ටිකක් නිදාගන්න හිතාගෙන.ඒත් කොහෙද,අපේ එවුන් එක්ක බෑනේ.මුන්ට කන්නමනෙ ඕන.ඇයි මුන්ට බැරි තව ටිකක් නිදාගන්න.

ස්ට්‍රයික් හින්ද අක්බාර් එකේ කැන්ටිම වහල.නිෂ්මි එකේ විතරයි කන්න තියෙන්නෙ.ඒකෙත් දවල්ට නෑ.එහෙම නැත්තම් යන්න ඕන කිලෝමිටර් එකහමාරක් විතර පයින් ජයතිලෙකට.ඊට වඩා නිෂ්මි එකෙන් කන එක සැපයි.

කන්න ගිහින් පර්ස් එක එළියට ගත්තාමයි හිතුණේ ඒක එලියට ගත්ත මෝඩකම.අක්බාර් ඩොලර් වගයකුයි ජයතිලක ස්ටර්ලින් පවුම් වගයකුයි ඇරෙන්න මූල්‍යම වටිනාකම්ක් තිබ්බ කිසිම දෙයක් ඒකෙ නෑ.එකෙක්ගෙන් රුපියල් 50ක් ණයට අරන් පාන් භාගයක් අරගත්ත පරිප්පු එක්ක.අතුරුපසට ප්ලේන්ටියකුත් ගත්ත.

ආයෙමත් කාමරේට ඇවිල්ල ටිකක් වෙලා එහෙට මෙහෙට වෙවී ඉඳල මාකස් එනව කියල හිතාගෙන එළියට බැස්ස.ගම්පොළ පාරත් පැනල අක්බාර් පාළම පැත්තට ඇවිද එනකොටයි මතක් වුණේ මාකස් එකේ කැන්ටිමත් වහල නේද කියල.දැන් මොකෝ කරන්නෙ...ජයතිලකෙට ගිහින් මොනව හරි ඔතාගෙනවත් යනව කියල හිතාගෙන වූස් එක මැදින් ගිහින් කලාබර පාලමෙන් ඇවිල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ගාවින් අපේ ෆැක්ල්ටිය ගාවට ආව.අනේ.....චුට්ටි චුට්ටි කෙල්ලො ටිකක් කොටට කොටේ රෙදි කෑලි වගයක් දවටගෙන හොකී ගහනව.ආසාවෙ බෑ....ටිකක් වෙලා බලන් ඉඳල මගේ පර්සනලිටි එකට වෙන්න පුළුවන් හානිය ගැන හිතල හිමීට අල්විස් පොන්ඩ් එක ගාවින් ජයතිලකෙට ආව.

බත් එන්න විනාඩි විස්සක් විතර එයි කිව්ව හින්ද වාඩිය දාල ස්ටාර් ක්‍රිකට් චැනල් එකේ ගියපු පරණ මැච් වගයක හයිලයිට්ස් වගයක් බල බල හිටිය.එහෙම්ම ඉඳල බත් එකකුත් බැඳගෙන මාකස් කන්ද නැගල රූම් එකට ආවා.නිකමට වගේ ෆේස්බුක් එක පැත්තෙ ආවමයි දැක්කෙ "සරසවි ඇදුරන් අනිද්දා සිට වැඩට" කියල නිවුස් එක.මගේ ඉහ මොල රත් වුණේ එතකොට තමයි.ඇයි දෙයියනේ හදිස්සියෙවත් ලෙක්චර්ස් පටන් ගත්තොත් මං අදින්නෙ මොනවද.....

දවල් තිස්සෙ ඇද උඩයි රෑට පුටුව උඩයි ආයිමත් උදේට ඇද උඩයි තියෙන මගේ ඇඳුම් සෙට් එක හෝදලා දාන්න කාලෙ හරි කියල හිතුණෙ ඒ වෙලාවෙ තමයි.තඩි බේසම්කින් දෙපාරක් ගෙනියන්න තරම් රෙදි ලොට් එකක් තිබුණ කිව්වට ඔයාල විශ්වාස කරන එකක් නෑ.තුනට පටන් ගත්තු රෙදි හේදිල්ල ඉවර වුණේ හයත් පහු වෙලා ඕන්න.බොරු නම් සැරින් සැරෙ ඇවිල්ල මම රෙදි හෝදල ඉවරද කියල බලල මූණත් නාළු කරන් ගියපු මෙඩ්ඩගෙන් අහන්නකො.(අපිට නැතිවුණාට උන්ට ලබන සතියෙ එක්සෑම්ද කොහෙද..පණ දාගෙන උන් පාඩම් කරනව...)

හෝදල ඉවර වෙලා නාගෙන(මම නානව...)ඇවිල්ල රෙදි ටික වනනකොටයි තේරුණේ එදා ඇඳුම් ටික එදාම හෝද එකේ රඟ.මිරිකනව කියල මෙහෙමත් මිරිකන්න පුළුවන්ද.අයියෝ මගේ දකුණු අතේ මාපට අඟිල්ල.වැලවල් වල ඉඩත් නෑ අප්ප.යන්තම් එහෙන් මෙහෙන් ෂේප් කරගෙන රෙදි ටික වනල බැලුවාම කැම්පස් එකේ ලොන්ඩ්රියෙ තව හොඳයි කියල හිතුණා.

හරියට මිරිකුන් නැති රෙදි වලින් බේරිච්ච වතුර වලින් කාමරේ පිටිපස්ස ගංවතුර ගැලුව වගේ පිරිල ගිහින්.එහා කාමරේ එකාගෙන් බැනුම් කෝටියයි.

මොනව කරන්නද........

අර කලින් කියපු ප්‍රොජෙක්ට් එක හන්ද ගෙදර ගියෙත් නෑ මාසෙකින් විතර.අම්මත් හැමදාම කෝල් කර කර අහනව එන්නෙ නැද්හ කියල.නංගිට නම් ආස අති මං එන්නෙ නැති වුණාම.එතකොට එයැයිට ඕන ඕන විදියට කම්පුටර් එක පාවිච්චි කරන්න පුළුවන්නේ.එව්ව හරිය නෑ.හෙට මම ගෙදර යනව...පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com39tag:blogger.com,1999:blog-8040999909590042811.post-42522125435348556412012-09-29T19:15:00.001+05:302012-09-29T19:15:49.048+05:30වරද මගේ නොව.......

යන්න යමි මා ඉන්න නොතැවී, කියා ඔබ ගිය මාවතේ

තනි වෙලා අද අපේ මතකය හඬනවා සුදු හාමිනේ

ඔසරියක් හැඳ පෝරුවක ඔබ නඟින දින මතු ජීවිතේ

පාත නුවරින් එවමි සුලඟක් පිසින්නට දා නෙතු ඉමේ

(අදට එක කවියක් ඇති කියල හිතුව.කතාවකින් කියන්න ඕන ඒවා ඔක්කොම මේකෙ තියෙනව කියල හිතෙනවා.....)පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com15tag:blogger.com,1999:blog-8040999909590042811.post-56758075705116586872012-09-26T23:57:00.002+05:302012-09-26T23:57:35.441+05:30අර කෙල්ල උඹ වගේමයිනෙ බං.....(KCCයේ හැඩ බැලුවෙමු )

පිසාචයට ඉන්නව පිසාචය වගේම පිස්සු බැචාලා සෙට් එකක්.අනේද කියන්නෙ වැඩිය පිස්සු නෑ....හැබැයි ඉතින් හිත හොඳ කොල්ලො ටික.(ලාවට හිනා යයි )

ඔන්න ඉතින් නිවාඩු දවසක හොස්ටල් එකට වෙලාම ඉඳල කම්මැලි හින්ද කට්ටියම කතා වුණා නුවර ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදල කාරිය එන්න.මේ කියන්නෙ අපිට සීනියර් අක්කල අයියලගෙන් වෙල්කම් මෙව්ව එක ලැබිච්ච අලුත.

මේ වෙනකොට නුවර ටවුන් එකට වැඩිම වුණොත් ගිහින් තිබුණේ තුන්පාරක් හරි හතරපාරක් හරි තමයි.අතේ සල්ලි තිබුණෙත් නෑ.ඒ වුණාට ඇස් දෙකට හරි හොඳයිනෙ කියල තමයි ආවෙ.

ගම්පොල බස් එකක නැඟල ටිකට් අරගත්ත නුවරටම.ආයි මොකටෙයි මඟට ගන්නේ..ඔන්න ඉතින් බස් එක ඇවිල්ල ගුඩ් ෂෙඩ් එකේ නැවැත්තුවා.සෙට් එකම බැහැගත්ත....අම්මා....ඇස් කඩාගෙන යනව......බලන බලන අත ලස්සන ලස්සන කෙල්ලො.....

නුවර ආවට මොකෝ...එකෙක්ටවත් කොහෙද යන්නෙ කියල අයිඩියා එකක් නෑ.එකෙක් කියනව මාළිගාවට යමු කියල.තව එකෙක් කියනව වැව රවුමෙ රවුමක් ගහමු කියල.හැබැයි ඒ යෝජනා ඔක්කොම ලත් තැනම ලොප් වුණා.

ඔන්න එතකොට තමයි මම වහන්සේ මගේ ශ්‍රී මුඛය ඇරියේ.

"යමල්ල KCC එක පැත්තෙ....."

ඒ යෝජනාව නිතරඟයෙන්ම සභාසම්මත වුණා.

ඔන්න කොල්ලො සෙට් එක පා ගමනින්ම ආවා KCC එකට.එනකොටම මොකක්ද මන්ද සයිරන් එකකුත් වැදුණා.

මොන මඟුලක්ද මන්ද......

අපේ ඉන්නව "ලපා" කියල එකෙක්.ඌත් මං වගේම ගඟෙන් එහා පැත්තෙ පොරක් හරිය...මුගේ ඔක්කොම හොඳයි, හැබැයි පොඩි අවුල් කේස් දෙකක් තියෙනව.පළවෙනි එක මේකා නාන්නෙ නෑ.දෙවනි එක මේකගෙ කට හොඳම නෑ.රැග් සීසන් එකේදිත් මූ කට හින්ද හොඳ හොඳ පරිප්පු කෑව.

ඔන්න ඉතින් අවට සිරි නරඹ නරඹ සෙට් එක යනව.

ඔහොම ඇවිද ඇවිද යනකොට පොඩි කෙල්ලො දෙන්නෙක් බර කතාවක් දාගෙන අපේ ඉස්සරහට ආව.පොඩි කිව්වට ඉතින් පොඩිත් නෑ.අවුරුදු 18,19 වගේ.....එතන හිටපු එක කෙල්ලෙක්ට තිබුණෙ අපේ ලපාගෙ ෆේස් කට් එකමයි.ලපාට බොරු කොණ්ඩයක් දාල ගත්ත නම් නිවුන්නු වගේ පේන්නත් තිබුණා.

ඔන්න කෙල්ලො දෙන්න අපිව පාස් කරනවත් එක්කම අපේ එකෙක් කිව්ව....

"අඩේ ලපා..අර කෙල්ල උඹ වගේමයිනෙ බං....."

අපිත් ඉතින් හිනා වෙවී ආවා.

"උඹල පොඩ්ඩක් ඔහොම ඉදපන්..මං ඉක්මනට එන්නම්...." කියල ලපා ආපස්සට හැරිල කෙල්ලො දෙන්න පස්සෙන් ගියා.

මේ ගොං මීමා මොන මලදානයක් කර ගනීද ෂුවර් නැති නිසා අනිත් එවුන්ට ඉදපන් කියල මමත් ගියා ලපාගෙ පස්සෙන්ම.

ලපාත් හිටු කියල කෙල්ලො දෙන්න පස්සෙ යනව,නිකන් වෙඩි කෑ කාසි වගේ.

මමත් ඉතින් ලපා පස්සෙ හිටු කියල යනව....

ඔන්න සීන් කෝන් එකට ආව.

ලපා අර කෙල්ලො දෙන්නව පහු කරගෙන ගිහිල්ල උන් දෙන්න ඉස්සරහ හිට ගත්ත.මූ මොනව නමුත් කෙල්ලො දෙන්නගෙ ලැජ්ජ බය නුවර වැවට හේදිලා යන දෙයක් නම් කියන්න තමයි යන්නේ කියල මූ ඉන්න ඇක්ෂන් එකෙන් කාට නැතත් මට තේරුණා.

හරියට අර චොකලට් ක්‍රීම් බිස්කට් ඇඩ් එකේ ඉන්නෙ පොඩි එකෙක්....අපි නටමුද ඇහුවම......බෑ.................කියන්නේ.අන්න ඒ වගේ.බෙල්ලත් පොඩ්ඩක් බිමට නවාගෙන,යට තොල උල් කරගෙන,ඇස් දෙක එළියට එන තරමට ලොකු කරගෙන,අත් දෙක ඉනේ තියාගෙන..........

"මේ...නංගී...තියෙන ප්‍රශ්නයක් අපි මෙතනම විසඳගමු....නේ.."

ලපා ඒ ටික කියන්කොට මමත් බුලා එක්ක අර මුවෝ දෙන්නෙක් වගේ අසරණ වෙලා හිටපු නංගිලා දෙන්න ඉස්සරහ.

"මොකක්..." කියල අහන්න වගේ අර නංගි ලපා දිහා බලනව.හරියට මිස්ටර් බීන් බෙල්ල දික් කරන්නේ සමහර වෙලාවට.අන්න ඒ වගේ....

"මේකයි නංගී....මගේ යාළුවො කියනව මම ඔයා වගේලු..කවදාවත් එහෙම වෙන්න බෑනෙ...ඔයා සුදුයි තමයි...ඒ වුණාට මූණ නිකන් ලොම් හැලිච්ච නාකි වැඳිරියෙක් වගේනෙ....මම එහෙමද...මම තාමත් තරුණ ගොං නාම්බෙක් වගේ ලස්සනයිනෙ......ඒ හින්ද වැරදි අදහස් හිතේ තියාගන්න එපා.වහාම ඒවා හිතෙන් අයින් කරගන්න...."

ඊලඟට එතන ඇතිවෙන්න පුළුවන් තත්වය එච්චර සෞඛ්‍යට හොඳ නැති නිසා(ඌරන්ට මොන...) ලපාවත් ඇදගෙන මම ආව.

ඔන්න ඔහොමයි අපි KCC එකේ හැඩ බලන්න ගියේ.

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com32tag:blogger.com,1999:blog-8040999909590042811.post-11199199801130987782012-09-15T17:24:00.002+05:302012-09-15T17:24:33.052+05:30පොදක් වත් දුක නැති ලෙසින් මම ගාලු කොටුවට තාම ආසයි (ආදරණීය ගාල්ල නමට - 02 )

රක්ත වර්ණව ඈත ක්ෂිතජය ගිනි අරන්දෝ අහස් කුස අද

නික්ම යන්නට බැරිව ලතවෙන හිරුට ඔච්චම් කරනවද සඳ

එක්ව දෑඟිලි පටලවාගෙන අනන්තය වෙත සිහින මැව්වෙද

සත්තකින් අපි අපිට හිමි නැති ලොවක අද තනිවෙලා රන්කඳ

ගාලු කොටුවට එපිට අහසට සියොත් කැල පෙර සේම එනවලු

තාරුකා රෑ අහස වසමින් සඳට තාමත් තනි රකිනවලු

පාළුවට ගිය සමනල පාලම හෙටත් තටු විහිද හිනහෙලු

වාළුකා සිපගත්තු සිඳු රළ ඈත දියඹට සමුනොදුන්නෙලු

මඳක් අඳුරුව පාළුවට ගිය හරස් මාවත අදත් මතකයි

බිඳක් නැවතී දොඩමළුව ගිය අපේ මතකය හිතම පාරයි

සඳක් ඇවිදින් ගාලු අහසින් බැස ගොසින් දැන් බෝම ඈතයි

පොදක් වත් දුක නැති ලෙසින් මම ගාලු කොටුවට තාම ආසයි

ගාලු කොටුවයි සමනල පාලමයි කියන්නේ ඉස්සර ඉදන්ම ගාලු පෙම්වතුන්ගෙ පහස නොඅඩුව ලැබිච්ච තැන් දෙකක්.ඉතින් අදත් මේ තැන් දකිද්දි හරි අමුතු හැඟීමක් තමයි එන්නේ.මගේ ජීවිතේට කවි ටික සමබන්දයක් නැතත් ඒක ලියවුණේ කවුරු හරි වෙනුවෙන්......

ආදරණීය ගාල්ල..................මම තාමත් ඔබට ආදරෙයි.

පිංතූරය

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com20tag:blogger.com,1999:blog-8040999909590042811.post-7364333512754505812012-09-10T21:55:00.000+05:302012-09-10T21:55:32.289+05:30තරහ ගමි මම කොහොම ආදරය ඔහොම්මලු....

අපිළිවෙල අතීතය අහුලමින් එකදාක

පින්සාර පින්බිමට මම ආමි පෙරදාක

හන්තාන කඳුවැටිය පාමුලේ එක රෑක

අසරණව සිටි තනිව මම වෙම්ද සෝපාක

ජීවිතය හරි වෙනස්, පුදුම දේ ගෙනවිත් දෙතී

ලස්සනම ලස්සන දවස් සීරුවට ගෙවිලා යතී

එක තැනක නැති හිතට අද මොනවදෝ හිතී

සෙහෙහසක ගින්දරින් හිතම යයිදෝ දැවී

තනිකමට නොතැවෙම්ය නොවේ එය මට නුහුරු

පිපුණාට සුවඳ මල් වසන්තය තව දුරලු

ඔබෙන් ලැබුණේ මෙමට හිතක් පමණද මිතුරු

තරහ ගමි මම කොහොම ආදරය ඔහොම්මලු

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com24tag:blogger.com,1999:blog-8040999909590042811.post-90162878446523594312012-09-02T08:47:00.000+05:302012-09-02T08:47:01.973+05:30ආදරණීය ගාල්ල නමට - 01

පංතියේ කෙලි සිනා හඬවල්
මැකී ගොස් නැහැ එදා වගෙමයි
කවුළුපත් ලඟ මගේ බංකුව
මල්ලියේ එය අද ඔබේමයි......

නුඹට පිටුපා හිඳින බිත්තිය
හුඟක් දන්නව අපේ මතකය
එකට එක් වී හඬපු හිනැහුණු
මිතුරු කැල අද සතර අතකය.......

"ආයුබෝවන්" කියපු රාවය
අනේ දෙසවන් වැකෙනවා
මිතුරනේ අද තනිව මෙහි හිඳ
ඔබ කොහේදැයි සොයනවා......

මගේ බංකුව ලඟට වී මම
ඇස් පියාගෙන හිඳින්නේ
මිතුරනේ ඔබ වට වෙලා මට
නැතිද ඔච්චම් කරන්නේ......

මට අද නිකමට හිතුණා මට මගේ උපන් ගම වෙච්ච "ගාල්ල" අමතක වෙලා නේද කියල.පේරාදෙණිය ගැනම කවී ලිව්ව...ගාල්ල ගැන එකක්වත් ලියන්නේ නෑ නේද කියල.ඔහොම ඉන්න්කොට එක පාරටම ඉස්කෝලෙ A/L ක්ලාස් එක මතක් වුණා.......පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com34tag:blogger.com,1999:blog-8040999909590042811.post-3278584950061618392012-09-01T19:38:00.002+05:302012-09-01T19:41:53.787+05:30පොඩි පිසාචයා ෂර්ලොක් හෝම්ස් වුණ හැටි(වෙස්වලා ගන්න දන්නෙ නැත්තම් ඉගෙන ගන්න ) අනේ මන්දා, මේකට නම් කට්ටියට කොහොමටවත් හිනා යන්නෙ නෑ.මගේ තියෙන කැසිල්ලට තමයි මේ ලියන්නේ කාරිය.

මං පොඩි කාලේ ඉදියේ ගාල්ල- අකුරැස්ස පාරේ තිබුණු ලස්සන ගමක.මගේ පොඩි
කාලේ ගොඩාක් ලස්සනයි.අපේ තාත්තා අකුරැස්ස පාර අයිනෙම කඩයක් දාල තිබුණා.

කඩේ පිටිපස්සෙ හදපු ගෙදර තමයි අපි ඉදියේ.

ඔතන තිබුණේ එක කඩයක් නෙවෙයි, කිහිපයක්ම තිබුණා.අපේ කඩේට එහා පැත්තේ
තිබුණා බේකරියක්.එහේ ඉදියා මට වඩා අවුරුද්දක් වැඩිමල් කොල්ලෙක්.අපි එයාට
කිව්වේ “සුදු” කියලා.අපේ අයියයි, සුදුයි, මමයි තමයි ඒ හංදිය ඒ දවස් වල රන්
කෙරෙව්වේ හරිය…….

කියන්න දෙයක් නෑනේ අපෙ අයියා තමයි ලොක්කා.අපි සොක්කො.කොහේ ගියත් අපි එකට තමයි.

ගෙවල් දෙකේම ටොයිලට තිබුනේ එක ලඟ,හැබයි වැටෙන් වෙන් වෙලා.මායි සුදුයි එකටම
වගේ ලැට් දෙකට රිංගනවා.වැඩේ ඉවර වෙලා මහ හයියෙන් ගමටම ඇහෙන්න දෙන්නම
කෑගහනව,.. ..”අම්…මේ…ඉවරා….යි….”

මුළු ගමම දන්නවා ඒ දවස් වල අපි මෙව්ව වැඩේ කරන්නෙ අහවල් වෙලාවටෙයි කියලා.

ශික් විතරක් ……මට කවදාවත් පොයින්ට් එකට කතාවක් ලියන්න බෑනේ.

අපි කට්ටිය සෙල්ලම් කරන්නේ බේකරියට එහා පැත්තේ තිබුණු තණකොළ වැවිච්ච පටු තීරුවක.මේ පටු තීරුව ඉවර වෙන්නේ මහ පාරෙන්.

අදාල දිනය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.මොකද එදා තමයි ඩයනා කුමරිය ඇක්සිඩන්ට් වෙලා මැරුණේ.1997 අගෝස්තු 31…….

ඉතින් එදත් පුරුදු විදියට උදේම නැගිටලා අපි ගියා සෙල්ලම් කරන්න.

වෙලාව 10.30 ට වගේ ඇති.විකට් එක තිබුනේ පාර තිබුණු පැත්තට විරුද්ද පැත්තේ.

බෝල කලේ පාර ගාවම ඉදන්.එ වෙලාවේ බැට් කලේ සුදු.විකට් කීපින් අපේ අයියා.බෝල් කලේ පොඩි පිසාචයා.

ඔන්න ඉතින් මුරලි වගේ බොලේ කෙල ටිකක් එහෙම ගාලා.වාකර් යුනිස් වගේ අහවල්
තැන බෝලේ උලලා, දුවගෙන දුවගෙන ඇවිල්ලා අත යටින් බෝලයක් දැම්මා.(අන්ඩර්
ආම්) දැන්

හිනා වෙන්න එපා ඉතින්. ඒ දවස් වල එහෙම තමයි.

ආ..කියන්න බැරි වුණානේ හතරේ සීමාව තිබුණේ පාරෙන් එහා පැත්තේ කාණුව.

ඔන්න මං අර කලින් යවපු බෝලෙට ඉතා අලංකාර ලෙස සුදු ගැහුවා, ස්ට්‍රෙයිට්
ඩ්‍රයිව් පහරක්. බෝලේ මාවත් පහු කරගෙන හිමි හිමිට දැන් කාණුව පැත්තට යනවා.

ඒවා කොහෙද මේ පොඩි ජොන්ටි එක්ක.ෆුල් ගැම්ම දාලා බෝලේ අල්ලන්න දිව්ව.මේ දිව්වෙ වාහන අනන්තවත් යන අකුරැස්ස පාරට.

ඒ කාලේ ඉතින් මොන හෙවිල්ලක් බැලිල්ලක් ද...හරියටම පාර මැදදි බෝලෙ නම් අල්ල ගත්තා.

ඒත් මං පොඩ්ඩක් පාර දිහා බැලුවම දැක්ක දේ නම්..තාම හීනෙනුත් මාව බය
කරනවා.30 ශ්‍රි වෑන් එකක් කඩාගෙන බිඳගෙන මගේ දිහාට එනවා.මීටර් 30ක් වගෙ
ඈතින්.

මට දැන් හිතා ගන්න බෑ කොයි පැත්තටද යන්නේ කියලා.මං කාණුව පැත්තට
යනවා.ආයිමත් අයියල ඉදපු පැත්තට ටිකක් දුවනව.ආයිමත් නවතිනව.හැරිල කාණුව පැත්තට දුවනව.ආයිමත් නවතිනව..අයියගේ පැත්තට දුවනව.ආයිමත් කාණුව පැත්තට.........

නිකන් හරියට ගස්
කොඩි ගහද්දි වෙට්ටු දාන්න හදනව වගේ.

කොහොමද ආතල් එක …කඩාගෙන බිඳගෙන එන වෑන් එකකට වෙට්ටු දානකොට.කවුරුවත් මෙහෙම ලෝක වාර්ථාවක් තියල තියෙනවද..නෑනේ….

අන්තිමටමං හිත හදාගත්ත ආයිමත් සෙල්ලම් කරපු දිහාවටම යන්න.මුලු වෙර දාල බෝලෙත් අතේ තියාගෙන මං දිව්ව.

වෑන් කාරයා නම් නියම වැඩ කාරයෙක් තමයි.යන්තම් මාව බේරලා කාණුව පැත්තට කැපුවා.ඒක ගිහින් කාණුවේ.වැඩි අලාබ නෑ.

පස්සෙ තාත්තලා වැන් කාරයට හොඳට සලකලා රු.10,000ත් දීලා යවලා තිබුණා.

හැබයි හොඳම හරිය උනේ අපි තුන් දෙනාට.සිද්දිය වුන වෙලාවේ ඉදන් මට පිස්සු වගේ.ෂොක් එකට අමතරව තාත්තගෙන් කන්න වෙන ගුටි ටික.....

අපි දැන් ඉන්නෙ සුදුලගෙ බේකරියේ.එලියට බහිනව නම් බොරු.කීපදෙනෙක් ඇවිල්ලා මට තුවාල ද නැද්ද කියලා බලල ගියා.

ඔහොම පැය දෙකක් තුනක් ගියා.

අලි මදිවට අඟල් සුකානො කිව්වලු.බයටමද කොහෙද ඉවසන්න බැරි චූ බරකුත් හැදුණා.ඉවසනව කියල කොච්චර ඉවසන්නද……..

මොකද කරන්නේ…..

අයියලට කිව්වට ඒගොල්ලො කිසි අදහසක් දෙන්නෙත් නෑ.

ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ යටපත් වෙලා තිබුණු පරිකල්පන මෙව්වා එක අවදි වුණේ.

දැන් එලියට බහින්න බැරි මටනේ.ඒ වුණට අයියට පුළුවන්නේ.

කතා කලා අයියට....

ගලවන්න කිව්ව ෂර්ට් එක.මගේ එකත් ගැලෙව්වා.මාරු කරන් ඇඳ ගත්තා.

ගලවන්න කිව්වා කලිසමත්. ඒවත් මාරු කරන් ඇද ගත්තා.

දැන් හිතට ෆුල් සැටිස්.බැස්සා එලියට.

දැන් මේ යන්නෙ පිසාචය නෙවෙයි.පිසාචයගේ අයියා.කවුරුවත් මාව අදුරගන්නේ නෑ කියලා මට ෂුවර්.

සෙනග අස්සෙන් මං අයියගෙ ලොකු කලිසමත් උස්ස උස්ස….වට පිට බල බල යනවා.

ඔහොම ගිහින් හිමීට වැඩෙත් කරගෙන ආපහු එනවා.

සමහරු මගේ නමත් කියනවා.මගේ දිහා කන්න වගෙත් බලන් ඉන්නවා.මට ගාණක් නෑ.මොකද මේ ඉන්නෙ මං නෙවෙයිනේ.

රෑ වෙනකන් බේකරියේ ඉදලා පස්සේ ගෙදර ගියා.වැඩි අවුලක් නෑ.අම්මගෙන් ගුටි පහක් හයක් කෑව එච්චරයි.

මං ගොඩක් කල් යනකම් හිතන් ඉඳියේ එදා මාව කවුරුවත් අඳුරගත්තේ නෑ කියලා.

දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා.

(මේ කතාව කාලෙකට කලින් අන්තිම පේළියට ලියූ එකක් බව කරුණාවෙන් සලකන්න)පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com15tag:blogger.com,1999:blog-8040999909590042811.post-51057785666860866662012-08-28T15:08:00.000+05:302012-08-28T16:08:40.379+05:30හැමෝම සිනාසෙන - මට විතරක් ඇඬෙන ( ආදරය කරපු කෙල්ලගෙ වෙඩින් එකට යන්නද හිතන් ඉන්නෙ) - 03 මේකෙ කලින් පෝස්ට් දෙක දාල නම් ගොඩක් කල්.ගොඩක් අය ආසවෙන් කියවල හොඳ ප්‍රතිචාරත් දීල තිබුණා.ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.කියවන්න බැරි වුණා නම් මෙන්න ඒ දෙක.

හැමෝම සිනාසෙන - මට විතරක් ඇඬෙන ( ආදරය කරපු කෙල්ලගෙ වෙඩින් එකට යන්නද හිතන් ඉන්නෙ) -01

හැමෝම සිනාසෙන - මට විතරක් ඇඬෙන ( ආදරය කරපු කෙල්ලගෙ වෙඩින් එකට යන්නද හිතන් ඉන්නෙ) -02

එහෙනම් ඔන්න තුන්වෙනි එකත් පටා....න් ගන්නයි යන්නේ....

මගෙ දෑසේ කඳුළු

මඟුල් ගෙදර වෙලාවෙදි අසරණ කොල්ලගෙ හිතට එන අදහස් හිත් කීරිගැහෙන විදියට කියන විදිය නම් හිතාගන්නත් බැරි තරම්.සිංදුවෙ සම්පූර්ණ ගෞරවය ඒ අතින් මිල්ටන් පෙරේරා කියන අසහාය ගායකයට හිමි වෙන්න ඕන.

පෝරුව උඩ ඉන්න කෙල්ලගෙ ඇස් වලින් වැටෙන කඳුළු වලින් කොල්ලට තියෙන ආදරේ තේරෙනව වුණත් මේ වෙලාවෙ හැමෝම අසරණයි.

"මට ඇය දුන් වේදනා

ඇගෙ දෑසින් තේරුණා..."

"මං පතපු ඔයාගෙ නොයිඳුල් ආදරේ ඔයා අන්සතු කලත් ඒ දුක ඔයාගෙ අලුත් හිමිකාරයට නම් දෙන්න එපා..."

ඒක තමයි අන්තිමට කොල්ල කෙල්ලගෙන් ඉල්ලන්නේ.

මගෙ දෑසෙ කඳුළු

තව දෑසක සතුටු කඳුළු වේ

ඔහු නැඟ ඇත

මට හිමි නැති මඟුල් පෝරුවේ

ගීතයට මෙතනින්

වසන්තයේ සිත් සැලුනා

රෝමේෂ් සහ ලක්ෂාන්ගෙ මං දන්න විදියට මුල්ම ගීතය තමයි "වසන්තයේ සිත සැලුනා" කියන ගීතය.රොමේෂ් ගෙ හැඟීම්බර විරහ කටහඬ මේ ගීතය ජනප්‍රිය වෙන්න බලපෑව.ඔවුන් අද වෙනකොට ඇවිත් ඉන්න දුර ඔවුන්ගෙ මුල්ම ගීතයත් එක්ක බලනකොට පුදුම වෙන්න දෙයක් නෑ...

සුන්දර පාසල් කාලයේදීම කොල්ල කෙල්ලගෙ අතින් අල්ලගෙන පාරක් ගානෙ ඔහේ ඇවිදගෙන යන ගමන් මවපු අනාගත සිහින අද කොල්ලගෙ හිත ලඟ විතරක් නතර වෙලා.

"අපේ ඒ සමනල හීන බොඳකරල දාලා අද ඔයා මල් පාවඩ උඩින් යන්නෙ කොහොමද කෙල්ලේ...."

සුදු රැලි ගවුමෙන් හැඩ වී

පෙර ඔබ ආ හැටි සිහි වී

දඟකාරියෙ ඔබ මට පෙම් කල

මතකය ඔබ ලඟ නැවතී

ගීතයට මෙතනින්

මගේ දින පොතේහි

මට අමතක වෙලා තිබුණ කාන්තා පාර්ශ්වයෙන් ගයන ගීතයක් "දඟ මල්ල" මට මතක් කරල ගිහින් තිබුණා.චන්ද්‍රලේඛා පෙරේරා විසින් ගායනා කරන මේ සිංදුවත් හුඟක්ම හැඟීම්බරයි.චන්ද්‍රලේඛගෙ කටහඬ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ...

පාසල් කාලෙ අපි දෙන්නගෙ නම් කුරුටුගාපු කොල පුච්චලා දානව වගේම අපේ ප්‍රාර්ථනාත් හුලඟට විසිකරමු.අත් අල්ලන් යන ගමන් මවපු හීන බොල් වෙලා ගිහින්.ඔයා එන්නෙ නැති හෙට දවසේ මම ඔහුගෙ මනමාලිය වේවි.

මගේ දින පොතේහි අද රෑ ලියන්නෙ

අප පෙම් කතාවෙ අවසානයයි

ඔබ නේන දා හෙට මා මනමාලියයි...

ගීතයට මෙතනින්

හිරු මැකී යයි නීල අහසේ

අමිල පෙරේර කියන්නෙ හුඟක් ගැඹුරු කටහඬකින් අපේ හිත් ස්පර්ශ කරන ගායකයෙක්.මේ ගීතය අඩංගු වුණේ "ආසයි මං පියාඹන්න" කියන ෆිල්ම් එකේ.ෆිල්ම් එකේ මේ සිංදුවත් එක්ක යන සීන් ටික සිංදුව තවත් හිතට ලං කරනව.(පුළුවන් නම් හොයාගෙන විෂුවල් එකත් බලන්න)

"නෙතු සලා හමුවෙලා

සුසුමකින් වෙන් වුණා..."

හුඟක් හිතට දැනෙන කොටසක් තමයි මේක.ගොඩක් දෙනෙක් මාත් එක්ක එකඟ වේවි මං හිතන්නෙ.

ගිනි කඳු පුපුරන තරම් වේදනාවක් මගේ හිතේ තියෙනව රත්තරං..ඒත් මගේ සුභ පැතුම් අරගෙන හිතේ සතුටින් ඔයා යන්න.අපි දැකපු හීන ඔක්කොම මීදුම් අතරේ කාටවත් පේන්නෙ නැති වෙන්න හංගල ඔයා යන්න.මම ඔයා එක්ක කවදාවත් තරහ නෑ රත්තරං...

තුෂර පින්නේ පැතුම් කෝවිල්ලේ

ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුණේ

එදා මතකය සිතේ අහුරා යන්න ප්‍රිය ලඳුනේ

හද සුසුම් පවනේ........

ගීතයට මෙතනින්

ඇයි කඳුලු බිංදු

මම හුඟක්ම ආස ගායකයෙක් තමයි කරුණාරත්න දිවුල්ගනේ කියන්නෙ.ඔහු ගායනා කරන්න තෝරගන්නෙ හරිම ලස්සන වගේම හොඳ තේරුමක් තියෙන සිංදු.

"ඇයි කඳුලු බිංදු මනමාලිගෙ මල් පොකුරේ රෝස කම්බුලේ"...කියන සිංදුවත් ඒ වගේම ලස්සන එකක්.

ඒක පාර්ශ්වික ආදරයක් ගැන තමයි මේකෙන් කියන්නෙ.කොල්ල කෙල්ලට කොච්චර ආදරේ කලත් කෙල්ලගෙ හිත ගිහින් තියෙන්නෙ වෙන කොල්ලෙක්ට.ඒත් කොහොම වුණත් කෙල්ලටත් දුකයි කොල්ල ගැන.ඉතින් දන්නෙම නැතුව කෙල්ලගෙ ඇස් වලට කඳුලු එනව.ඒ වෙලාවෙ කොල්ල තමන්ගෙ දුක ගැනවත් නොහිතා කෙල්ලට සුභපතනව.

හරිම සංවේදී සිංදුවක්..

තනා හිත ගිය තැන මාළිගාව

නිදාගන්න සිරියහන් ගැබේ

මම කරුණාවයි නෑ තරහක්

ජාති ජාතිවත් මගේ හිතේ....

ගීතයට මෙතනින්

අවසන් ලියුමයි ඔබට ලියන්නෙ

ෂෙල්ටන් පෙරේරා ගායකය විසින් මුලින්ම ගායනා කරල පස්සෙ එයාගෙ පුතා සතීෂ් පෙරේරා විසින් ගායනා කරපු මේ සිංදුවත් සඳ මෝල් වෙන තරමෙ එකක්.මට හිතෙන විදියට මුල් ගායනය දෙවැන්නට වඩා හැඟීම්බරයි කියලා.සතීෂ් පෙරේරා වුණත් ලස්සනට කියනව.එක එක්කෙනාට දැනෙන විදියනේ....

කෙල්ලගෙ විවාහ ගිවිස ගැනීමේ උත්සවයෙන් පස්සෙ අහම්බෙන් වගේ කොල්ලට කෙල්ලව මුණගැහෙනව.එතකොට කොල්ල දකිනව කෙල්ලගෙ අතේ තියෙන මඟුල් මුද්ද වගේම කරේ තියෙන මාලයත්.එදා රෑ කොල්ල තමන්ගෙ අහිමි පෙම්වතියට අවසන් පෙම් හසුනත් ලියනව.

හුඟක් දෙනෙක්ගෙ හිතට වැදුණ සිංදුවක් තමයි මේක....

පෑන තවත් දේ ලියන්න කීවත්

මොනව ලියන්නද මීට වඩා

මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නෙ

වෙන දීගෙක ගිය ඔබට වඩා

ගීතයට මෙතනින්

ඈ ඉදිද්දි පෝරුවේ

අන්තිමට මං තෝරගත්තෙ "වාලක්කඩිය" මට කියපු අජිත් මුතුකුමාරණ ගායනා කරන ලස්සන සිංදුවක්.මේ ගීතයේ තනුවටම පුන්සිරි සොයිසා මහතාත් ගීතයත් ගායනා කරල තියෙනව "දූ ඉදිද්දි පෝරුවේ" කියල.

මේ ගීතයත් අනිත් ඒව වගේම ලස්සනයි හැඟීම්බරයි.මේකට මං විශේශයෙන් ආස වෙන්න ගොඩක්ම හේතු වුණේ එකේ අන්තිම කොටස.නැකත උදා වෙලා පෝරුවෙන් බැහැල ඇවිත් ...නැදෑයන්ට සමුදෙන්න එන කෙල්ල කොල්ල ගාවත් මොහොතකට නතර වෙනව.ඒ නතර වෙලා ඇස් වලින් කියන දේ හරිම ලස්සනට ඒ පද වලින් කියනව.

වෙන්ව යන්න නැකත දැන් උදාවේ

නෑසියන්ට වදින මේ වෙලාවේ

සමුඅරන්ම යන්න මට කියාලා

මතු ආත්මෙ එකතු වෙමු කියාලා

ගීතයට මෙතනින්පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com31tag:blogger.com,1999:blog-8040999909590042811.post-914881772417097372012-08-24T15:52:00.000+05:302012-08-24T15:52:49.601+05:30SLPL බලන හැමෝටම ආ...කස්ටිය කෝමද සැප සනීප......කැම්පසුත් වහල.කරන්න දේකුත් නෑ.ඒ වුණාට පුදුම කම්මැලිකමක් තියෙන්නෙ.බ්ලොග් එක පැත්තෙ ආවට අලුතෙන් මුකුත් ලියන්න හිතුනෙත් නෑ.ඒත් ඔන්න අද කඩිමුඩියෙ මේක ලියන්න ඕන කියල හිතුණා.

ස්ට්‍රයික් වුණත් පහුගිය දවස් වල පිසාචය කැම්පස් එකට වෙලා තමයි හිටියේ.කැන්ටිමෙන් කාල බීලා, රෑට රෑට ඇග්රි එක පැත්තෙ ගිහින් කෙහෙල් කැනක්,ගස්ලබු ගෙඩියක් එහෙම නෙලාගෙන ෆිල්ම් එකක් එහම බලාගෙන කාමරේට වෙලා හෙන සනීපෙට හිටියා.ඔය අස්සෙ දවස් දෙකක්ම පල්ලෙකැලේ ග්‍රවුන්ඩ් එකේ තිබුණ SLPL මැච් බලන්න නොමිලේම චාන්ස් හම්බුණා.

නිකන් ලැබෙනව නම් දෙමළ පත්තරේ හරි ඔන්න ඔහේ ගියා.ගියාට මොකෝ....සූ ගාලා සෙනග.

ඉන්දියාවෙ වගේ ලංකාවෙ SLPL වලට එච්චර සෙනග හිටියෙ නෑ.ඔන්න අන්තිම දවස් දෙකේ නම් සෑහෙන පිරිසක් හිටියා.

මං මේ සෙනඟ ගැන නෙවෙයි කියන්න ආවේ,වෙන වැඩක්නෙ.....

ලාංකිකයො විදියට මැච් බලන්න යන අපේ හිත් වල තියෙන්නෙ එකම දෙයයි.ඒ ලංකාව අද දිනාවි කියලනෙ.ඉතින් SLPL වලදි වෙන්නෙ අපේම ක්‍රීඩකයො පිටරට ක්‍රීඩකයොත් එක්ක වෙන වෙනවම ටීම් වලට බෙදිල සෙල්ලම් කරන එකනෙ.

ඉතින් එහෙම වුණාම මොකද කරන්නේ...කාටද චියර් කරන්නෙ....??????

ප්‍රශ්නයක් තමයි.එක එක්කෙනාට එක එක විදියෙ උත්තර තියේවි......

තමන්ගෙ ගම් පලාතට අහුවෙන ටීම් එකට චීයර් කරන්න ඕන(ගාල්ලෙ එකෙක් රුහුණට,නුවර එකෙක් කඳුරටට වගේ)

තමන් කැමතිම ක්‍රීඩකය ඉන්න ටීම් එකට තමයි(මැතිව්ස් ඉන්න නිසා නැගෙනහිරට වගේ)

ඔය වගේ උත්තර ගොඩාක් එක එක අයට තියේවි.ඒත් ඉතින් තමන්ගෙ පලාතේ ටීම් එක වෙනුවෙන් ග්‍රවුන්ඩ් එකේ හරි ඒකෙන් පිටදි හරි මරා ගන්න තරම් පිස්සො අපේ රටේ නැහැනෙ.ඒ වගේම තමන් කැමති ක්‍රීඩකය වෙනුවෙන් ආත්මෙ විකුණන්න තරම් මොලේ අමාරුකාරයොත් ලංකාවෙ නෑනේ.

එහෙනම් අපි මොකද කරන්න ඕන....අපොයි මහ ලොකු දෙයක් නෑ.පුංචිම පුංචි දෙයයි කරන්න තියෙන්නෙ.මොන ටීම් සෙල්ලම් කරත් අපේ එකෙක් හොඳට සෙල්ලම් කරනව නම් ඌට අත්පුඩියක් ගහල පොඩි චියර් පාරක් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුන් හොඳම දේ.

මාලිංග බෝල් කරන්න එනකොට "කමෝන් මාලී....." කියල කෑගහල දාපු බෝලෙට මහේල හයේ එකක් ගැහුවම ඒකටත් "කමෝන් මයිලා..." කියන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද නේද....

අපි දන්න කියන ෆුල් ටීම් සෙල්ලම් කරන ක්‍රීඩකයොන්ට විතරක් නෙවෙයි.නැගී එන නවක ක්‍රීඩකයන්ටත් එක වගේ චියර් කරනව නම් කොච්චර ෂෝක්ද.නම දන්නෙ නැත්තම් ස්ක්‍රීන් එකේ දානකම් ඉදල කෑගහුව නම් හරිනෙ...

මේ වල් පිසාචයත් ඉඳල ඉඳල ඇවිත් මඟුලක් කියනව කියල හිතනව නම් අනේ ඒත් මං තරහ නෑ.බැනල හරි යන්න.මේ පොඩි කොල්ලෙක්ගෙ විකාර කියල හිතුවත් කමක් නෑ ඉතින්......

ගොහින් එන්නම් එහෙනම්...

ජය ජය ශ්‍රි ලංකා...!!!!

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com20tag:blogger.com,1999:blog-8040999909590042811.post-41730867313034063992012-08-01T22:23:00.000+05:302012-08-01T23:07:05.508+05:30නුවර වැව ලඟ - මාර ගහ යට

නුවර වැව ලඟ

මාර ගහ යට

අපේ මතකය

ඉකිබිඳින බව

දන්නෙ නෑ ඔබ දන්නෙ නෑ.....

රොබරෝස මල් ගහට එන

සමනලුන් හට කීව

ඔබට නොඇසෙන

හිතක් ඇති වග

දන්නෙ නෑ ඔබ දන්නෙ නෑ....

තරු කැට දහසක

එළියැති දෑසට

ලං වී හෙමිහිට

පෙම් කෙරුවා මම

දුටුවෙ නෑ ඔබ දුටුවෙ නෑ.....

කහපාට සළු පැලද

සිල් ගත්තු සරසවිය

තුල ඇවිද හිනහෙන්න

නේන මුත් ඔබ

තරහ නෑ මම තරහ නෑ....පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com39tag:blogger.com,1999:blog-8040999909590042811.post-20898813430859652962012-07-23T21:04:00.000+05:302012-07-23T21:08:48.481+05:30තරුපතිට අවනඩුව හැකි විගස කියනවද....

වැටෙන මේ පොද වැස්ස

අනේ මට කියනවද

අහස මට රහසක්

කියන්නට කීවාද

සුව යහන සනසවා

ඈ තාම නිදි නැතිද

ඇය තුරුලේ උන් සාව

යළි සඳට පැන ගොස්ද

තරුපතිට අවනඩුව

හැකි විගස කියනවද

සුලඟ නුබ පොලෝ ගැබ

අතැර එහි හමනවද

නිදිවරිත නෙත් ඇරන්

ඈ තාම හඬනවද

හඬන තරු නෙතු පියන්

සියොතුනේ පිසිනවද

සා පැටිය හනි හනික

ඈ වෙතට දිව ඒද

සඳ එළිය නුබ ඌට

මඟ පහන් කරනවද

පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com18tag:blogger.com,1999:blog-8040999909590042811.post-21160833088416014302012-07-14T17:22:00.000+05:302012-07-14T17:22:31.801+05:30නුවර කෙල්ලො ලස්සන ඇයි....? (විද්‍යාත්මක හේතුව පිසාචයා සොයා ගනියි )

මම මුලින්ම නුවර ආවෙ ගිය අවුරුද්දෙ වෙසක් දවසෙ.ඒ ආවෙ මගේ හොඳම යාළුවෙකුගෙ ඉල්ලීමකට කුණ්ඩසාලෙ මහමෙව්නා අසපුවට.එදා මං ආවේ තනියම.කොළඹින් එහාට තනියම ගමනක් ගියාමද කොහෙද ඒ.

ඊට මාස ගාණකට පස්සෙ ඉතින් පේරාදෙණි ආවනේ. පේරා ඇවිල්ලත් දැන් මාස හයකට වැඩියිනෙ.අවංකව කියන්න ඕන කොළඹ ඉන්න පපඩම් කෙල්ලොන්ට වඩා නුවර කෙල්ලො ලස්සනයි.ඇත්තම කිව්වොත් ස්වභාවික ලස්සනක් තියෙනව. (ගාල්ලෙ කෙල්ලොත් එක්ක සංසන්දනය කරන්නෙ නැත්තෙ මොනව වුණත් ගම ගාල්ලෙනෙ ආයුබෝවන්ඩ) ඉතින් ගොඩක් කල් බලන් ඉදල ඉදල "සැබෑ විද්‍යාපීඨ ශිෂ්‍යයෙක්" විදියට මෙහෙම වෙන්න හේතුව හොයන්න මම තීරණය කලා.

කෙම්මුර දවසක රාහු කාලෙ පන්නල එහෙම මම එලියට බැස්ස.හිස් අතින් නෙවෙයි.අලවංගු,පිහි,උදලු......මීටර් කෝදු,කෝනමාන,ලඹ කැට.....ඒ විතරක් නෙවෙයි බයෝ ලැබ් එකෙන් උස්සපු අන්වීක්ශෙකුත් අරගෙනයි මං වැඩේට බැස්සෙ.

ගලහ හංදියට ඇවිල්ල මං කල්පනා කලා කොයි පැත්තටද යන්නෙ කියල.එතකොටම ආව ගම්පොල බස් එකක්.දෙපාරක් හිතුවෙ නෑ නැග්ග.ගෙලිඔයට ටිකට් අරන් ගෙලිඔයින් බැස්ස.ඊට පස්සෙ ඇම්බැක්කෙ දේවාලෙ පැත්තට පයින්ම ගියා.ඒ යන අතරේ හම්බෙච්ච ආච්චිලයි සීයාලයි ඔක්කොමන්ල නවත්තගෙන ඉන්ටවීව් පාරක් දුන්න.(අහපු ඒව වැඩක් නෑ)

ඇම්බැක්කෙ දේවාලෙත් බලාගෙන එතන ඉදපු පොලිස් මාමගෙ ඔත්තුවකට අනුව ඉතාම වයසක සීයකෙනෙක් හම්බෙන්න දේවාලෙ ගාවින් උඩට තියෙන පාරෙ යන්න මං තීරණය කලා.

ඒ පාරෙ ගිහිල්ල අර කියපු සීයත් එක්කත් පොඩි චැට් එකක් දැම්ම.සීයගෙ පොඩ්ඩක් කන ඇහෙනව අඩුයි.මං අහපු ප්‍රශ්න ඇහුනද දන්නෙත් නෑ.දීපු උත්තර එච්චරටම මාන්ජමිකයි.

එතනින් පැනගෙන ටික දුරක් යනකොට මෙන්න බොලේ ගලක් උඩ පංසලක්.හොයල බැලින්නම් මේ "ලංකාතිලකෙ".ඒකටත් නැගල මුරට ඉදපු අයියත් එක්කත් මං මගෙ රීසර්ච් එක ගැන ගැඹුරට සාකච්ඡා කලා.එයා කියපු ඒවත් මගෙ අවසාන තීරණේට තදින්ම බලපෑව.

එතනින් එන්න හදද්දි මිනිහ කියනව බොහොම දැනුම් තෙරුම් තියෙන ආච්චිකෙනෙක් ඉන්නවලු ටිකක් ඉස්සරහ.කියපු මංසලකුණු දිගේ ගිහිල්ල ගිහිල්ල ආච්චිවත් මීට් වුණා.සීදේවි ආච්චි.හරි සෝක්..මට ප්ලේන්ටියකුත් හදල දුන්න.

එතනින් පොඩ්ඩක් එහාට යනකොට බෝඩ් එකක් ගහල තියෙනව "ගඩලාදෙණිය රජමහ විහාරය" කියල.ලඟටම ආව එකේ ඒකත් බලලම ආව.
එතනින් ආපු බස් එකක නැඟල ආව."නුවර" කියල ගහල තිබුණ නිසා නැග්ග මිස කොහෙන් යනවද කියල නම් දැනන් හිටියෙ නෑ.

මෙන්න බොලේ බස් එක පිළිමතලාවෙන් නුවර පාරට දැම්ම.හිතාගන්නත් බෑ.ගියේ කොහේද මතු වුණේ කොහෙන්ද....ගලහ හංදියෙන් බැහැල හොසටල් එකට ආව.ගමනෙ මහන්සිය අමතක කරලා හොයා ගත්ත කරුණු,සාක්ෂි,හෝඩුවාවල් දිගේ පැය ගාණක් මං කල්පනා කලා.විද්‍යාත්මක ක්‍රමය අනුව ගිහිල්ල පාන්දර තුන වෙනකොට ඒ මහා සොයාගැනීම කරන්න මට පුළුවන් වුණා.දැන් මම ඒ සොයා ගැනීම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනව.

අද මම මේක ඉදිරිපත් කලාට පස්සෙ මට මොනව වෙයිද කියල මම දන්නෙ නෑ.සමහරවිට සුදු වෑන් එකකින් මාව උස්සාවි.නැත්තම් මරල ළමා අපයෝජනකට ලක්වෙලා මැරුණා කියාවි.(ඒක එච්චර ගැලපෙන්නෙ නැද්ද මන්ද) අඩුම ගානෙ කොටි ලේබලයක්වත් ගහන්න ඉඩ තියෙනව.මොනව වුණත් සත්‍ය දැන ගැනීමට ඔබලාට තියෙන පරම අයිතියට හිස නවල ඕන මඟුලක් වෙද්දෙන් කියල මම මේක කියනවා.

මෙන්න මේකයි මං හොයාගත්ත දේ.......

ලංකාවෙ අවසාන රාජධානිය මහනුවරනෙ.ඉතින් රාජධානියක් වුණාම රජෙකුත් ඕනනෙ.රජෙක් කියන්නෙ පිරිමියෙක්නෙ.(මෙතන්ට වෙනකම් පැහැදිලියි නේද) ඉතින් රජෙක්ට අනිවර්යෙන්ම අන්තක්පුරයක් ඉන්නවනෙ.ඉතින් මේ අන්තක්පුරයට ඒ කාලෙ රටේ ඉන්න ලස්සනම හා සුන්දරම කාන්තාවො එකතුකර ගන්නවනෙ.ඉංග්‍රීසීන් ඇවිල්ල අපේ රට අල්ල ගත්තට පස්සෙ මේ කාන්තාවො නුවර අවට ව්‍යාප්ත වෙනව.එතනින් එහාට විස්තර කිරීම අනවශ්‍යයි නේද...

ප්‍රශ්න තියෙනව නම් අහන්න පුළුවන්....

(හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කලෙමි.සීරියස් ගන්න එප.නුවර ඈයො විශේෂයි)පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com83