Friday, March 08, 2013

සාපේක්ෂතාවාදය (කාලෙකින් පොඩි කවියක් වගේ එකක්....)












අකැමතියි ඈ හට
මව්පියන් ඔහුගේ 
වලව්වේ තොටිල්ලක
නැලවුණේ නැති නිසා


අකැමතියි ඈ මට
මං පාතරැටියෙක්ලු
මව්පියන් කවමදාවත්
කැමති වෙන් නැති නිසා


වැටහුණා යෙහෙලියේ
පිළිගන්න තුති මල්මිටක් 
වටහාල දුන්නාට
"මාතෘකාව" සරලවම.......


18 comments:

  1. හ්ම්ම් හ්ම්ම්...හිතා ගන්න පුළුවන් වෙලා තියෙන දේ මට..ඕක තමා බං offroad යන්න හැම තැනම තහනම්!

    ReplyDelete
    Replies
    1. අම්මට කියන්න ඕන.....ගමෙන්ම එකක් කතා කරල තියන්න කියල.එතකොට හරිනේ.....

      Delete
  2. භාදක නැති කිසි දෙයක් එක අතකට වැඩක් නෑ. අත අරින්න එපා කියලයි මම කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියන දේ නම් ඇත්ත...ඒත් දැන් නම් ඉවසන එකත් එපා වෙලා තියෙන්නෙ....

      Delete
  3. මුහුදේ ඉන්නේ එක මාලුවෙක් නොවන අතර මාලුවෙක්ට ඔනෑම මුහුදකට පීනා යාමට හැකිය. ඒ නිසා වැව් මාලු පාවිච්චියට ගන්න

    ReplyDelete
    Replies
    1. වැව් මාළු කන්න අමාරුයි උකුස්සො..කටු වැඩියි.....

      Delete
  4. පාත්තයෝ මිනිස්සු නෙවෙයි කියලයි උගුඩුවෝ හිතන්නෙ... හෙන මාන්නෙන් ඉන්නෙ

    ReplyDelete
  5. ගම ගාල්ල පුක ලෑල්ල එකක් සෙට් කරලා දෙන්නෙයි...

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් එකක් සැට් කරා දියන්කෝ මාතලන් අයියේ....

      Delete
  6. පියබා යන්න සිතුනත්
    පියබනු නොහැකි
    තිබුනත් අත්තටු
    කුමට පලේ

    සිතුවත් කොතෙකුත්
    නොලැබෙයි අහිමි පෙම
    ලැබුනත් පෙම
    සිත නැ පිරි

    ReplyDelete
    Replies
    1. නෙතු අද්දර පිපෙන සිනා දැක
      සිතුනත් මගේ කර ගන්නට නුඹ
      විස රැඳි කටු ඉති හිතට බරයි මට
      අවසරයි කුසුමියේ.....
      මේ පුංචි සමනලයට......!!!

      Delete
  7. කෝ හු#@$#%% මගෙ කමෙන්ට් එක!!!

    ReplyDelete
    Replies
    1. බලධරයා විසින් කපා හරින ලදි...ඩෝ....

      Delete
  8. වාර්ගික අර්භුධ

    ReplyDelete
    Replies
    1. හුටා..මේකට කියන්නෙ එහෙමද....

      Delete
  9. හොද වැඩේ "සෙන්කඩගල මැණිකෙල" පස්සෙ ගියාට......

    - හිත රිදුන "ගාලු කුමාරි" -

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම ගාලු කුමාරියක්වත් හිටිය නම්.....

      Delete