Friday, March 29, 2013

දුයිෂෙනුත් තව ලියුම් බෙදනවද



ඈත නිල් කඳු වලට එපිටින් එබෙන හිරුටත් මතකැති
ඊයෙටත් පෙර එපිට දවසක සිතින් හැඬුවා තනි වෙවී
තාල තියමින් ඔහේ වැනෙනා පොප්ලර් ගස් වල අතුඉතී
කියන දුක්බර කතාවේ පෙම් චරිත නම් අමතක නැතී


පුංචි පාසලෙ මතක නටඹුන් යලි යලිත් සිතුවම් වෙනා
පංතියේ ගිනි උඳුන අසලට ලංවෙයන් තව අල්තිනා
අයිලයට පා ගමන් යන්නට බැරිම නම් නුඹේ මල් හිනා
වලින් සෑදුව සිහින මැදුරක නවතිමුද අද අල්තිනා


අඩිපාර දිග ඇතිරිලා ඇති සොඳුරු මතකය අහුලලා
ලියන මේ පෙම් පුරාවතටත් උණු කඳුළු බිඳු තැවරිලා
නොකී ආදර කතාවන් තව තවත් ගැඹුරට ගුලි වෙලා
දුයිෂෙනුත් තව ලියුම් බෙදනවද කියාපන් මට "සයිකලා"


(ප.ලී- මේ දවස් වල සෑහෙන වැඩ.ඒකයි වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නැත්තෙ....පුළුවන් වෙලාවට ඇවිල්ලා බ්ලොග් රෝල කරකවලා කියවල යනව.කමන්ට් එකක් එහෙම දාන්න බැරි වුණාට තරහ වෙන්න එපා..)


12 comments:

  1. අලුත් වැඩකෑල්ලකුත් දාල තියෙන්නේ.... අන්තිම පේලිය පැත්තෙත් දැම්මොත් නරකද?

    ReplyDelete
  2. හැමදාම වගේ ලස්සන ටොපික් එකකට ලස්සන නිර්මානයක් කරල තියනවා. මොකද පහුගිය ටිකේ ලිව්වෙ නැත්තෙ? 28 එනවද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද උකුස්සො අළුත් වැඩ කෑල්ල......
      දාමු දාමු එහෙනම්.....!!!

      Delete
  3. කවුද මේ "සයිකලා" ??

    ReplyDelete
    Replies
    1. අල්තිනායිගේ ආච්චි අම්ම.....

      Delete
  4. එතකොට අලුත් නාවේ "සයිකලා" කෙනෙක් ඇවිත්ද?

    ReplyDelete
    Replies
    1. හික් හික්........අපි නම් ඒ පැත්ත ඇහක් ඇරල බැලුවෙ නෑ ඔන්න.....

      Delete
  5. ඒ කවුද බං මේ සයිකලා?

    ReplyDelete
    Replies
    1. සයිකලා වනාහඉ...නියම නම..."සයිකාල්" වන අල්තිනාගෙ අත්තම්මා බව මේ දැන්ද "ගුරු ගීතය" පොත බලා පසක් කර ගත්තෙමි...... ;-)

      Delete
  6. උඹට හෙනට වැඩ නේ.... @$%^{(*&%$#@#$%^U@

    ReplyDelete
    Replies
    1. උඹට වගේ නැවේ වැඩ නැති වුණාට අපිත් සෑහෙන බුසී පීපල්ස් ල නොවැ...!!!

      Delete
  7. ඇත්තටම අපූරැයි
    කියන්න තේරේන් නැ
    ඒ තරම් හැඩයි

    ReplyDelete