Monday, April 02, 2012

මගේ හොස්ටල් ජීවිතේ සහ රෑට රෑට,,(සුලඟත් සුවඳයි හන්තානෙන් හමනා)

         හොස්ටල් ඉන්නව කියන්නෙත් එක විදියක අභියෝගයක්.ඒ වගේම සතුටක්.ඒ විතරක් නෙවෙයි ඒක ජීවිතේ විඳින්න පුළුවන් මාරම අත්දැකීමක්.අභීත අයිය,කතන්දර අයිය...ඇති තරම් හොස්ටල් සිද්දි ලියල තියෙනව.ගිහිල්ල බලන්න පුළුවන්....
        හොස්ටල් ඉන්නව කියන්නේ එක විදියක වාසියක්.තව වෙලාවක අවාසියක්.හැබැයි කියන්නම ඕන හොස්ටල් නොඉඳපු කැම්පස් ජීවිතේ කසාද නොබැදපු ගෑණියෙක් වගේ.මොකද හොස්ටල් ඉන්න එවුන් ගන්න ආතල් එක අනිත් එවුන්ට නොලැබෙන නිසයි.
                        මුල් මාස වල හොස්ටල් ඉන්න එක ටිකක් විතර ඇඟට ගුණ මදි ගතියක් තිබුණත් ඒ කට්ට කාගෙන ඉන්න එකත් මාරම ෆන්.අන්තිමට අපිට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නෙත් ඒ ටික විතරයි.
"වෙල්කම්" එකෙන් පස්සෙ හොස්ටල් එක අපිට ලියල දීල වගේ.ඉන්ජොද,ආටොද, ඇග්‍රොද කියල නෑ...අහුවෙච්ච කාමරේක නිදා ගත්ත.හොස්ටල් ඉන්න එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ විදියට මුළු කැම්පස් එකේම එවුන් අඳුන ගන්න ලැබෙන එකයි.අනිත් අයට ඒකට ලැබෙන අවස්ථාව අඩුයි.
       විභාග තියෙන දවස් හොස්ටල් සෙට් එකම එකට එකතු වෙනව.බැරි එවුන්ට පුළුවන් එවුන් කියල දෙනව.කවුරු හරි එකෙක්ගෙ නැට්ට කැඩීගෙන එනව නම් තුන් හතර දෙනෙක් සෙට් වෙනව.සෙට් වෙලා මොන ගේමක් ගහල හරි අරූව තව පැයක් දෙකක් තියා ගනන්ව.ඌව නැගිට්ටවල තියා ගන්න මරු මරු වැඩ තමයි කරන්නේ.එක්කො වතුර  නාවනව.නැත්තම් කන් දෙකෙන් දුම් දානකම් දෙපැත්තට අඳිනව.ඒත් බැරි නම් හරහට දාල අත පය,පු%# හපාගෙන හපාගෙන යනව.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
   අපේ සෙට් එකෙන් වැඩියෙන්ම ඒ විදියට දත් පාරවල් කාල තියෙන්නේ "පිසාචය" කියල කියන්නෙ මාරම ආඩම්බරයකින් ඔන්න.හික්ස්ස්.....
  හොස්ටල් නොඉඳ වෙන කොහේ  හරි ඉඳිය නම් මට හිතාගන්න බෑ ඇකඩමික් වැඩ කරගන්නේ කොහොමද කියලවත්.මගෙ කඩ්ඩ එච්චර පොලිශ් වෙලත් නැති එකේ අනේ මන්ද.....ඒ අතින් නම් අපේ කොල්ලො ටික මට හෙන හයියක්.

ෆැකල්ටියෙ මොකක් හරි වැඩක් යෙදුණොත් ඒක මුලින්ම කියන්නෙත් අපිට.ඒකට බැහැල වැඩ කරන්නෙත් අපි ටික.පුළුවන් තරම් කට්ට කාලා අන්තිමට එක එක කතා අහගන්නෙත් අපි ටික.ඒත් කමක් නෑ,ෆැකල්ටියෙ නම තියෙන තැනට අපි වැඩ කලා කියල සතුටු වෙන්න පුළුවන්නෙ.

කෙල්ලොන්ගෙ හොස්ටල් වගේ නෙමෙයි,අපේ ඒවට ඕන වෙලාවක එන්න පුළුවන් ඕන වෙලාවක යන්න පුළුවන්,ඕන කෙනෙක්ට එන්න පුළුවන්.කෙල්ලොන්ගෙ එහෙම නෑ.සිකියුරිටිල දාල ඉන්නෙ.අනිත් එක එලියට ගියපු අය එන්නෙ 8.30ට පස්සෙ නම් යනකොට ලේට් පාස් දන්න ඕන.නැත්තම් හෙන අවුල්.අපිට මොන ලේට් පාස්ද.සබ්වෝඩ්න්(සබා) දන්නෙත් නැතුව ඇති මෙහෙම එකෙක් මේක ඇතුලෙ ඉන්නවය කියල.

ඔන්න එකපාරටම හිතෙනව රවුමක් දාල එන්න ඕනය කියල.ඇඳගෙන ඉන්න ෂෝටට උඩින් දිගක් දාගන්නව සෙට් එකම එලියට බහිනව.කැම්පස් එක ඇතුලෙ ෂෝටක්වත් සරමක්වත් අඳින්න බෑ,දිග කලිසම් විතරයි.
ඉතින් එහෙම බැහැල හිතිච්ච පැත්තකට යනව.එක්කො ගම්පොල පාරේ උඩහට යනව.නැත්තම් ආපහු පේරාදෙණිය පැත්තට ගිහිල්ල මුස්ලිම් කඩේකින් කොත්තුවක් හරි රයිස් එකක් හරි දා ගන්නව.
  අක්බාර් පාලම රෑට හරිම ලස්සනයි.විශේෂයෙන්ම පෝය දවස් වලට.වැඩියෙන්ම ලස්සන පෝයට කලින් දවසෙ රෑ.පුරුද්දක් විදියට එතන්ට ගිහිල්ල පාලම් බැම්මෙ වාඩි වෙලා ඔහේ කයියක් ගහන් ඉන්න එක තරම් ජොලියක් තව කොහෙද.
 
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න......//

ආයිත් අහල .පට්ටම ලස්සනයි.එක පැත්තකින් හන්තාන කඳු ටික.අනිත් පැත්තෙන් හොල්මන් වගේ හිටගෙන ඉන්න අමුතු අමුතු හැඩේ ගස්.පල්ලෙහායින් සද්ද නැතුව ගලන මහවැලිය.පිස්සු හැදෙනව.

ඔන්න ඔය විදියට කැම්පස් ජීවිතෙ ගෙවෙනව.මොන පිස්සුව නැටුවත් කැම්පස් ආවෙ මොකටද කියල අමතක කරලත් නෑ.ඒ වැඩත් කම්මැලි නොවී කරනව.මගේ හීන වගේම අම්ම තාත්තගෙන් හීනත් තියෙනව.ඒව ඉටු කරන්න ඕන.

එහෙනම් ඉක්මනින්ම නැවත හමු වෙමු....!!!!

23 comments:

  1. මමත් දැන් ඉතින් ඉන්නේ ඔය කිට්ටුව තමයි. සමහරවිට පහුගිය දවස දෙකේ උඹව මට හම්බවෙලත් ඇති.

    ReplyDelete
  2. වෙන්න පුළුවන්....අඳුන ගන්න විදියක් තියෙන් නැතුව ඇති...

    ReplyDelete
  3. Replies
    1. ඔව්..මාකස් එක.මාකස්,අක්බාර්,ජේපි..ඔය තුනේම මම ඉන්නව...

      Delete
  4. මට නම් හෑබෑකරගන්න බැරි උනු එක හීනයක් තමා . . හ්හ්ම්ම් .. . සන්තෝසයි උඹ ගැන . . හොඳින් ඉගෙන ගනින් මලේ . ..

    ReplyDelete
  5. දුකා අයියා කිවුවත් වගේ සරසවිය මගෙත් සෑබෑ නොවුන හීනයක් තමයි.. උඹට ජය මල්ලියේ.. මොනා කලත් හොදට ඉගෙන ගනින්..

    ReplyDelete
    Replies
    1. දුකා අයියටයි දිනේශ් අයියටයි බොහොම ස්තූතියි.....

      Delete
  6. යාලුවො නැතුව කුප්පි නැතුව ගොඩ ගිය එකම විභාගයක් වත් නෑ

    ReplyDelete
  7. බ්ලොග් අවකාශයේ මම දන්නා එකම යකයි ඉන්නේ, ඒ තමයි සාතන්.
    මේ යකා කවුද කියලා බලන්නයි ආවේ ඔන්න :)
    කැම්පස් අත්දැකීම් නම් මට නැහැ. එත් ඒ අත්දැකීම් කවුරුහරි කියද්දී රසවිදින්න නම් පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට බොහොම ස්තූතියි....යකෙකෙක් කිව්වට යකෙක්ම නෙවෙයි..පොඩි පිසාච පැටියෙක්....

      Delete
    2. හොද පැටිය . . .

      Delete
  8. හන්තානේ හාවුන් අල්ලන්න ගිය එවුව ලියන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු...හික්ස්...

      Delete
  9. හන්තාන කන්දත් නඟින්න ඉක්මනටම....හැබැයි තනියම.......

    ReplyDelete
    Replies
    1. බැච් හයික් එක නම් අපි ගියා.ආයි පාරක් යන්න ඉන්නෙ...

      Delete
  10. හොස්ටල් ආතල් බැරිනං ඕනෙ මගුලක් . . 22 වරෙං වරද්දන්නෙ නැතුව

    ReplyDelete
  11. හොස්ටල් තරං ආතල් එකක් කැම්පස් එකේ නෑ.

    ReplyDelete
  12. Xander සහ පිසාචයා එකට මුණගස්සන්න නම් උඹලා දෙන්නාම දකුණු අතට බැන්ඩේජ් එකක් ඔතාගෙන ලෙක්චර්ස් වලට ගියානම් හරි මේ සිකුරාදට.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේ 22 සෙට් වෙයි මම හිතන්නේ. මමත් 22 එන්න නේ ඉන්නේ,.. මං කැම්පස් ගියොත් ඉතින් මොකෙන් මොකක් වෙයිද දන්නේ නෑ.. හික්..

      Delete
  13. ගෙදර ඉදන් කැම්පස් යන අපට මොන හොස්ටල් ද බං.. එව්වයින් වැඩක් නෑ.. මාත් වෙලාවක එනවා හොස්ටල් එකේ ඉඳලා පොඩි ෆන් එකක් අරන් යන්න.. සබා ශේප් කරන හිටපන්!!

    ReplyDelete
  14. Machanla sirawatama hilda ekei nadan ekei sangamiththa ekei holmsn innawa kiyala man ahala thiyenawa eka aththakda machanla

    ReplyDelete